Showing posts with label මූන්ස්ටෝන්ස්. Show all posts
Showing posts with label මූන්ස්ටෝන්ස්. Show all posts

Sunday, March 31, 2019

ගොයම් කපනවා

ගොයම් කපනවා
මැණිකේ වෙලේ නෙළනවා
මැණිකේ ලිඳේ නානවා
පොඩිමැණිකේ
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහනය
සදා වාසනා පොඩිමැණිකේ .....//

ගමේ පන්සලේ ඇය හමුවූවා
ගමේ මිහිරි හඬ මට හුරුවූවා .....//

ඇගෙ මුවේ මල් සිනා (හා හා හා හා....)
මට ගෙනේ වාසනා (හා හා හා හා....)
එදා මගෙ සිතේ ඇය රජ වූවා (හා හා හා හා....) ...//

ගොයම් කපනවා
මැණිකේ වෙලේ නෙළනවා
මැණිකේ ලිඳේ නානවා
පොඩිමැණිකේ
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහනය
සදා වාසනා පොඩිමැණිකේ

ගමේ ඕවිටේ ඇය හා ලන්දේ
මගේ ආදරේ මුතුහර බැන්දේ ....//

වෙලේ නිල් ගොයම් (හා හා හා හා....)
අපහට ගෙනේ සුබ පැතුම් (හා හා හා හා....)
මුදා කම්කටොලු පෙම් දද බැන්දේ (හා හා හා හා....) ....//

ගොයම් කපනවා
මැණිකේ වෙලේ නෙළනවා
මැණිකේ ලිඳේ නානවා
පොඩිමැණිකේ
ඇගේ වාසනා මහිමය
මගේ පොඩි පැලේ පහනය
සදා වාසනා පොඩිමැණිකේ .....//

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ දෙවන EP තැටිය වූ "More Hits by the Moonstones" (Sooriya Label CHB001) හී ගීයකි. මහෙි ඇතුළත් වන්නේ එම මුල් ගීයයි.

රමණී සැනසුම ගෙන දෙන දුවණී

රමණී සැනසුම ගෙන දෙන දුවණී
කමනී නිවසට පහනය රමණී
දුවණී හද විලේ කැකුළ බැවිනී
රමණී සෙනෙහස ඔබ හට බැඳිණී

අතට වඩා බෝනික්කෝ නළවා
ගතට මලින් පිරි ඇඳුමක් ඇඳලා
සිතට සදා සැනසුම දී රඟලා
සැමට වඩා අප සෙනෙහස ඔබ දිනුවා

දුවණී හද විලේ කැකුළ බැවිනී
රමණී සෙනෙහස ඔබ හට බැඳිණී

බලන බැලුම් ඔබෙ නෙත් දෙක බබලන්නේ
කියන කියුම් අප කාගෙත් සිත් ගන්නේ
කරන කෙරුම් සුරතල් බව පවසන්නේ
සතුට සදා ඔබ අප හට ගෙන දෙන්නේ

රමණී සැනසුම ගෙන දෙන දුවණී
කමනී නිවසට පහනය රමණී
දුවණී හද විලේ කැකුළ බැවිනී
රමණී සෙනෙහස ඔබ හට බැඳිණී //

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ දෙවන EP තැටිය වූ "More Hits by the Moonstones" (Sooriya Label CHB001) හී ගීයකි. මහෙි ඇතුළත් වන්නේ එම මුල් ගීයයි.

රෝස මලේ


රෝස මලේ
නටුවෙ කටු
වන බඹරෝ
ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමී ....//

කළු දෙබරුන් නැත පැණි බොන්නේ
වන බඹරුයි එහි රස දන්නේ
මල නොතලා එහි පැණි උරලා
මල දමලා
උන් යති පැනලා

රෝස මලේ
නටුවෙ කටු
වන බඹරෝ
ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමී

මලෙහි පැණී නැත පවතින්නේ
පැණි හිඳිලා මල පරවෙන්නේ
කළු දෙබරෝ නැතුවද දන්නේ
වන බඹරුන් නැත එහි යන්නේ

රෝස මලේ
නටුවෙ කටු
වන බඹරෝ
ඔහොම හිටූ
නටුව නොවෙයි මම මල සිඹිමි
මම ළමයෝ පැණි උරමී .....//

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ දෙවන EP තැටිය වූ "More Hits by the Moonstones" (Sooriya Label CHB001) හී ගීයකි. මෙහි ඇතුළත් වන්නේ එම මුල් ගීයයි.

මාමේ අපෙ කළු මාමේ

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ ...//

බුලත් කොරටුවේ වැට දැන් දිරාලා
බැලුවෙ නැද්ද ඒ ගැන ඔබ සොයාලා ...//

එක ළඟින් සිටුවලා ඉණි පැල අලුත්කරවලා එහි පැල
බුලත් කොරටුවක් නැතිවද වවන්නේ ...//

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ

මංගො නැන්ද ගැන ඔහු නෑ සොයන්නේ
පැනල ගියත් දුව ගැන නැහැ තැවෙන්නේ ...//

එක සිතින් සිත හදා සැනසෙන අනුන් ගැන සොයා නොතැවෙන
තමන් ගැන සොයා සැනසෙනවානේ ...//

මාමේ අපෙ කළු මාමේ
කලවානේ කළු මාමේ
යාමේ හැන්දෑ යාමේ
කුඹුර කොටාලා එනවානේ ...//

කලවානේ
අපේ කළු මාමේ ....///

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ දෙවන EP තැටිය වූ "More Hits by the Moonstones" (Sooriya Label CHB001) හී ගීයකි. මහෙි ඇතුළත් වන්නේ එම මුල් ගීයයි.

Saturday, March 30, 2019

සීත උදේ පිපි මල්

සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා

ඊයෙ උදේ බැලුවා සොයලා
ඇයි සැඟවී සිටියේ
පිණි වේලෙනකන් සිරි නරඹන්නම්
ඉන්පසු පැණි බොන්නම්

සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා

ඈත ගසක රතු පාට මලක් ඇත
මම නැහැ එහෙ යන්නේ
හිරු තාපෙ වැදී පැණි බේරෙනවා
නැවතත් හෙට එන්නෙම්

සීත උදේ පිපි මල්
නන් පාට වලින් සැදිලා
හිරු ඈත ලොවින් පිබිදී එන්නට පෙර
එන්නෙමි ඔබ සොයලා

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි. 
මෙහි පද මුල් ගීය අනුවයි.

රුවන්පුරය



ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

රුවන්පුරේ කළු ගං රැජිණී
බඳ ලෙලවා රඟට ගලන්නේ ...//

සමන් දෙවිඳු බලන රටයි
ලොව සැම තැන පතල නමයි ....//
රුවන්පුරය අපේ ගම තමයි //

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

සිරිපාදෙට යන එන ගමනේ
විඩා නිවාගෙන සිත තුටිනේ ....//

රුවන්පුරය සිරියාවයි
සමන් දෙවිඳු කරුණාවයි ...//
රුවන්පුරය අපේ ගම තමයි //

ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි
ලොවම සිසාරා පැතිරෙන්නෙ එහි නමයි
රුව ළඳුන් සොයාලා ඔබ එන්නෙ මෙහි තමයි
ශ්‍රී ලංකාවේ එළිය මිණිපුරයි

ගායනය - මූන්ස්ටෝන්ස්
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන
"මූන්ස්ටෝන්ස්" කණ්ඩායමේ ප්‍රථම EP තැටිය වූ "Musical Gems of Ceylon" (EP Philips / JVPC 1007) හී ගීයකි. 
මෙහි පද මුල් ගීය අනුවයි.

මුල් ගීය

පසු කලෙක ඇනස්ලි කළ ගායනයක්