Showing posts with label ගාමිණී ලේල්වල. Show all posts
Showing posts with label ගාමිණී ලේල්වල. Show all posts

Saturday, May 9, 2015

ඔබට එපා නම්

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම් ...//

තනිවූ තනි ඇඳ පායා පුර හඳ //
එකලුකළා මතකද ඔබ දිනු හද

මුතු සඟවා සිටි මුතු බෙල්ලෙකුගේ //
බෙලිකටු හිරිගල් පරයට ළංවේ

ඔබට එපා නම් ඔබ දුරුවී නම්
ඔබට එපා නම් ඔබ දුරුවී නම්
කාට කියන්නද මං මගේ තනිකම්
හඳට කියාගෙන අවරින් යන්නම්

ගායනය - ලක්ෂ්මන් විජේසේකර
පද රචනය - ගාමිණී ලේල්වල
සංගීතය - ආනන්ද පෙරේරා

Tuesday, April 7, 2015

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි


ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි ..//
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

හිතැඟි කළඹ කැටයම් කළ
නීල පලිඟු ගොළු කැඩපත ..//
 

හද බිතු තල සිතුවම් කළ
රූ දොඩමලු මුව රඟහල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

තුරුණු බමර ආයාචන
අභියස පත්තිනි කෝවිල ..//
 

මගේ පෙමින් කුළු ගැන්වුණ
ගී බුබුලන ගීත බුබුල

ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි
කවි ලියන්න මට කීවේ ඔබේ නෙතයි
ගී ලියන්න මට කීවේ ඔබේ නෙතයි

ගායනය - ආචාර්ය දයාරත්න රණතුංග
පද රචනය - ගාමිණී ලේල්වල
තනුව හා සංගීතය - ආචාර්ය දයාරත්න රණතුංග



පසු කලෙක කළ ගායනයක්.



Gee Liyanna Mata Keewe Obe Nethai - Dayarathna Ranathunga