හිමිදිරියේ මල් කැකුළු පිබිදෙන්න හිරු කොහේ
හඬලන්න සැවුලනට එළිය දුන් හිරු කොහේ
පහන් කණු බඳවලා කාසිබර පින්වතුන්
යෝධ එළි දල්වද්දි අප සොයන හිරු කොහේ
පියවි ලොව සැඟවිලා මෝහ තිමිරෙක ගැටී
ගුණ දහම වැළලිලා කාසි වගුරක ගිලී
ඒ ගණඳුරයි මෙලෙස එළියක්ව එන්නේ
ඒ එළියටයි අපේ ජීවිතය දෙන්නේ
දිනෙක එළිවෙන තුරා අඳුරටයි හිත ගියේ
අඳුර මියැදෙන තුරා එළියටයි ගැරහුවේ
ඒ ගණඳුරයි මෙලෙස එළියක්ව එන්නේ
ඒ එළියටයි අපේ ජීවිතය දෙන්නේ
ගායනය - සුනිල් එදිරිසිංහ
පද - චන්ද්‍රරත්න මාපිටිගම
තනුව හා සංගීතය - නෙල්සන් ධර්මසේන
1993 දී ස්වාධීන රූපවාහිනී සේවයෙන් විකාශය වූ
"එළිවෙන තුරු" ටෙලි නාට්‍යයේ තේමා ගීතයයි.
