Showing posts with label නිර්මලා රණතුංග. Show all posts
Showing posts with label නිර්මලා රණතුංග. Show all posts

Monday, June 8, 2020

දොවන තරම් බුරුලු පුරා


දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

පුරු ඇඳගත් නළල වටේ පබළු වැල බැඳන්
කර ගැහිච්ච බෙල්ල වටේ ගෙජ්ජි වැල බැඳන්
උඹයි මමයි හාද වෙලා ගියපු සුබ ගමන්
හිතට එනව මසට නොදෙන් පතුළ ඉඹින්නම්

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම්

මං අඬද්දි බඩගින්නට උඹත් හැඬු හැඬුම්
අපෙ අම්මගෙ කන වැටිලා උඹට දුන් කිරෙන්
සංසාරෙන් එතෙර වෙලා උන්දැ ගිය ගමන්
උඹත් යමං පින් සිදුවෙයි මසට නොදෙන් මං

දොවන තරම් බුරුලු පුරා කිරි ගෙන දෙඤ්ඤං
කියන දුරක් බර පටවං කුර ගාටන්නම්
පරඬැල් කොළ උලා කකා බඩ පුරවඤ්ඤං
මසට නොදෙන්නට ඔය පිටි පතුළ ඉඹින්නම් //

ගායනය - නිර්මලා රණතුංග සමග සුනිල් එදිරිසිංහ
පද - ස්වර්ණ ශ්‍රී බණ්ඩාර
තනුව - එච්.එම්. ජයවර්ධන

Wednesday, July 10, 2019

තොරොම්බෝල් එල්ලාගෙන




තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

අහස පැලී කැඩී විසිර වැටෙයි මල්වෙඩී
ගිටාර් ජෑස් වියෝල හඬ මිතුරේ හිනැහේ
ලක් මවගේ හදවත ඉරිතලා වෙඩි වැදී
මිතුරෙ කෝල කවට සිනා කුමන ගිණිකෙළී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

බාල ළමා සුකොමල හැඳ පැළඳ රූසිරී
මල් උයනක පාට පාට සමනලුන් වැනී
කඳුළු මැදින් වියැකී යන ළමා රූසිරී
පල්ලියෙ පන්සල් දොර මාවතේ හිඳ යදී

තොරොම්බෝල් එල්ලාගෙන නුවර ප්‍රීති සාගරේක
නටමු ගාලු මුවදොර අපි වැල්ලෙ හැපීලා
මරණ හතක් ඇති මිනිහෙක් තනිවම කෑවලු මීයක්
රටම සුසානයක් වුණත් ඔහෙ නටපල්ලා

එන්ඩ කන්ඩ බොන්ඩ මිහිරි සාජ්ජෙකී මේ
ඉන්න ටිකේ නටා ගයා මළත් සැපතකී
හිඟා නොකා හිඟා කකා ගයන ගීයකී
භයින් සාගතේ සුපතල කේතුමතියකී

ගායනය - නිර්මලා රණතුංග
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - විජේරත්න රණතුංග

Saturday, December 29, 2018

මහා මෙරක් ලෙස



මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ ...//

මහා සයුර ලෙස මා හිතුවේ
පෙණ බුබුලක් සේ ඔබ දුටු දේ ...//
විසල් දෙරණ ලෙස මා දුටු දේ
පිණි කඳුළක් මෙනි ඔබ හිතුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ

සඳ මඬලක් සේ මා දුටු දේ
ගිණි පුපුරක් මෙනි ඔබ දුටුවේ ...//
ජීවිතයම ලෙස මා පැතු දේ
එක් මොහොතක් විය ඔබ හමුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ

මහා මෙරක් ලෙස ඔබ ගැන හිතුවෙමි
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ
වැලි කැටයක් ලෙස ඔබ මා ගැන හිතුවේ

ගායනය - නිර්මලා රණතුංග
පද - දයා ද අල්විස්
තනුව - වික්ටර් රත්නායක

Wednesday, September 28, 2016

මිටින් මුදා හැර බැලුවෙමි


මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//

සැඟෙව්වාට වලාකුළක් දුහුලින්
කලා සපිරි සඳ වැසුණාදෝ
හමා ගියද මාරුතයක්
සුළඟට තරු එළියත් නිවී යාවිදෝ

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී

ගරා වැටෙන මහ වැස්සට සේදී
මලෙක පැහැය දියව යාවිදෝ
සමුගන්නට සිදු වූවත්
අපට දැනුන සුවඳ මැකී යාවිදෝ

මිටින් මුදා හැර බැලුවෙමි
සත්තයි නුඹ නොගියා මවෙතින් ඉගිලී
සමුගෙන ගොස් යළි හැරුණෙමි
සත්තයි නුඹ ඇවිදින් සෙවණැල්ලක්වී ...//

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද - රත්මලේ බන්දුල ගුණවර්ධන
තනුව - විජේරත්න රණතුංග


Song - Mitin Muda Hera Baluwemi
Singers - Edward Jayakody & Nirmala Ranathunga
Lyricist - Rathmale Bandula Gunawardana
Composer - Wijerathna Ranathunga

Sunday, May 10, 2015

තිසර කැදැල්ලේ

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා

පෙරදා මහ රෑ
සයනේ තෙර ඔබ
උණුසුම මට දැණුනා
සවනේ නයනේ සීතල පවනේ
ඔබෙ හඬ මට ඇසුණා

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා

ගිවිසා ගෙන අපි වෙන්ව නොයන සේ
සඳ වත තරු ගණිමූ
වසන්ත සිහිනය කිරුළු දරණ දින
අපි අභිසෙස් ලබමු

තිසර කැදැල්ලේ නුරා ළදැල්ලේ
හිනැහෙමු අපි දෙන්නා
මිනිස් හඬක්නැති පාළු දූපතේ
තනිවෙමු අපි දෙන්නා ...//

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මලා රණතුංග
පද රචනය - උපාලි එස්. රංගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

Thursday, March 26, 2015

විසඳුමක් නැත ලෝකයෙන්

විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෛවයට ඉඩ දී
බලා සිටිමූ (බලා සිටිමූ)

හා ආ ආ ආ ..

මල් පියලි වන් අපේ හදවත්
තබා කිණිහිර තලා කුළුගෙඩියෙන්
මේ තරම් ඇයි රිදුම් දෙන්නේ
සමච්චල් කර සිනාසෙන්නේ

හා ආ ආ ආ ..

අමෝරා ගත් අයෝමය අවි
රැගෙන සිව් දිග රැඳෙන මුත් සතුරන්
දෛවයේ යම් හාස්කමකින්
හමු වුණොත් හමු වුණාවේ

විසඳුමක් නැත ලෝකයෙන්
සමාවක් නැත ලෝකයෙන්
අසම්මතයේ පෙම්වතුන් අපි
දෛවයට ඉඩ දී
බලා සිටිමූ (බලා සිටිමූ)
බලා සිටිමූ (බලා සිටිමූ)
බලා සිටිමූ (බලා සිටිමූ)

ගායනය - නිර්මලා රණතුංග සමග එඩ්වඩ් ජයකොඩි
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Thursday, March 19, 2015

සාගරේ පරදා හඬා

සාගරේ පරදා හඬා කඳුළැල් සලා
ආදරේ වෙනුවෙන්
ප්‍රේමයෙන් දිනූවෝ
ප්‍රේමයෙන් දිනූවෝ
පෙම්වතුන් මේ ලෝකයේ

ජීවිතේ පුදදී සදා
පණ සේ රකින්නට ආදරේ ...//

පෙම් සටන් වැද
වේදනා ගින්නේ රැඳී සිටියේ ඔවුන්

ප්‍රේමයේ මහිමෙන්
ප්‍රේමයේ මහිමෙන්
පෙම්වතුන් මේ ලෝකයේ

සිහින සේ දුටුවේ ඔවුන්
රුදු ලෝකයා හෙලනා බැලුම් ..//

ආසිරි පැතුමන් ලෙසින්
ඇසුවේ ලොවින් ලද සාපයන්

ප්‍රේමයේ නාමෙන්
ප්‍රේමයේ නාමෙන්
පෙම්වතුන් මේ ලෝකයේ

සාගරේ පරදා හඬා කඳුළැල් සලා
ආදරේ වෙනුවෙන්
ප්‍රේමයෙන් දිනූවෝ
ප්‍රේමයෙන් දිනූවෝ
පෙම්වතුන් මේ ලෝකයේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිර්මලා රණතුංග
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

මේ ප්‍රේම සීමාමාලකේ

මේ ප්‍රේම සීමාමාලකේ තනිවී
නෙතු කැන් සළා
ළතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී

රෑ පාළුවේ තුන් යාමයේ
රැඳුනේ ඔබයි දෑසේ ...//
ඒ සීන ගී නිමවූ පැයේ
හැඬුවේ මමයි රහසේ

මේ ප්‍රේම සීමාමාලකේ තනිවී
නෙතු කැන් සළා
ළතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී

මේ ජීවිතේ අපි ගිම් නිවා
සිටියේ අපේ සෙවණේ ...//
ඒ මාවතේ රැඳුණේ සදා
සුවඳයි අපේ දෙහදේ

මේ ප්‍රේම සීමාමාලකේ තනිවී
නෙතු කැන් සළා
ළතැවුල් නිවා
කඳුළින් සිනාසෙමු
මේ ප්‍රේම සීමාමාලකේ තනිවී

ම් ම් ම්ම් ම් ම් ම්ම් ම්ම් ම් ..////

ගායනය - ලක්ෂ්මන් විජේසේකර සහ නිර්මලා රණතුංග
පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ

Saturday, November 30, 2013

අඹ ගස් යට


අඹ ගස් යට මල් හැළිලා
සුවඳේ බැරුවා හිඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න …//

මගේ බඹරිය පැලේ දමා
එන්නට බෑ අඹ වනයට
මුසා බසින් මා නොතලා
එන්න සුවඳ මල් හෙවනට

අඹ ගස් යට මල් හැළිලා
සුවඳේ බැරුවා හිඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න

බඹරු නැතිද අඹ ව‍නයේ
ඔබේ සිතට ගතට ඔබින
අන් බඹරුන් ඕනෑ නෑ
ඔබයි මගේ පැතුම් විමන

අඹ ගස් යට මල් හැළිලා
සුවඳේ බැරුවා හිඳින්ට
ඒ අඹ මල් සුවඳ දිගේ
වන බඹරෝ රොනට එන්න…//

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක සමග නිර්මලා රණතුංග
පද රචනය: මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව: ආචාර්ය වික්ටර් රත්නායක