Showing posts with label දේවාර් සූර්යසේන. Show all posts
Showing posts with label දේවාර් සූර්යසේන. Show all posts

Thursday, March 5, 2015

චන්දෝ මා බිලිඳේ



චන්දෝ මා බිළිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

පතර බළැති සිරි කුන්ද විදාරණ
විතර බළැති සිරිධර පංචපාලන
බාලොලි ලං ලොලි ලන්න බිලින්ඳේ
නාඬන් දැන් එන්දෑ

දැන් දෙවිඳුන් මට දුන් ගරු රූපා
චන්දන කුංකුමයෙන් සැදි රූපා
රන්ගිර'ගින් පායයි මුළු දීපා
මන්මද දැන් දරු සුන්දර රූපා

චන්දෝ මා බිළිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

පැන පැන අතු දිග සොඳ දළු කන්නා
ඉඟි බිඟි කරමින් බැම නටවන්නා
වට සිටි පැටවුන් ළඟ කැඳවන්නා
ඔන්න බිළිඳු රිලවුන් පැන යන්නා

චන්දෝ මා බිළිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන්

අවර වෙන්න පෙර ගසට නගින්නා
උදා වෙන්න පළමුව හඬලන්නා
සදා පැටවු වට සාරා කන්නා
ඔන්න බිලිඳු සැවුලිඳු හඬලන්නා

චන්දෝ මා බිළිඳේ නුඹ නාඬන්
ඉන්දෝ කොමලත නිරිඳුට දාවුන් ...//  (බාලොලි ලං ලොලි ලන්න බිළින්ඳේ)

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව සමග සමිතා එරන්දතී මුදුන්කොටුව
පද රචනය - ජන ගීයකි (අඹන්වෙල නිළමෙගේ දරු නැළවිලි ඇසුරිනි)
ස්වර රටා - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව

අමරදේවයන් මෙම ගීය කලින් ගයා ඇත්තේ බෙංගාලි ගායිකා සුචිත්‍රා මිත්‍රා සමගිනි .


සුචිත්‍රා මිත්‍රා සමග ගැයූ ගීය (දුර්වල ශ්‍රවණ තත්වය ගැන කමා කරන්න)

එක්දාස් නවසිය හතලිස් ගණන් වල අපේ රටේ ජන ගී ගැන මහත්වූ විමසුමක නියැලී හුන් දේවාර් සූර්යසේන (ශ්‍රීමත් ජේම්ස් පීරිස් මහතාග‌ේ බාල පුතනුවන්) මෙම ගීය මෙසේ ගයා තිබෙනවා.