Showing posts with label ළමා ගී. Show all posts
Showing posts with label ළමා ගී. Show all posts

Friday, February 1, 2019

බොරුවට අඬ අඬ


බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී

වැඩපල කර දෙන නෑ බෑ නොකියන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී
මල්ලී ඇඬුවම විගහට නළවන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී

කම්මැලියා හිරු නැඟෙනා තුරු දොයි දොයියා
උදේ පාන්දර හරි හීතලයි නෙ තාත්තෙ

පුංචි දුවේ මුළු හවසම සෙල්ලම් පිටියේ
කළුවර වෙන්න ඉස්සර ගෙදර එනවනේ

බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී

අලුත ගෙනා ගල්ලෑලි ම දහයක් කැඩුවා
බිම වැටුණු ගමන් කැඩෙනවනෙ තාත්ති

හරිම වසයි පොඩි මල්ලිට කෝටුවෙන් ගසයි
වැරදි කරන නිසානෙ ගහන්නෙ තාත්ති

බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී

වැඩපල කර දෙන නෑ බෑ නොකියන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී
මල්ලී ඇඬුවම විගහට නළවන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී

අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී ////.

ගායනය - ශිරෝමී ප්‍රනාන්දු සමග මැක්ස්වෙල් ධර්මරත්න
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව - මෙල්රෝයි ධර්මරත්න (ධර්මරත්න බ්‍රදර්ස්)

මල්ලිට මං ආදරයෙි

මල්ලිට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා
අක්කට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා

මං පුංචි කාලෙ මල්ලි වගේ හරි වැඩ කෙරුවාලූ
අප්පච්චිගෙ ලොකු පොත් වල සිතුවම් ඇන්දාලූ
එතකොට අප්පච්චී ....
ම්.. ම්.. ම්..

මල්ලිට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා
අක්කට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා

මං පුංචි කාලෙ ඔයා වගේ දඟ වැඩ කෙරුවාලූ
අම්මගෙ ලස්සණ සාරි වලින් සෙල්ලම් කෙරුවාලූ
එතකොට මගෙ සුදු අම්මා ....
හ.. හ.. හ.. හ..

මල්ලිට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා
අක්කට මං ආදරයෙි
මේ මුළු ලෝකෙටත් වඩා

ගායනය - ජයතු දිසානායක සමග නතාෂා පෙරේරා

Thursday, January 31, 2019

තාත්තා

මගෙ හිස බොකුටුයි
දෙතොල් ලොකුයි
තාත්තගේ වාගෙයි
මුහුණ රතුයි
දෑස දිගයි
අම්මගේ වාගෙයි

අම්මා නම් මම හඳුනනවා
තාත්ත නැහැ දන්නේ
තාත්ත ගැන ඇසුවාමත් අම්මා
නෑ උත්තර දෙන්නේ

තාත්ත ගැන ඇසුවාම
අම්මා දුක් වෙනවා
කඳූළු පිරීලා ඇගෙ දෑසේ
දෙනෙතම බර වෙනවා

පාළුවක් දැණුනාම
අම්මා වෙත යනවා
ඇය ආදරෙන් සිනාසී
මගෙ සිත සනසනවා

හිස බොකුටුයි
දෙතොල් ලොකුයි
තාත්තගේ වාගෙයි
මුහුණ රතුයි
දෑස දිගයි
අම්මගේ වාගෙයි

අම්මා නම් මම හඳුනනවා
තාත්ත නැහැ දන්නේ
තාත්ත ගැන ඇසුවාමත් අම්මා
නෑ උත්තර දෙන්නේ

හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....
හ්ම්.... ම් ම් ම් ම්....

ගායනය - ලිලන්ති කරුණානායක
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

පුංචි පුංචි බෝනික්කෝ

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

සාප්පුවක් ඇතුළෙ ඉඳන් මට හිනැහෙනවා
ඔබ දකින දකින මොහොතක් තුළ හිත සැනසෙනවා ...//

ඇඳුම ලස්සණයි නෙ බබෝ
පැහැය ලස්සණයි නෙ බබෝ
මගෙ දෑතට වඩාගන්න මට සිත්වෙනවා

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

යාප්පුවෙන් අම්මා වෙත මම අද යන්නම්
බෝනික්කා දෙන තුරු බොරු ඇඬුම් අඬන්නම් ...//

හිත සනසාලයි ද බබෝ
බෝනික්කා දෙයි ද බබෝ
මගෙ දෑතට වඩාගන්න මට සිත්වෙනවා

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා //

පුංචි පුංචි බෝනික්කෝ සාප්පුවේ මම දැක්කෝ //
නැගිටිනවා ඇවිදිනවා දෑස පියා ඇලවෙනවා

ගායනය - ලිලන්ති කරුණානායක
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

Wednesday, January 30, 2019

මේ රට මගෙ රට



මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට මගේ ම මව් රට ...//                        

සරු පස පොළවෙන්
වැහි බිඳු අහසෙන් ...//
මිණි කැට මුතු ඇට මගෙ සිරිලක ඇත

මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට
මගේ ම මව් රට ...// 

මගෙ සිරිලක ගැන
ලොවට කියමි මම ...//
සුරපුරයක් වෙන ලොවේ මෙවැනි නැත

මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට
මගේ ම මව් රට ...// 

එඩිතරකම ඇති
කම්මැළිකම නැති ....//
ළමයි සිටින රට මගෙ මේ සිරිලක

මේ රට මගෙ රට
මා ඉපදුණ රට
හැදෙන වැඩෙන රට
මගේ ම මව් රට ...// 

ගායනය : මාලනි බුලත්සිංහල
පද - මිරැණ්ඩා හේමලතා
තනුව - සංගීත් නිපුන් ජයන්ත අරවින්ද

බට්ටිච්චෝ ඔයත් එක්ක




බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

අහස් ගඟේ ඉවුර දිගේ පළිඟු රිදී තරු මල් පිපිලා //
නෙළන්න මා ළංවෙන විට හැංගෙනවා ඈතට දුවලා //

බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

පාට පාට දේදුන්නේ සුරංගනා ඔන්චිල්ලාවේ //
වලාකුළේ ගෑවි ගෑවි සින්දු කියමු සින්දු විමානේ //

බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

කෑම සොයාගෙන ඇවිදින් අපෙ අම්මා මාව සොයාවී //
මට අනතුරු වෙයි කියලා ගොඩාරියක් එයා අඬාවී //

බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං //
නාමල් පෙත්තක නැඟිලා
අහස් ගඟේ ඉස්මත්තට යං
බට්ටිච්චෝ ඔයත් එක්ක ඉගිල්ලෙන්න පුංචි වැඩියි මං

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
පද - මහාචාර්ය සුනිල් ආරියරත්න
තනුව - මහාචාර්ය සනත් නන්දසිරි

මෙහි ඇති බට්ටිච්චාගේ ඡායාරූපයේ අයිතිය උදය වීරරත්න මහතා සතුය.

Monday, January 28, 2019

දිය ගොඩ සැම තැනැ

දිය ගොඩ සැම තැනැ කිරි ඉතිරේ
ගස් වැල් කිරි මූදේ කිමිදේ
මඳ මුදු සුළඟින් අප නැළැවෙන්නේ
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

මගෙ පොඩි නංගී කිරි ඉල්ලා
දෝත නඟා මහ ඉහළ බලා
අම්බිලියෝ කියම්න් නැළැවෙන්නී
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

දිය මතුපිටැ කිරි රැල්ල නැඟේ
ඹරුවක් තනිවී ඈත පෙනේ
හෝ ගා මූදේ රැල්ල බිඳෙන්නේ
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

වවුලන්ගේ බකමූණන්ගේ
නාදේ ඉඳහිටැ මටද ඇසේ
අඳුර සොයාලා මුලු ගැන්නෙන්නා
බැබැළෙන හඳ පානේ

හඳ පානේ
හඳ පානේ
හඳ පානේ
රෑ යාමේ

ගායනය - සුනිල් සාන්ත
පද - සුනිල් සාන්ත
තනුව - සුනිල් සාන්ත

(අප බොහෝ අසා ඇති අයුරින්, කිරි  වෙනුවට ගොම සොයමින් යන්නා යන කොටස මේ ගීයේ ගැයෙන්නේ අඳුර සොයාලා මුලු ගැන්නෙන්නා ලෙසිනි.)

Sunday, January 27, 2019

බෝවිටියා දං පළුකං වාරේ


බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මා දං ගොඩ ගැහිලා නංගෝ
සිහිවෙන විට තොල කට ද තෙමෙයි මේ මා යනවා නංගෝ
මා යනවා නංගෝ

හා සුදු සුදු අයියේ
මා එනවා අයියේ
අයියේ යමු යමු සුදු වැල්ලේ

ඇයි නංගෝ මා අතහැරපන්කෝ මා වෙලටයි යන්නේ
බාලොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ
එදා වගේ මා ඕළු නෙළා ගෙන එන්නම් සුදු නංගෝ
එන්නම් සුදු නංගෝ

මට අද ඕළු එපා
බාලොලියා ද එපා
අයියේ මා ගෙදරම ඉන්නම්

එ් බොරුවට මා විහිළු කළා නොවැ තරහද මගෙ නංගෝ
රතට රතූ කජු පුහුලම් ඔබ දැක සැඟවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා උදවිය එන්න මෙහෙං නංගෝ
එන්න මෙහෙං නංගෝ

ටික ටික සැඟවෙනවා
එබිකම් කර යනවා
හා හා ඔබ දැක නොවැ අයියේ

පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව තොල් කළු වූයේ කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ
යසයි යසයි නංගෝ

එකක් කටේ වැටුණා
ටිකක් රහත් බැලුවා
අයියගෙ දත් ටික දම් පාටයි

බෝවිටියා දං පළුකං බාලොලි කරඹ ගොඩයි නංගෝ
සුදෝ ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා වාගෙයි
ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ
ගෙදරට යමු නංගෝ

දකුණේ බාලොලියා
වමතේ බෝවිටියා
කන්නේ මා දං සුදු අයියේ

බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ ///.

ගායනය - සුනිල් සාන්ත සහ චිත්‍රා සෝමපාල
පද - සුනිල් සාන්ත
තනුව - සුනිල් සාන්ත

 

පසු කලෙක මුල් ගායනයේ තනුව වෙනස් කර,
ඊට උචිත අයුරින් පද ද වෙනස් කර,
මේ ගීය නව ලතාවකට ගායනා කෙරුණා.

පහත ඇත්තේ එ් නව ගායනයයි.

බෝවිටියා දං පළුකං වාරේ මේ නොවැ පොඩි නංගෝ
කුරුඳු කැලේ සුදු වැල්ලේ මා දං වැහි වැහැලා නංගෝ
සිහිවෙන විට තොල කට ද තෙමෙයි මේ මා යනවා නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

මා යන්නේ මේ වෙලටයි මා අත හැරයන්කෝ නංගෝ
බාලොලියා බෝවිටියා කන්නෝ නරක ළමෝ නංගෝ
ඊයේ වාගේ ඕළු නෙළා ගෙන මම එන්නම් නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

එ් බොරුවට මා විහිළු කළා නොවැ තරහද මගෙ නංගෝ
රතට රතේ කජු පුහුලම් ඔබ දැකැ සැඟවෙනවා නංගෝ
අපට එපා ඔය ලජ්ජා ඇති අය එන්නැ මෙහෙං නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

පුහුල් හොරා නම් කරෙන් දැනෙන්නා කීවා නොවැ නංගෝ
සුදෝ ඔබේ දිව දම් පැහැ වූයේ කිමද අහෝ නංගෝ
මටත් හොරෙන් ඔබ දං කෑවා නොවැ යසයි යසයි නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ

බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ
සුදෝ ඔබේ කට අතට වඩා වේගෙන් යන්නා නංගෝ
ඊට වඩා දැන් පය ඉක්මන් කර ගෙදරට යමු නංගෝ
බෝවිටියා දං බාලොලි පළුකං කරඹ ගොඩයි නංගෝ