Saturday, October 17, 2026

ලොව මායමකී සිහිනයකී

කුරිරු ගොර සපුන්ගේ දළ'ගෙහි විසය

මදුරු මැසි කැලන්ගේ තුඩ'ගෙහි විසය

රුදුරු නුහුසුවන්ගේ වල'ගෙහි විසය

නපුරු දුදනන්ගේ සියොළඟෙහිම විසය


ලොව මායමකී සිහිනයකී (ඊ.. ඉඉඊ.. ඉඉඊ....

දුදනාහට මේ ජය බිමකී (ඊ.. ඉඉඊ.. ඉඉඊ...

මේ දෑස මට දැන් දුකකී (ඉඉ ඊ....


දෑස පෙනීලා පාර තිබීලා 

මා ගියෙ නොමඟෙයි අයියෝ ...//

සියලු සැපත දෙමිනා

නයෙකි සැදුවෙ නොදැනා 


ලොව මායමකී සිහිනයකී (ඊ.. ඉඉඊ.. ඉඉඊ....

දුදනාහට මේ ජය බිමකී (ඊ.. ඉඉඊ.. ඉඉඊ...

මේ දෑස මට දැන් දුකකී (ඉඉ ඊ....


පඬි බස නාසා ස්ත්‍රිය හින්දා 

මඟට මා වැටුණා  

කෲර ලෝකේ ඈ විස ගොඩකී 

වතුර සැළියෙ නටනා 

කකුළුවා සෙ තුටිනා 


ලොව මායමකී සිහිනයකී (ඊ.. ඉඉඊ.. ඉඉඊ....

දුදනාහට මේ ජය බිමකී (ඊ.. ඉඉඊ.. ඉඉඊ...

මේ දෑස මට දැන් දුකකී (ඉඉ ඊ....


ගායනය - මොහිදින් බෙග්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


Friday, October 16, 2026

මල් පීදී ප්‍රේම වෘක්ෂයේ

ආ.. ආ.. ආආආ......

අඅ අඅ අඅ ආ... ආආ......

අඅ අඅ ආආආ....

අඅ අඅ ආ... ආඅ ආ....

ආ.. ආ.. ආ...


මල් පීදී ප්‍රේම වෘක්ෂයේ (ඒ......

විහිදේවී සුවඳ ප්‍රේමයේ


මගෙ ආලේ ස්ථීරයි ප්‍රියේ (ඒ......

සැනසෙන්න එන්න මා ළයේ


ආ...  අඅ අඅ ආ...

අඅ අඅ ආ... ආඅ ආ....


මාගේ නයනා 

වැනි වේ මා සුදා

ආ අඅ ආ... 

අඅ ආ... අඅ ආ... ආ.. ආආආ......


මාගේ නයනා 

වැනි වේ මා සුදා


ආආආ...... ආ.. ආ.. ආ...


මාගේ නයනා 

වැනි වේ මා සුදා


පණ මාගේ 

ඔබගේ වේ 

පියඹා ආවා


ප්‍රේමේ කැදලී සොයා (ආ....

ප්‍රේමේ කැදලී සොයා


මල් පීදී ප්‍රේම වෘක්ෂයේ (ඒ......

විහිදේවී සුවඳ ප්‍රේමයේ


සෝක බීත නෑ ඉතින්

ආආආ... ආආආ... ආආආ... ආ...

මා ඔබේය සහතිකෙන්

ආආආ... ආආආ... ආආආ... ආ...


සත්‍ය ප්‍රේමයේ බලෙන්

සීතා වාගේ රාමා ලැබුවා

මධුර ප්‍රේමේ දිණුවා


මල් පීදී ප්‍රේම වෘක්ෂයේ

විහිදේවී සුවඳ ප්‍රේමයේ (ආ... ආ....


මල් පීදී ප්‍රේම වෘක්ෂයේ

විහිදේවී සුවඳ ප්‍රේමයේ


ගායනය - ජානකී සමග මොහිදීන් බෙග්

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


Wednesday, October 14, 2026

පැදපල්ලා හිතට අරන්

ලල් ලල් ලල් ලා

රම් පම් පම් පා

හයි

ලල් ලල් ලල් ලා

රම් පම් පම් පා


ඕඕ ඕඔ ඕඔ ඕ ඕඔ ඕ ඕඕ

ඕඕ ඕඔ ඕඔ ඕ ඕඔ ඕ ඕඕ


ඕ ඕඔ ඕ ඕඔ ඕ ඕඔ ඕඔඕ...

ඕ ඕඔ ඕ ඕඔ ඕ ඕඔ ඕඔඕ...


පැදපල්ලා හිතට අරන් 

ඔරුව අපේ නිල් දියේ


පැදපල්ලා හිතට අරන් 

ඔරුව අපේ නිල් දියේ

ප්‍රීතියෙන තාලයට මේ මධුර ගී ගයා

ප්‍රීතියෙන තාලයට මේ මධුර ගී ගයා


පැදපල්ලා හිතට අරන් ඔරුව අපේ නිල් දියේ.... //


ආ.. අඅ අඅ ආඅආ...

අඅ අඅ ආඅ ආඅ ආඅආ... 


ඕලු නෙළා මාල ගොතා සීත ජලේ පාවෙලා

ඕලු නෙළා මාල ගොතා සීත ජලේ පාවෙලා


ආවා මේ තීව සොයා ගංගා ලාලනියේ

ආවා මේ තීව සොයා ගංගා ලාලනියේ


නීල වලා අහසේ පාට වුණා

නීල වලා අහසේ පාට වුණා


ඉක්මන් කර පැදපල්ලා

නැතිනම් රෑ වෙනවා


ඉක්මන් කර පැදපල්ලා

නැතිනම් රෑ වෙනවා


දුවන පනින මාලු රැලක් 

කෙකටිය මල් හෙල්ලුවා


දුවන පනින මාලු රැලක් 

කෙකටිය මල් හෙල්ලුවා


ඕ ඕඔ ඕ ඕඔ ඕ ඕඔ ඕඔඕ...

ඕ ඕඔ ඕ ඕඔ ඕ ඕඔ ඕඔඕ..


පැදපල්ලා හිතට අරන් 

ඔරුව අපේ නිල් දියේ


සීත සුළං ....

සීත සුළං වැදීලා ගීත රසේ ඇසීලා

කෝකිලයා නාද කරයි මීරි හඬක් මවාලා


සීත සුළං වැදීලා ගීත රසේ ඇසීලා

කෝකිලයා නාද කරයි මීරි හඬක් මවාලා


සීත සුළං වැදීලා ගීත රසේ ඇසීලා

කෝකිලයා නාද කරයි මීරි හඬක් මවාලා


පැදපල්ලා හිතට අරන් (ප්‍රීති ඝෝෂා...

ඔරුව අපේ නිල් දියේ (ප්‍රීති ඝෝෂා...


පැදපල්ලා හිතට අරන් (ප්‍රීති ඝෝෂා...

ඔරුව අපේ නිල් දියේ (ප්‍රීති ඝෝෂා...


පැදපල්ලා හිතට අරන් (ප්‍රීති ඝෝෂා...

ඔරුව අපේ නිල් දියේ (ප්‍රීති ඝෝෂා...


පැදපල්ලා හිතට අරන් (ප්‍රීති ඝෝෂා...

ඔරුව අපේ නිල් දියේ (ප්‍රීති ඝෝෂා...


(ප්‍රීති ඝෝෂා...


ගායනය - ඩොමී ජයවර්ධන, මෝහන් කුමාරි සහ පිරිස

[කාන්තා පිරිස, පුරුෂ පිරිස, සැවොම]

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


Tuesday, October 13, 2026

බිඳගෙන යමු එන බාධක

බිඳගෙන යමු එන බාධක කරදර 

සැනසුම එය වේ නෑ දිවියට බර 

වෙහෙසක් විය හැකි නම් මිනිසුන් වෙත 

පහසක් දෙන දේ ඉඳ දුර ඈතක 


අන්ධ නොවී ගොඩ එමු එක විලසට 

බැන්ඳ සෙනේ එය වේ 

අන්ධකාරයක මෙරු මෙන් දස අත 

යන්න නොදී බැඳගමු එක විලසට 


ඇති තැන ඇති වී නැති තැන නැති වී 

බැලු බැලු තැන වෙනසක් ඇත දිවයන 

උපදී මිය යන මිය ගොස් උපදින 

කෙළක් නොමැති සිතුවිලි ගොනු අතරේ 

අත් තටු ගිලිහී ඉගිලෙන්නට බැරි 

ප්‍රාර්ථනා සිඳ බිඳ දා ගිය මුත්

අඳෝනාව මැද සතුට ගලා එයි 

නිදි නැති ජීවය නුඹව බලනු ඇත


හූ ලල් ලල් ලලල් ලා

හූ... ලල් ලල් ලලල් ලා


හූ ලල් ලල් ලලල් ලා

හූ... ලල් ලල් ලලල් ලා


හූ ලල් ලල් ලලල් ලා

හූ... ලල් ලල් ලලල් ලා


හූ ලල් ලල් ලලල් ලා

හූ... ලල් ලල් ලලල් ලා.....


අන්ධ නොවී ගොඩ එමු එක විලසට 

බැන්ඳ සෙනේ එය වේ 

අන්ධකාරයක මෙරු මෙන් දස අත 

යන්න නොදී බැඳගමු එක විලසට


වැටි වැටි නැඟිටින බිළිදුන් සේ ලොව 

නැවතත් අපි නැගිටිමු ඒ විලසට 

සිහින ලොවේ දුටු දේ ලැබ ගන්නට 

දෙපා තබමු ඒ ලොව රැකගන්නට


අන්ධ නොවී ගොඩ එමු එක විලසට 

බැන්ඳ සෙනේ එය වේ 

අන්ධකාරයක මෙරු මෙන් දස අත 

යන්න නොදී බැඳගමු එක විලසට


ගායනය - සේනක බටගොඩ

පද - සේනක බටගොඩ

තනුව - සේනක බටගොඩ




ගීයේ වීඩියෝවක්

Monday, October 12, 2026

මලට ආ බඹරා

මලට ආ බඹරා

මල තලා නොහැරා

මධු රසේ උරලා

ගනිති ඌ නිතරා ....//


ප්‍රේම පුෂ්පය හද තුළ පිපුණා

මිහිරි ගී හඬ දස අත ඇසුණා ....//


කොමල නාරී රූපේ නිතිනා //

අනඟ සැර වැදිලා පිබිදුණා


මලට ආ බඹරා

මල තලා නොහැරා

මධු රසේ උරලා

ගනිති ඌ නිතරා


ආලෙ මීරියි මී පැණි සේමා

කවුද ආලෙට බිය වන්නේ

ආලෙ නැතිදා කුමටද මේ ලෝ

එනිස මා සැනසී සිටින්නේ


හෝ .. හොඕ ඔඕ....

ආඅඅආ... ආඅඅආ

ආ අඅආ අඅආ...

ලා ලාලා ලල් ලල් ලල් ලල් ලා..


මලට ආ බඹරා

මල තලා නොහැරා

මධු රසේ උරලා

ගනිති ඌ නිතරා


ගායනය - මෝහන් කුමාරි

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


ශ්‍රවණ ගුණය දුර්වලයි.


සිහින මවන්නැති අහස උසට

සිහින මවන්නැති අහස උසට තනියම

ළංවෙන්න වෙන්න ඇයි සමහර දුර

ඇහෙන දකින දේවල් කොතරම් තිබුණට

හදට දැනෙන දේවල් ඇයි එතරම් බර


සිරවෙලා නැවතිලා නැතිනම් 

සීමාවක

නිදහසේ ඉගිලිලා යමු 

එක රෑනක


හොහෝ හෝ.. හෝ හෝ හෝ...

හෝ හෝ හෝ


සෑම දෙයම නිමවිය හැක නිමේෂයක

එහෙම වුනෝතින් මොනව හිතන්නද

සිහින විමන් වල කවුළු පියන් හැරුණම

අනන්තයට යනවාමයි ඒ  මොහොතෙම


සිරවෙලා නැවතිලා නැතිනම් 

සීමාවක

නිදහසේ ඉගිලිලා යමු 

එක රෑනක


හොහෝ හෝ.. හෝ හෝ හෝ...

හෝ හෝ හෝ


සිරවෙලා නැවතිලා නැතිනම් 

සීමාවක

නිදහසේ ඉගිලිලා යමු 

එක රෑනක


හොහෝ හෝ.. හෝ හෝ හෝ...

හෝ හෝ හෝ


ගායනය - සේනක බටගොඩ

පද - සේනක බටගොඩ

තනුව - සේනක බටගොඩ




සම්පූර්ණ ගීයේ වීඩියෝවක් ....

Saturday, October 10, 2026

මගේ ජීවේ මෙමා සිතුවේ

මගේ ජීවේ 

මෙමා සිතුවේ 

සදාකාලේ මගේ කියලා ...//


විපාකේ හැටි අනේ දෙවියනේ //


ලොවම එකසේ අන්ධකාරයි

නිමක් නැති සේ දුකින් පිරිලා 

කොහේ යම්දෝ කා බලම්දෝ 

ඵලක් නැතිවේ ඉතින් හඬලා 


මගේ පණ සේ රැකපු මාගේ //

මැණික උදුරා මා පෙළාලා 


අහෝ කවුරුදෝ 

අරං ඒ ගියේ 

මගේ ළය පෙළාලා කඩා දාලා 


මගේ ජීවේ 

මෙමා සිතුවේ 

සදාකාලේ මගේ කියලා


බලා සිටි දේ විනාසයි වුණේ 

ඉතින්  ඇයි අනේ මගේ ජීවේ 

දුකින් මා මේ 

වෙළිලා මැරෙයි දැන් මා


ගායනය - ලතා වලපොල

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


ශ්‍රවණ ගුණය දුර්වලයි. හොඳ තත්වයේ ගීයක් හමුවන තෙක් මේ ඉදිරිපත් කර ඇති ගීයෙන් සැනසෙන්න.


මා හද දෙදරා

කාලය යනවා

සෝකය එනවා

මේ ඔබ සිහිකර 

මා ළතවෙනවා


ආ ආ ආ ආ ආ.....


මා හද දෙදරා 

යාවිය පැලිලා

සෝකය තව තව 

වැඩි වී එනවා ....//


කෝ ඔබ කොතැනද 

ඇයි මා තනිකර

බෑ තව ඉන්නට 

පියෙ ඔබ නැතුවා


මල් පෙති පරවී 

කොළ දළු මැලවී ....//

වියළුණු ගස මෙන් මා වැලපෙනවා


ඔබ වෙනුවෙන් මා 

මේ කඳුළැලි බී

ස්ථිර ප්‍රේමය නිතර රකිනවා


ආ අආ... ආ...


මා හද දෙදරා 

යාවිය පැලිලා

සෝකය තව තව 

වැඩි වී එනවා


ආලය දෙදෙනෙකු අතරේ පමණයි

එනිසා ඔබ මාගෙයි මා ඔබගෙයි


මා ඔබ එනතුරු දිව රෑ දෙකෙහී //

ප්‍රේමය සිහිකර ගිනි උහුලනවා //


ආ ආ ආ ආ ආ


මා හද දෙදරා 

යාවිය පැලිලා

සෝකය තව තව 

වැඩි වී එනවා

සෝකය තව තව 

වැඩි වී එනවා


ගායනය - ලතා වලපොල

පද - ඒ.ජේ. ද සොයිසා

සංගීතය - සී.එන්. පාණ්ඩුරංගන්


1959 දී තිරගතවූ "සිහිනය" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ දමිළ ගී තනුවකි.


චිත්‍රපටියේ වූ ගීතයේ ඇතුල් වූ දුඹුරු පැහැයෙන් පෙන්වා ඇති පද මේ ඉදිරිපත් කර ඇති පසු ගායනයේ නැති බව කරුණාවෙන් සලකන්න.


Thursday, October 8, 2026

අළු යට ගිනි
















පුපුරන්නට යන කන්දක් ළඟ

සුවසේ ඉන්නට බෑ 

අවදානම 

කොයි මොහොතෙද 


ජිවිතයම සීමා කොටු තුළ

සිරවී හිටියාද 

හිතෙනවා බැලූවම

පහු ගිය කාලය 


වෙනසක් විය යුතුමයි ජීවිතයට 

කවදද කොහොමද නොදනී හරියට 


අළු යට ගිනි 

වැනි සිතුවිලි 

අපිව වසා ගෙන 

කොහෙදෝ ඈතක යනවා ....


සීතල කඳු වැටියෙන් ඔබ්බේ

නිල්ල පිරුණු මිටියාවත 

තෝතැන්නකි 

හැම දේටම 


ජීවිතයට අගයක් වේ නම් 

සිතුවිලි වල සුවඳ දැනේ නම්

තව...

වෙන මොනවද 


වෙනසක් විය යුතුමයි ජීවිතයට 

කවදද කොහොමද නොදනී හරියට 

අළු යට ගිනි 

වැනි සිතුවිලි 

අපිව වසා ගෙන 

කොහෙදෝ ඈතක යනවා ...


අළු යට ගිනි .....

වැනි සිතුවිලි 

අපිව වසා ගෙන 

කොහෙදෝ ඈතක යනවා 

අළු යට ගිනි


ගායනය - සේනක බටගොඩ

තනුව - සේනක බටගොඩ

ගී පද - සේනක බටගොඩ




ගීයේ සජීවී ගායනයක්....