Showing posts with label නන්දසේන කටුවාවල. Show all posts
Showing posts with label නන්දසේන කටුවාවල. Show all posts

Monday, June 1, 2020

මේ අඩ සඳම නොවෙද


මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ ....//

මේ සෙනෙහෙ කන්ද නුඹේ හිතට බර වැඩි වුණු හින්දා //
මගෙ පැතුම් කන්ද නුඹෙ පාමුල විසිරුණිදෝ මන්දා
නෑසියන් බහට අවනත වී මා හැරගිය හින්දා
මගෙ පහන් කන්ද නිවී ගියා දන්නවාද මන්දා

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ

රිය සක ලෙස පෙර පින පව අප පසුපස ආවේ නම් //
මේ විරසකයක් වෙලා මොටද පෙර පෙම් කෙරුවානම්
රහසක් නෑ මින් මතුවත් වෙනසක් නෑ මා නම්
හසරක් නැති ආදරයක් යළි නොපතමි කිසිදා මං

මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ
මුදු සීත සුළඟ නිදි නැති නුඹ ගැන කොඳුරා කියන්නේ ....//
මේ අඩ සඳම නොවෙද නුඹෙ ගෙපැලේ පිල මතටත් වැටෙන්නේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - සුරම්‍යා මාපිටිය
තනුව - නන්දසේන කටුවාවල



2003 වසරේදී එළි දැක්වුණු "අළු පාට හැන්දෑව" සංයුක්ත තැටියට ඇතුළත් වූ ගීයකි.

Saturday, September 28, 2019

ගං දෑල ඉවුරේ


ගං දෑල ඉවුරේ පිණි මල් රටා
පෙම් හිතට ආරාධනාවක් කළා
මල් යාය සමනල් හැඟුම් ඉඟි මවා
වස්සාන හීනය හිඳී මඟ බලා ...//

ළං ළංව නෙත් කැල්ම රහසක් කියා
දෙන්නා අනන්තයට පියඹා ගියා ..//

පෙන්නා සෙනේ මහමෙරක් සේ සදා
මං ඉන්නවා නුඹගෙ තුරුළේ නිදා

සංසාර ගංගාව ගලනා තුරා
මං ගාව හුන්නාලු සිහිනෙන් පවා ...//

අප පැතූ පෙම් සිහින දකිනා තුරා
වෙන් වෙන්නෙ නෑ අපි අපේමයි සදා

ගං දෑල ඉවුරේ පිණි මල් රටා
පෙම් හිතට ආරාධනාවක් කළා
මල් යාය සමනල් හැඟුම් ඉඟි මවා
වස්සාන හීනය හිඳී මඟ බලා ...//

ගායනය - සන්ධ්‍යා විජේසුන්දර
පද - එල්.පී. රත්නායක
තනුව හා සංගීතය - නන්දසේන කටුවාවල


Gan Deala Ivure - Sandya Wijesundara

Tuesday, September 24, 2019

මට ආරාධනාවක් කළා දෝ


මට ආරාධනාවක් කළා දෝ
ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැම දා මා ...//

මල් යාය පීදේ
මට විසනාවන්ත සුවඳින් නැවුම් ගී ලියා දී මගේ ...//
පෙර අත්භවේදී බැඳුණා වගේ
ඔබ ආවාද මගෙ රැයට අරුණෝදෙ වී

මට ආරාධනාවක් කළා දෝ
ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැම දා මා

දිවි නිම්නයේ අතරමංවී සිතින් හඬන
මට පාර පෙන්වූ තරු නෙත් ඔබේ
රැක ගන්නෙමී ඔබව නිකැලැල් මලේ
ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ

මට ආරාධනාවක් කළා දෝ
ඔය දෑසේ හොරෙන් කී කතාවෙන්
බිතු සිතුවම් ලෙසින් ජීවිතේහී
ආදරෙයි ආදරෙයි සැම දා මා ..//

ගායනය - වරදත්ත අරවින්ද
පද - ප්‍රියානන්ද විජේසුන්දර
තනුව - නන්දසේන කටුවාවල



Mata Aradhanawak Kalado - Waradatta Aravinda

Sunday, September 22, 2019

රෝස මල් ලෙස

රෝස මල් ලෙස
පිපෙයි සෙනෙහසක්
කටු තුඩින්
බිඳුණු සිත පාරවා
සුමුදු මල් පෙති තරම්
රසවත්ය ආදරය
කටු සිඹිමි සුමුදු පෙති නැති නිසා ...//

සිනහවක් නැති දෙතොල
කඳුළු නෙත රසවත්ය ...//
තනිකම ද අරුතක්ය
තනිකමට කිසිවෙකුත් නැති දා

රෝස මල් ලෙස
පිපෙයි සෙනෙහසක්
කටු තුඩින්
බිඳුණු සිත පාරවා
සුමුදු මල් පෙති තරම්
රසවත්ය ආදරය
කටු සිඹිමි සුමුදු පෙති නැති නිසා

කතාවක් නැති මුවට
නිහඬ බව කවියක්ය ...//
ආදරය සිඟමනකි
යදින්නට සිතෙන්නේ නැති දා

රෝස මල් ලෙස
පිපෙයි සෙනෙහසක්
කටු තුඩින්
බිඳුණු සිත පාරවා
සුමුදු මල් පෙති තරම්
රසවත්ය ආදරය
කටු සිඹිමි සුමුදු පෙති නැති නිසා ...//

ගායනය - ප‍්‍රියානන්ද විජේසුන්දර
පද - ප‍්‍රියානන්ද විජේසුන්දර
තනුව - නන්දසේන කටුවාවල


Rosa Mal Lesa - Priyananda Wijesundara