Showing posts with label මහකනමුල්ලේ වජිර හිමි. Show all posts
Showing posts with label මහකනමුල්ලේ වජිර හිමි. Show all posts

Saturday, April 20, 2019

මලක් පිපුණා සේ

මලක් පිපුණා සේ
වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුණේ
වලාකුළක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැරගියේ

තාරුකා වලින් අසා ඔබ සොයන්නදෝ
සිවු දිශාන්තයේ මවා දුක කියන්නදෝ
මලක් පිපුණා සේ

මලක් පිපුණා සේ
වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුණේ
වලාකුළක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැරගියේ

සයුරු රළ වගේ ඔබ දකින්නදෝ
මිරිඟුවක් කියා සිත නිවන්නදෝ
මලක් පිපුණා සේ

මලක් පිපුණා සේ
වසත් කාලයේ
ඔබයි ඇවිත් හිනැහුණේ
වලාකුළක් සේ
පාවෙලා ඔහේ
නුඹ නොවේද හැරගියේ

ගායනය - සමන්ත පෙරේරා
පද - මහකණමුල්ලේ වජිර හිමි
තනුව - සමන්ත පෙරේරා

Sunday, December 8, 2013

පෙරුම් පුරාගෙන

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම් රිය මොහොතක් නතර වුනේ

මලක් වගේ රොන් සුවඳ වගේ
ජීවිතයේ සුව අපමණවේ ...//
දොලක් වගේ දිය දෝත වගේ
ජීවිතයේ අම සිසිල දැනේ

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම් රිය මොහොතක් නතර වුනේ

වරක් නෙතග කඳුළැලි පිරුනාදෝ
සිතට දරාගනු බැරි දුක් වීදෝ ...//
දිවිය මොන තරම් සුන්දරදෝ
දුකම කොයිතරම් සතුටක්දෝ

පෙරුම් පුරාගෙන ආ සංසාරේ
පැතුමද සුනුවිසුනුව වැටුනේ
කාටද රිදුනේ කවුරුද හැඬුවේ
දුම් රිය මොහොතක් නතර වුනේ

ගායනය - සේනානායක වේරලියද්ද
පද - මහකනමුල්ලේ වජිර හිමි
තනුව - සේනානායක වේරලියද්ද