Wednesday, October 28, 2026

"ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීත



"ගැහැනු ගැට" සිංහල සිනමා වංශකථාවේ 63 වැනි චිත්‍රපටියයි.

මෙහි කතා පිටපත සිසිර කුමාර මානික්කආරච්චි විසින් රචනා වූයේ "මනමගන් තේවෛයි" නම් 1957 දී තිරගතවූ දමිළ චිත්‍රපටිය ඇසුරු කරගෙන.

එම දමිළ චිත්‍රපටියට හා "අල්බේලා" යන හින්දි චිත්‍රපටියටත්, Varudu Kaavaali  නම් තෙළුගු චිත්‍රපටියටත් කතාව ගොඩනගා ගන්න පාදක කර ගෙන තිබෙන්නෙ "ද ෆැබියුලස් සෙනෝරීටා" (The Fabulous Senorita) නම් 1952 දී තිරගතවූ ඉංග්‍රීසි චිත්‍රපටියයි.


"⁣ගැහැනු ගැට" චිත්‍රපටියේ අධ්‍යක්ෂක වූයේ ලංකාවේ පළමු කතානාද චිත්‍රපටිය අධ්‍යක්ෂණය කළ ජ්‍යෝතිශ් සිං.

ඔහු තවත් චිත්‍රපටි කීපයක්ම අධ්‍යක්ෂණය කළා. ඒ හැම එකක්ම ඉන්දියාවේදීයි සිදුවුණේ. "ගැහැනු ගැට" කළේ ලංකාවට පැමිණ "සිලෝන් ස්ටුඩියෝ" චිත්‍රාගාරයේ දී. නිෂ්පාදනය කළේ "සිලෝන් තියටර්ස්".


නිෂ්පාදන තොරතුරු මේ පලකිරීමේ අග ඉදිරිපත් කරන වීඩියෝවක අන්තර්ගත නිසා මා ඔබ වෙත ඉදිරිපත් කරන්නෙ මේ චිත්‍රපටියේ ඇතුළත්වූ ගී ගොන්නයි.

ගීත දහයකින් අටක් පමණයි ඉදිරිපත් කළ හැක්කේ. ඒ එම ගීත දෙකේ සංරක්ෂිත ශ්‍රව්‍ය ගොනුවක් (Audio File) හමු නොවන බැවින්.


ඉදිරිපත් කර ඇති ගී සියල්ලේම ඒ ඒ ගීයේ කේවල පලකිරීමක් "ගී අරණ" අඩවියේ ඇතුළත්. ගීයේ නාමය (Title) මත ක්ලික් කිරීමෙන් වඩාත් විස්තර සහිතව ඇති එම ගීය වෙත යොමු විය හැකියි.


සියලුම ගී ප්‍රබන්ධ කළේ සිසිර කුමාර මානික්කආරච්චි.


1. කපුටු කාක් කාක් කාක්


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ මල්ලිකා ද සිල්වා

සංගීතය - ආර්. මුත්තුසාමි


මේ ගීයේ ශ්‍රව්‍ය ගබඩා කිරීමක් හමු නොවේ.


2. නයනහාරී පෙම් කුමාරී


ගායනය - මොහිදීන් බෙග්

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න





ගායනය - එච්. ආර්. ජෝතිපාල සමග ඇන්ජලින් ගුණතිලක
පද - සිසිරකුමාර මානික්කාරච්චි
තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - සිසිර කුමාර මානික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවේ ගීය මෙලෙසින් ස්ථාපිතයි. 



ගායනය - මොහිදීන් බෙග්

පද - සිසිර කුමාර මානික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




6. මල් සුවඳේ

ගායනය - ඇන්ජලින් ගුණතිලක
(එවකට ඇන්ජලින් ද ලැනරෝල්)

මේ ගීයේ සංරක්ෂිත හඬ ගොනුවක් හමු නොවේ.


සිසිර සේනාරත්න සමග ජී.එස්.බී.රාණි පෙරේරා

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න




"ජීඑස්බී රසික මුළුව" මුහුණු පොත සමූහයේ මේ ගීය මෙලෙසින් ස්ථාපිතයි.



8. පෙම් විමානෙ වාසනා

ගායනය - නිර්මලා* සමග හෙන්රි පෙරේරා
පද - සිසිර කුමාර මානික්කආරච්චි
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටිය - ගැහැණු ගැට (1959)

1958 දී තිරගතවූ "මධුමතී" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ, Dil Tadap Tadap Ke යන ගීයේ අනුකරණයකි.



"මධුමතී" හින්දි චිත්‍රපටියේ ගීය

Singers - Lata Mangeshkar & Mukesh (Chand Mathur Mukesh)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Music - Salil Chowdhury
Movie - Madhumati
Starring - Dilip Kumar, Vyjayanthimala, Johnny Walker, Pran




ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්

පද රචනය - සිසිර කුමා

ර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි





ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි




"ගැහැනු ගැට" චිත්‍රපටියේ නිෂ්පාදන තොරතුරු ඇතුළත් වීඩියෝව ඉදිරිපත් කරන්නේ, "සරසවිය" කලා පුවත්පතේ හිටපු ප්‍රධාන කතෘ අරුණ ගුණරත්න මහතා.

Tuesday, October 27, 2026

සිකුරා හිනාවුණා

සිකුරා හිනාවුණා 

මගේ දිහා බලා

අදින් හෙටින් වගේ

අදින් හෙටින් වගේ

හොඳක් යෙදේවී ...//

සිකුරා හිනාවුණා


දුසිම් ගණන් ඒවී 

මනාලයන් පේවී

පබාවතී වගේ මමත්

බඳින්න පොරකාවී ...//


මගුල් නැකැත් බලා සුදු සේල අන්දලා //

මනාලයාට මාව දෙයි කසාද බන්දලා


සිකුරා හිනාවුණා


කටුයි මසුයි වාගේ

බතුයි හොදියි වාගේ

එදා හිටන් ඔයයි මමයි 

වසන්නෙ පණ වාගේ ල....//


ගමේ ළමිස්සියන් මට ඉරිසියා කරයි //

කුරුල්ලෙකුයි කිරිල්ලියයි

වගේ තමයි අපි


සිකුරා හිනාවුණා 

මගේ දිහා බලා

අදින් හෙටින් වගේ

අදින් හෙටින් වගේ

හොඳක් යෙදේවී ...//

සිකුරා හිනාවුණා


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීයකි.


විනෝද චිත්තේ

විනෝද චිත්තේ

හොඳ මල් ඵල ගත්තේ

සිකුරා නැටුවා අල්ලේ

ඕ.. ඉතාම ළං වේ මංගල යෝගේ

ගැහැනියගේ පින කුණු මුල්ලේ


අද හෙට වාගේ මඟුලක් අහලා

මනාලයෙක් අද ඒවී

වේල් පළන්දා කණකර අන්දා

කසාද බන්දා දේවී

හොයි හොයි හොයි

කසාද බන්දා දේවී


මල් වෙඩි ගහලා අෂ්ඨක කියලා

රන් මාලය කර ලාවී

මගෙ සූකිරි කඳ මාවත් කැන්දන්

හඳටම හනිමූන් යාවී

හොයි හොයි හොයි

හඳටම හනිමූන් යාවී


මනාලයා මේ ළඟම සිටින්නේ

හෝ.....


මනාලයා මේ ළඟම සිටින්නේ

අද හෙට බඳිමු කසාදේ

පෝයට දෙන්නා කොළඹ ගිහිල්ලා

ට්‍රොලියේ යමු සීදේවී

දන්සැල් වැඳලා කටුගේ බලලා

එමුකො පණේ රෑ බෝවී


මනාලයාගේ හැටි බලපල්ලා

වඳුරෙකු වාගේ හැටි බලපල්ලා

පිටිසරයා බයගුල්ලා

කලිසම් අඳිනා මහත්තයෙක්මයි

මගෙ අත ගන්නේ අල්ලා

හොයි හොයි හොයි

මගෙ අත ගන්නේ අල්ලා


බැළලිට බළලයි මීහරකා නැත

කවදාවත් හරියන්නේ

නුපුරුදු දීගේ කන්න ගිහිල්ලා

ඔබමය ඉන් රැවටෙන්නේ ...//


ඒක සැබෑවයි ඔව් ඇන්නෑවේ (අයියෝ..

ඒක සැබෑවයි ඔව් ඇන්නෑවේ

කලිසම මොටද සොයන්නේ


ලබන දුරුත්තේ නැකත් බලාගෙන

කසාද බඳිමුකො දෙන්නා

හොයි හොයි හොයි

කසාද බඳිමුකො දෙන්නා


සීතල මාසෙට නැකත් බලාගෙන

මගුලක් කා නව පන්නේ

සූකිරි කන්දයි මී පැණි ගඟකුයි

හඳටය හනිමූන් යන්නේ


හඳටය හනිමූන් යන්නේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සමග මොහිදීන් බෙග්

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

සංගීතය - ආර්. මුත්තුසාමි


1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීයකි.


Monday, October 26, 2026

රන් වලා තොටිල්ලේ

රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ..

රන් වලා තොටිල්ලේ


⁣හෝ .... ඔඕ... ඔඕ... ඕඔ ඕඔ ඕ...

රන් වලා තොටිල්ලේ


සූර්යයා.... 

සූර්යයා එබී බලන්නා

කේතකී විමානේ 

කුරුලු හඬ පැතිරේ.... 

විල් තෙරේ....

උතුරා ආදරේ...  (හෝ .. ඔඕ... ඔඕ...

රන් වලා තොටිල්ලේ....


රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ..

රන් වලා තොටිල්ලේ


ප්‍රේම සාගරයෙන් නැඟෙන්නා

ආදරේ රැලි මාලා

ඉන් නැඟෙයි සංගීත රාවේ


ඉන් නැඟෙයි සංගීත රාවේ

ඒ අපේ ආලයේ

මිහිර වේ...


ඒ අපේ ආලයේ

මිහිර වේ...


රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ

රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ... ඔඕ... ඕඔ ඕඔ ඕ...

රන් වලා තොටිල්ලේ


අමරණීයයි අති උදාරයි

පරම සුන්දර ප්‍රේමේ...

ඒ අපේ ජීවාභිෂේකේ...


ඒ අපේ ජීවාභිෂේකේ

නැළවෙමූ පෙම් ලොවේ

මල් වගේ... 


නැළවෙමූ පෙම් ලොවේ

මල් වගේ...


රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ

රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ... ඔඕ... ඕඔ ඕඔ ඕ...

රන් වලා තොටිල්ලේ

⁣හෝ .... ඔඕ

රන් වලා තොටිල්ලේ


සිසිර සේනාරත්න සමග ජී.එස්.බී.රාණි පෙරේරා

පද රචනය - සිසිර කුමාර මාණික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීයකි.




"ජීඑස්බී රසික මුළුව" මුහුණු ඉපොත සමූහයේ මේ ගීය මෙලෙසින් ස්ථාපිතයි.






පායා නිලම්බරේ

පායා නිලම්බරේ... තරින්දා..

පායා නිලම්බරේ ....


පායා නිලම්බරේ තරින්දා

පායා නිලම්බරේ තරින්දා

පායා නිලම්බරේ 


කාන්තී සාගරේ ... (ඒ...

කාන්තී සාගරේ ... (ඒ...

ආවා පොළෝ තලේ ... (ඒ...

පායා නිලම්බරේ තරින්දා

පායා නිලම්බරේ


කුමුදු කුමාරී සුවඳ විදාලා

චන්ද්‍රා කාන්තී රශ්මි උරාලා

චන්ද්‍ර කාන්තී

චන්ද්‍රා කාන්තී රශ්මි උරාලා

මත්වී වැනේ ජලේ පායා

මත්වී වැනේ ජලේ පායා


එළඹ වසන්තේ ලොවම සිනාවෙන්

ලොවම සිනසෛ් කලා ප්‍රබෝධෙන්

ලොවම සිනසෛ් කලා ප්‍රබෝධෙන්

සන්ධ්‍යා සිරී පපා


පායා නිලම්බරේ තරින්දා

පායා නිලම්බරේ 


ගායනය - මොහිදීන් බෙග්

පද - සිසිර කුමාර මානික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීයකි.


Sunday, October 25, 2026

අමරණීය ගීතේ සිත ප්‍රබෝධ වේ

අමරණීය ගීතේ සිත ප්‍රබෝධ වේ 

සංගීතේ ප්‍රේමේ ආහාරේ


හෝ...

අමරණීය ගීතේ සිත ප්‍රබෝධ වේ 

සංගීතේ ප්‍රේමේ ආහාරේ ...//


හෝ...

අමරණීය ගීතේ සිත ප්‍රබෝධ වේ 

සංගීතේ ප්‍රේමේ ආහාරේ


තරුණියන්ගෙ ආලේ 

පිපෙන රෝස මල් වගේ 

ලලල ලලල ලලල ලා


තරුණියන්ගෙ ආලේ 

පිපෙන රෝස මල් වගේ

මිහිර විඳිති තරුණ බඹරු

මත්වෙලා කුසුම් රසේ 


මිහිර විඳිති තරුණ බඹරු (හෝ...

මත්වෙලා කුසුම් රසේ (හෝ


තරුණියන්ගෙ ආලේ 

පිපෙන රෝස මල් වගේ 

ලලල ලලල ලලල ලා


තරුණියන්ගෙ ආලේ 

පිපෙන රෝස මල් වගේ

මිහිර විඳිති තරුණ බඹරු

මත්වෙලා කුසුම් රසේ 


මිහිර විඳිති තරුණ බඹරු (හෝ...

මත්වෙලා කුසුම් රසේ (හෝ


නයනා ගී රාවේ අඹරේ පාවේ 

නයනා ගී රාවේ අඹරේ පාවේ


නයනා ගී රාවේ අඹරේ පාවේ 

නයනා ගී රාවේ අඹරේ පාවේ

ඒ තමා විනෝදේ තරුණ ජීවිතේ


නයනා ගී රාවේ අඹරේ පාවේ 

නයනා ගී රාවේ අඹරේ පාවේ


අමරණීය ගීතේ සිත ප්‍රබෝධ වේ 

සංගීතේ ප්‍රේමේ ආහාරේ


හෝ...

අමරණීය ගීතේ සිත ප්‍රබෝධ වේ 

සංගීතේ ප්‍රේමේ ආහාරේ ...////


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා සහ පිරිස

පද - සිසිර කුමාර මානික්කආරච්චි

තනුව - ෂෙල්ටන් ප්‍රේමරත්න


1959 දී තිරගතවූ "ගැහැනු ගැට" චිත්‍රපටියේ ගීයකි.




"ගී අරණ ගී මී" යූ ටියුබ් නාලිකාවේ ගීය මෙලෙසින් ස්ථාපිතයි.


Saturday, October 24, 2026

පෙම් විමානෙ වාසනා ප්‍රදීපෙ

පෙම් විමානෙ වාසනා ප්‍රදීපෙ දැල්වුණා
ගෙනාවා ප්‍රීති වාසනා
ඔබයි මගේ සුරංගනා  ....//

පුන් සඳයි සමන් වැලයි වගේ වෙසක් රැයේ
ආදරේ අමා ජලේ හි පීනමූ ප්‍රියේ ...//
උදාර ප්‍රේමයේ බලේ
බැබලේවා සදා කලේ

පෙම් විමානෙ වාසනා ප්‍රදීපෙ දැල්වුණා (ආ... අඅඅඅ ආ...
ගෙනාවා ප්‍රීති වාසනා (අඅඅඅ ආ...
ඔබයි මගේ සුරංගනා (අආ... අආ... ආ...

වාසනාවෙ දැන් ඔටුන්න ඔබ තමයි සුදා
මගේ අනංග රාජයා
අනාගතේ අපේ හොඳා ...//

මල් පිපේවි ආදරෙන් බලන්න පුන් සඳේ
පෙම් කුමාරයාගෙ රූපෙ මා ළයේ ඇඳේ ...//
ගලේ කෙටූ රුවක් වගේ
ගලේ කෙටූ රුවක් වගේ

පෙම් විමානෙ වාසනා ප්‍රදීපෙ දැල්වුණා (ආ... අඅඅඅ ආ...
ගෙනාවා ප්‍රීති වාසනා (අඅඅඅ ආ...
ඔබයි මගේ සුරංගනා (අආ... අආ... ආ...

වාසනාවෙ දැන් ඔටුන්න ඔබ තමයි සුදා
මගේ අනංග රාජයා
අනාගතේ අපේ හොඳා

සුන්දරයි මනෝහරයි සුබයි අනාගතේ
වාසනාව දේ අපේ විවාහ ජීවිතේ

සුන්දරයි මනෝහරයි සුබයි අනාගතේ
වාසනාව දේ අපේ විවාහ ජීවිතේ

අපේ විවාහ ජීවිතේ
අපේ විවාහ ජීවිතේ

පෙම් විමානෙ වාසනා ප්‍රදීපෙ දැල්වුණා
ගෙනාවා ප්‍රීති වාසනා
ඔබයි මගේ සුරංගනා

වාසනාවෙ දැන් ඔටුන්න ඔබ තමයි සුදා
මගේ අනංග රාජයා
අනාගතේ අපේ හොඳා

ගායනය - නිර්මලා* සමග හෙන්රි පෙරේරා
පද - සිසිර කුමාර මානික්කආරච්චි
සංගීතය - ආර්. මුත්තුසාමි
චිත්‍රපටිය - ගැහැණු ගැට (1959)

1958 දී තිරගතවූ "මධුමතී" හින්දි චිත්‍රපටියට, ලතා මංගෙස්කාර් සමග මුකේෂ් ගායනා කළ, Dil Tadap Tadap Ke යන ගීයේ අනුකරණයකි.



"මධුමතී" හින්දි චිත්‍රපටියේ ගීය

दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा
दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा

तू नहीं तोह यह बहार क्या बहार है
गुल नहीं खिले के तेरा इंतजार है
तू नहीं तोह यह बहार क्या बहार है
गुल नहीं खिले के तेरा इंतजार है
के तेरा इंतजार है
के तेरा इंतजार है
दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा

दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै
दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै

तुम से मेरी जिंदगी का यह सिंगर है
जी रही हूँ मई के मुझको तुमसे प्यार है
तुम से मेरी जिंदगी का यह सिंगर है
जी रही हूँ मई के मुझको तुमसे प्यार है
के मुझको तुमसे प्यार है
के मुझको तुमसे प्यार है

दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा
दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै

मुस्कुराते प्यार का असर है हर कहीं
हम कहाँ हैं दिल किधर है कुछ खबर नहीं
मुस्कुराते प्यार का असर है हर कहीं
हम कहाँ हैं दिल किधर है कुछ खबर नहीं
किधर है कुछ खबर नहीं
किधर है कुछ खबर नहीं

दिल तड़प तड़प के कह रहा है आ भी जा
तू हमसे आँख न चुरा
दिल धड़क धड़क के दे रहा है यह सदा
तुम्हारी हो चुकी हू मै

Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja
Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja

Too nahee toh yeh bahar kya bahar hai
Gul nahee khile ke teraa intejar hai
Too nahee toh yeh bahar kya bahar hai
Gul nahee khile ke teraa intejar hai
Ke teraa intejar hai
Ke teraa intejar hai
Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja

Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada
Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada

Tum se meree jindagi ka yeh singar hai
Jee rahee hu mai ke mujhko tumse pyar hai
Tum se meree jindagi ka yeh singar hai
Jee rahee hu mai ke mujhko tumse pyar hai
Ke mujhko tumse pyar hai
Ke mujhko tumse pyar hai

Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja
Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada

Muskurate pyar ka asar hai har kahee
Ham kahan hain dil kidhar hai kuchh khabar nahee
Muskurate pyar ka asar hai har kahee
Ham kahan hain dil kidhar hai kuchh khabar nahee
Kidhar hai kuchh khabar nahee
Kidhar hai kuchh khabar nahee

Dil tadap tadap ke keh raha hai aa bhee ja
Too humse aankh na chura, tujhe kasam hai aa bhee ja
Dil dhadak dhadak ke de raha hai yeh sada
Tumharee ho chukee hu mai, tumhare pas hu sada

Singers - Lata Mangeshkar & Mukesh (Chand Mathur Mukesh)
Lyricist - Shailendra (Shankardas Kesarilal)
Music - Salil Chowdhury
Movie - Madhumati
Starring - Dilip Kumar, Vyjayanthimala, Johnny Walker, Pran



සිංහල ගීය ඉහත හින්දි ගීයේ අනුකරණයක් බව මා සඳහන් කළා.

එහෙත් මේ ගී තනුවේ උපත් කතාව වෙනමම එකක්. එය එන්නෙ හංගේරියානු ජන ගීයකින්.

එකී තොරතුරු මේ අඩවියේ වෙනත් තැනක ඇති "සිල්වියාද කවුද මන්ද" යන ගීය යටතේ ගොනු කර තිබෙනවා.
මෙතැනින් පිවිසෙන්න.