Showing posts with label වැලිකඩමුල්ලේ වික්‍රමසිංහ. Show all posts
Showing posts with label වැලිකඩමුල්ලේ වික්‍රමසිංහ. Show all posts

Tuesday, August 20, 2019

සුව සෙත සලසනු පිණිස දැයේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ ...//

රජ රට කටුසර වන්නිකරේ
මහවැලි දියවර ඇදෙනු පෙනේ

රජ රට කටුසර වන්නිකරේ
මහවැලි දියවර ඇදෙනු පෙනේ

මුඩු බිම් ජය බිම් වලට හැරේ
ආඩම්බර විය යුතුය දුවේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

කොත්මල ලුණුගම්වෙහෙර වගේ
ජලාශ තනවා සිහල බිමේ

කොත්මල ලුණුගම්වෙහෙර වගේ
ජලාශ තනවා සිහල බිමේ

ගොවියා සිහසුන තබන දිනේ
ඔබ ආඩම්බර වන්න පුතේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

ගායනය - නාලිනී රණසිංහ
පද -විලිකඩමුල්ලේ වික්‍රමසිංහ
තනුව - ටියුලින් ජයරත්න


Suwa Setha Salasanu Pinisa Deye - Nalini Ranasinha

Tuesday, August 13, 2019

විරූපි හදවත සුරූපි වන දා


විරූපි හදවත සුරූපි වන දා
තරංග වෙරළට යා වෙනවා
නොසිතූ පැතුමන් මල්බර වන දා
තරංග එලෙසම යා වෙනවා ...//

මීවිත ගෑවෙන
දෙතොලග නැළවෙන
මුකුළිත දැහැනට සමවැදිලා ....//
විකසිත දෑසින් භවුන් වඩනවද
එලෝ මෙලෝ අතරේ බැඳිලා

විරූපි හදවත සුරූපි වන දා
තරංග වෙරළට යා වෙනවා
නොසිතූ පැතුමන් මල්බර වන දා
තරංග එලෙසම යා වෙනවා

සවන් මඩුල්ලෙන් මිදී පලා ගොස්
ගුවන් තලාවේ විසිරෙණවා ...//
සුරූපි හදවත් විරූපි වූ දා
පැතුම් සඳැල්ලෙන් පැන යනවා

විරූපි හදවත සුරූපි වන දා
තරංග වෙරළට යා වෙනවා
නොසිතූ පැතුමන් මල්බර වන දා
තරංග එලෙසම යා වෙනවා

ගායනය - නාලිනී රණසිංහ
පද - වැලිකඩමුල්ලේ වික්‍රමසිංහ
තනුව - ටියුලින් ජයරත්න


Viroopi Hadawatha Suroopi Wana Da - Nalini Ranasinha