සිංහල චිත්‍රපටි ගීත

Saturday, January 12, 2019

අකුරට යනවයි කියලා


අකුරට යනවයි කියලා ටිකිරි අයිය බැදිවලමයි
ඉන්නකො මම ගුරු ගෙදරට ගිහින් කියන්නම්
ගිහින් කියල මේ බැද්දෙදි අල්ලල දෙන්නම්

පඳුරු අස්සෙ කුරුල්ලන්ට ඔමරි කරනවා විතරයි
සිලිඳු ඉතින් දර කැඩුවද මමත් කියන්නම්
ගිහින් කියල පොඩි නැන්දට අල්ලල දෙන්නම්

ඉදුනු කරඹ ගොඩාරයක් මගේ ඔඩොක්කුවෙ තියෙනව
ටිකිරි අයියටත් දෝතක් පුරවල දෙන්නම්
පුරවල දී තව මදි නම් හිඹටුත් දෙන්නම්

සිළිඳුට සීපද කියන්න කුරුල්ලන්ට මල තියන්න
ලොකු වුනාම මේ බැද්දෙම හේන් කොටන්නම්
හේන් කොටල අපි දෙන්නට පැලක් හදන්නම්

මාළු ඇඹුල්තියල් කරලා පොල් සම්බල් රසට හදල
ඇල් හාලේ බතුත් එක්ක අනල කවන්නම්
කවන ගමන් මමත් කවන තරමක් කන්නම්

හැන්දෑවට කහ සුදු රතු හෙන්දිරික්ක මල් පිපුනම
ගේ ළඟ ගල්පොත්තක් උඩ වාඩි කරන්නම්
වාඩි කරල ළඟින් ඉඳන් මලක් සිඹින්නම්

ගමේ ළමිස්සියන් එක්ක වෙලට ගොහින් පන් උගුලල
රටා පුරල මෝවිට තියා පැදුරු වියන්නම්
පැදුරු වියල ඒකෙ ඉඳන් පංචි දමන්නම්

කළුවර ඇති වැහි දවසක මහ රෑ ඔබ ළඟින් ඉඳන්
පල් හොරු ගැන හොල්මන් ගැන කතා කියන්නම්
කතා කියල බය ඇරෙන්න විහිළු කරන්නම්

ගායනය - එස්. කරුණාදාස පෙරේරා සමග කමලානි පෙරේරා
පද රචනය - ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ
තනුව - අඥාතයි

3 comments:

  1. Perani geetha harima watinawa

    ReplyDelete
  2. මෙහි තනුව සුනිල් ශාන්තයන් ගේ බවට දැන ගන්නට ලැබුනා.

    ReplyDelete
    Replies
    1. බුද්ධික සේනාධිපති මහතා,
      ස්තුතියි උනන්දුවට. කරුණාකර තොරතුර සනාත කරන මූලාශ්‍රය සඳහන් කරන්න. එවැනි සාක්ෂ්‍යයක් මත පමණයි මම ගීයකට තොරතුරු ඇතුළත් කරන්නේ. ස්තුතියි.

      Delete