Showing posts with label කුමාර කවිරාජ. Show all posts
Showing posts with label කුමාර කවිරාජ. Show all posts

Saturday, May 30, 2015

විකසිත හසරැළි

විකසිත හසරැළි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසසි
යාන්තමට වගෙ
හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම් ...//

ආල වදන් පිරි පෙම් පත් ලැබුණම
සෙනෙහස උතුරන හිත රිදවන්නට
පිළිතුරු නොලියා දින තුන හතරක් පමා කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

විකසිත හසරැළි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසසි
යාන්තමට වගෙ
හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

ගිවිසා ගත් සේ මං පැමිණෙන තුරු
නෙතු දල්වාගෙන බලාන ඉද්දී
ඔබ හමුවෙන්නට අඩ හෝරාවක් පමා වෙලා එන්නම්
හා හා තරහ වෙන්න තහනම්

විකසිත හසරැළි
මුකුලිත වෙනකොට
බලා ඉන්න ආසසි
යාන්තමට වගෙ
හිත රිදවෙන්නට විහිළු කරන්නම් මං
හා හා තරහ වෙන්න තහනම්

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුමාර කවිරාජ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ