Showing posts with label සුරලි ඇන්ජෙලා ප්‍රනාන්දු. Show all posts
Showing posts with label සුරලි ඇන්ජෙලා ප්‍රනාන්දු. Show all posts

Tuesday, January 24, 2017

ඈත සසර



හිමි සඳුනේ ....
හිමි සඳුනේ ......

ඈත සසර
දෑත නොහැර
ආ දිගු ගමනේ
පාරමිතා මල් පිපුණා
බුදු වෙන සිහිනේ
දෑස සදිසි මා පෙම්බර හිමි සඳුනේ
හිමි සඳුනේ
දෑස සදිසි මා පෙම්බර මා හිමි සඳුනේ
බුදුව වඩින තුරු හදවත සිල් අරණේ

මිතුරු ලෙන්ගතු
සෙනෙහෙබර සිත්
අඳුරු සංසාරේ
එතෙර කරමී පැතුම් දල්වා
සොඳුරු ගංගාවෙන්

හිමි සඳුනේ

එතෙර වූ දා යළි මකාලන
පොහොය සඳ කිරණේ
පැතුම් හද විය බෝසතානන්
මිණි පහන් රැය මෙන්
මිණි පහන් රැය මෙන්

ඈත සසර
දෑත නොහැර
ආ දිගු ගමනේ
පාරමිතා මල් පිපුණා
බුදු වෙන සිහිනේ ...//

පාරමිතා මල් පිපුණා
බුදු වෙන සිහිනේ ...//

හිමි සඳුනේ ...//
ඈත සසර දෑත නොහැර ආ දිගු ගමනේ ....
පාරමිතා මල් පිපුනා බුදු වෙන සිහිනේ ....
දෑස සදිසි මා පෙම්බර හිමි සඳුනේ ....
හිමි සඳුනේ ...//
දෑස සදිසි මා පෙම්බර මා හිමි සඳුනේ ....
බුදුව වඩින තුරු හදවත සිල් අරණේ

ගායනය - සුරලි ඇන්ජෙලා ප්‍රනාන්දු
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
සංගීතය - ප්‍රදීප් රත්නායක

ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියේ ගීයකි.

කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ


කාරණාව බුදු වෙනවා ලකුණු දැනේ
නෑර කැටුව ආවා මම සරණ ගෙනේ
භාවනාව තොර නොකරමි සිතින් අනේ
මාලිගාව අද අඳුරුයි සුවාමිණේ

හිමයේ ගොසින් මල් යහනක නිදනවද
ඔබට අනේ සිරිපා දෙක රිදෙනවද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනවද
මගෙ ඇත් රජුනි නුඹ අද කොතැනකද

කැලේ තියෙන කොයි දේ වත් රස වේවා
මලේ බඹරු මෙන් පිරිවර ඇති වේවා
අව්වෙ තියෙන රැස් මාලා අඩු වේවා
ගව්වෙන් ගව්ව දිව මාලිග සෑදේවා

ගායනය - සුරලි ඇන්ජෙලා ප්‍රනාන්දු
පද - යසෝධරාවත කවි (88, 98 සහ 100 වැනි කවි)
සංගීතය - ප්‍රදීප් රත්නායක
ශ්‍රී සිද්ධාර්ථ ගෞතම චිත්‍රපටියෙන්