Showing posts with label ජනක සිරිවර්ධන. Show all posts
Showing posts with label ජනක සිරිවර්ධන. Show all posts

Sunday, March 15, 2015

හන්තාන සිහිනේ

බලා වැළපෙමි
නෙළාගනු බැරි
හන්තාන සිහිනේ
දරා නෙත් අග
දොවා සිත් මල
ගොතනු මැන ළඳුනේ
සංසාර සිහිනේ

වැහි පබළු යට
රඟමඬල මැද
ඔබේ දෑතේ තුරුළු වෙන්නට
බිසෝ හැර ගිය
ලසෝ රඟහළ
අමාවක අඳුරේ
නො එනු මැන ළඳුනේ

බලා වැළපෙමි
නෙලාගනු බැරි
හන්තාන සිහිනේ

වඩින තුරු සඳ
දුරින් ඉන්නම්
තරු ඇදුරු පෙම් ගී අහන්නම්
සොඳුරු මේ සඳ දියේ එන්නම්
හිඳිනු මැන සොඳුරේ
හන්තාන අරණේ

ම්ම්ම් ම් ම් ම්
ම්ම්ම් ම් ම් ම්

හන්තාන සිහිනේ

ම්ම්ම් ම් ම් ම්

ගායනය - උමාරියා සිංහවංශ සමග පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - ජානක සිරිවර්ධන
තනුව හා සංගීතය - අරුණ ගුණවර්ධන