Showing posts with label ධම්මිකා චන්ද්‍රලතා. Show all posts
Showing posts with label ධම්මිකා චන්ද්‍රලතා. Show all posts

Thursday, June 5, 2025

සරා සඳ ඔබ



සරා සඳ ඔබ
පෙරා සිසිලස 

වලා ගැබ සිප සනසනා

බලා නෙතු අග

නුරා කැල්මෙන්

තෙමා හද තුළ නැවතුණා


නිදා වුන් සිත

මුදා නුහුරින්

සිනා මුව දොඩමළු වුණා

බදා තුරු ගොමු වසා කුසුමින්

වසන්තය යළි ඇරඹුණා


නෙළා දෝතට උරා මුවරද 

පෙලා ඉවතට නොදමමී

සදා සෙනෙහස පුදා මා ළය

පුදසුනක් කර රැකගමී


නිවී සැනහෙන සියපතක් ලෙස

ඔබේ හද  පුදසුන මට හිමී

මගේ හිමිසඳ 

සෙනේ විල් දිය 

කුසුම් අසනිය පුබුදමි


දරා තනිකම මුලා වුණු සිත

ඔබේ සෙනෙහෙන් පිබිදුණී

සදා නොමැකෙන

සුපෙම් තරුවක

ජීවිතේ රස ලියනෙමී


රැඳී සැම දින සිතුමිණක් ලෙස

ඔබේ දිවියම සරසමී

සසර කෙළවර 

නිමා වන තෙක් 

සිතේ ගණඳුර දුරලමී


ගායනය - කීර්ති පැස්කුවල් සමඟින් වෛද්‍ය ඊශ්මා සමරසිංහ

පද - ධම්මිකා චන්ද්‍රලතා

තනුව හා සංගීතය - අනුරාධ අබයසිංහ




ගීතයේ වීඩියෝව