Showing posts with label හියුබත් දිසානායක. Show all posts
Showing posts with label හියුබත් දිසානායක. Show all posts

Thursday, January 17, 2019

සෙන්පතියන් ගැන



සෙන්පතියන් ගැන නැව්පතියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

සෙන්පතිකමටයි නැව්පතිකමටයි
නම ගිය සිංහල ආරේ
ගති නෑරේ පුත ඒකයි ඔබ හට
ඒ ගැන එතරම් ආසා

මහ පඬිදුන් ගැන මහ කිවිඳුන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

මහ පඬි රුවනට මහ කිවිවරුනට
තෝතැනි වූ ලක් දෙරණේ
හෙල පුතැකුවැ ඔබ ඉපැදුන පිනටයි
ඒ ගැන එතරම් ආසා

හේන් කුඹුරු ගැන ගොපළු ලියන් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

ඈත එපිට සිට ගොවි රජ දහනකි
සෝබන සිරිබර ලංකා
ගොවිකම ඔබටත් උරුම නිසාවෙනි
ඒ ගැන එතරම් ආසා

එඩිතරකම් ගැන බියනැතිකම් ගැන
කතා අහනකොට අම්මේ
මට හරි ආසයි මට හරි ආසයි
ඒ ඇයි මගෙ හොඳ අම්මේ

එඩිතරකමටයි බිය නැතිකමටයි
පෙර සිට සුපතල හෙලයේ
ඉපැදුනු ඔබ තුල ඒ ගති නැති නම්
ඒ නොවැ පුදුමය පුතුනේ

ගායනය - අමරා රණතුංග සමග පුලතිසි රණතුංග
පද - හියුබත් දිසානායක
තනු - මහාචාර්ය අමරා රණතුංග