Showing posts with label ආර්.බී. ජයසිංහ. Show all posts
Showing posts with label ආර්.බී. ජයසිංහ. Show all posts

Thursday, March 7, 2019

ජීවිතේ මගේ ඔයා කියලා

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා ...//

නීල දෑසෙ කෝළ බැලුම් පා සිනා සලා
යොවුන් කුමරි එවන් බසට නොවන් මං මුලා
ආදරේ කරන්න ශිල්ප සතර නිම කරන්
ජීවිතේට මිහිර ඉසුර ඔබට ළංකරන්
බාල කාලෙ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යළි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා

මිහිරි මී වගේ දැනේවි යොවුන් ආදරේ
යොවුන් සිතට මිහිර ගෙනේ එවන් ආදරේ
ආදරේක මිහිර ඔබේ හදට ළංකරන්
හිනාවෙන්න කුමරිය සිප් සතර නිමකරන්
බාල කාලේ අයේ එන්නේ නෑ
වැරදුනු තැන යලි හදන්න බෑ

ජීවිතේ මගේ ඔයා කියලා
සිඟාවී ඔබේ ආදරේ
ඔබේ රුවේ බැඳේ හදේ
කියා ලියා ඔබව පතාලා
කියා ලියා ඔබව පතාලා ///

ගායනය - ප්‍රියා සූරියසේන
පද - ආර්.බී. ජයසිංහ
තනුව - රංජිත් පෙරේරා