Showing posts with label ලංකාරාජිණී ගුණසේකර. Show all posts
Showing posts with label ලංකාරාජිණී ගුණසේකර. Show all posts

Monday, January 14, 2019

සෙංකඩගලපුර දළදා නුවරේ

සෙංකඩගලපුර දළදා නුවරේ
මාළිගාවෙ ඉඳලා
මේ දැන් ආවේ මම වැව අයිනට
දන්ත ධාතු වැඳලා .....//

වටේට කඳු පෙළ මහවැලි ගඟ යන
කඳු රට හරි සීතයි ...//
උදේට පාවෙන අහසෙ වලාකුළු
මහ පොළවට පාතයි

සෙංකඩගලපුර දළදා නුවරේ
මාළිගාවෙ ඉඳලා
මේ දැන් ආවේ මම වැව අයිනට
දන්ත ධාතු වැඳලා .....//

දුම්බර කඳු පෙළ හුන්නස්ගිරියේ
ඉහළින් ඈත කොනේ....//
දළදා සාදුට දොහොත් මුදුන් දී
ළා හිරු නැගෙනු පෙනේ

ගායනය - ලංකා රාජිණී ගුණසේකර
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

Saturday, January 12, 2019

බල්ලා පිදුරු කන්නෙත් නෑ


බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
කන්නෙත් නෑ දෙන්නෙත් නෑ

බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා


ඔයා අකුරු දන්නෙත් නෑ
මට ලියන්න දෙන්නෙත් නෑ ....//
එහා පැත්තෙ ඉඳගෙන මට විහිළු කරණවා
හොඳ අකුරක් ලියවෙනකොට අතින් අනිනවා 
මට අතින් අනිනවා 

බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා

ගී කියන්න දන්නෙත් නෑ
මට කියන්න දෙන්නෙත් නෑ....//
මං ගීයක් කියනකොටම බෙරිහන් දෙනවා
ඇහැට ඇඟිල්ලෙන් ඇනලා මං අඬවනවා

බල්ලා පිදුරු කන්නෙත් නෑ
කන ගොනාට දෙන්නෙත් නෑ
බලු කුක්කා පිදුරු ගොඩේ උඩු බුරලනවා
වහු පැටියා ඉඩගින්නේ බලා ඉන්නවා

ගායනය - ලංකාරාජිණී ගුණසේකර
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - අඥාතයි