Showing posts with label එප්පල පියනන්ද හිමි. Show all posts
Showing posts with label එප්පල පියනන්ද හිමි. Show all posts

Friday, September 30, 2016

අඩවන් දෑසින් බලා හිඳින සඳ

අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා

බුදු බණ දෙසුවා දානෙට පිරිතට
යොදුන් ගණන් දෙපයින් වැඩියා
පන්සල් තැනුවා
ගෝලයො හැදුවා
පර හට තම දිවි කැප කෙරුවා

අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා

පාළුව රජයන විහාරයේ ඔබ
බුදු රුව අබියස තනිවීලා
ලොකු හාමුදුරුවො බවුන් වඩනවද
ලොව්තුරු නිවනේ සුව විඳලා

අඩවන් දෑසින් බලා හිඳින සඳ
පින් පිරි ඔබෙ මුව මැලවීලා
දෙපා වාරු නෑ
ගත සවි බල නෑ
ලොකු හාමුදුරුවො මහලු වෙලා

ගායනය - එඩ්වඩ් ජයකොඩි
පද - පූජ්‍ය එප්පල පියනන්ද හිමි
තනුව - නිමල් ගුණසේකර