Showing posts with label මෙල්රෝයි ධර්මරත්න. Show all posts
Showing posts with label මෙල්රෝයි ධර්මරත්න. Show all posts

Wednesday, July 1, 2020

දුරකථනයකින් මම ඔබ අමතමි

දුරකථනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා

මගෙ හිත හඳුනන
ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා

සයුරට රළ මෙන් වෙරළට රැලි මෙන්
අප බැඳිලා උන්නේ
තොටුපොල හැර යන නෞකාවක් මෙනි
ඔබ ඇදිලා යන්නේ

මට තව මතකයි මගෙ මුල් ගීතයෙ
තනුව කියා දුන්නා
යන තැන නිරතුරු පහනක් අරගෙණ
පසුපස පිය මැන්නා

ඔබමයි ආවේ ඔබමයි යන්නේ
මා එතැනම එහෙමයි
නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්
මගෙ සතුටද එයමයි

දුරකථනයකින්
මම ඔබ අමතමි
හමුවිය නොහැකි නිසා

මගෙ හිත හඳුනන
ඔබ පිළිගත්තද
ඇතැමුන් කියන මුසා

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව හා සංගීතය - මෙල්රෝයි ධර්මරත්න

නව ගායනයක්


මුල් ගායනය (නිදුකින් ඉනු මැන ඔබ සතුටින් නම්, මගෙ සතුටද එයමයි - යන තැනින් ගීය නිමයි.)


Song - Durakathanayakin
Lyricist - Melroy Dharmarathna
Composer - Melroy Dharmarathna

ආයුබෝවන් තුෂාරා

දෑස දෑසින් මුදා
දෑත දෑතින් මුදා
ඈත යමු යන්න යළි හමු නොවී

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා .....//

එදා අතීතයේ අප හමුවූ පිනිබර උදයේ
සදා බැඳී සිතේ සමනොළ සිතිවිලි සැණකෙළියේ ...//

දෑස දෑසේ වෙලී රහස කී ආදරේ //
ඈත සිතිජේ පෙනේ මායාව සේ

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා .....//

පෙමේ නදී තෙරේ සමීපවූ මල් යෞවනියේ
අපේ සිතුම් පැතුම් අහසයි පොළවයි දුර විලසේ ....//
ඔබ ඔබගේ ලොවේ මා මාගේ ලොවේ //
ඈත සිතිජේ පෙනේ මායාව සේ

ආයුබෝවන් තුෂාරා
ආයුබෝවන් තුෂාරා .....////.

ගායනය - එච්.ආර්. ජෝතිපාල
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව හා සංගීතය - මෙල්රෝයි ධර්මරත්න


Song - Ayubowan Thushara
Singer - H.R. Jothipala
Lyricist - Melroy Dharmarathna
Composer - Melroy Dharmarathna

Friday, February 1, 2019

බොරුවට අඬ අඬ


බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී

වැඩපල කර දෙන නෑ බෑ නොකියන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී
මල්ලී ඇඬුවම විගහට නළවන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී

කම්මැලියා හිරු නැඟෙනා තුරු දොයි දොයියා
උදේ පාන්දර හරි හීතලයි නෙ තාත්තෙ

පුංචි දුවේ මුළු හවසම සෙල්ලම් පිටියේ
කළුවර වෙන්න ඉස්සර ගෙදර එනවනේ

බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී

අලුත ගෙනා ගල්ලෑලි ම දහයක් කැඩුවා
බිම වැටුණු ගමන් කැඩෙනවනෙ තාත්ති

හරිම වසයි පොඩි මල්ලිට කෝටුවෙන් ගසයි
වැරදි කරන නිසානෙ ගහන්නෙ තාත්ති

බොරුවට අඬ අඬ අම්මිට වද දෙන
පුංචි මගේ සුදු දූ කුමරී
හැම තැන දුව පැන ගේ හැඩි කරවන
මගෙ සුරතල් සුදු දඟකාරී

වැඩපල කර දෙන නෑ බෑ නොකියන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී
මල්ලී ඇඬුවම විගහට නළවන
අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී

අම්මිගෙ තාත්තිගෙ දූ කුමරී ////.

ගායනය - ශිරෝමී ප්‍රනාන්දු සමග මැක්ස්වෙල් ධර්මරත්න
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව - මෙල්රෝයි ධර්මරත්න (ධර්මරත්න බ්‍රදර්ස්)

Friday, January 25, 2019

බළල් හාමිනේ


පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වටපිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ

හෙමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

බළල් හාමිනේගෙ සැමියා බළල් රාළහාමී
රැවුල් මූණ බුම්මාගෙන මට ආඩම්බර පාවී
බළල් හාමිනේගෙ පැටියා පුංචි බළල්හාමී
නූල් බෝලයක් පෙරලාගෙන සෙල්ලම් කරාවී

පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වටපිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ

හෙමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

බළල් හාමිනේගෙ දෑස නිල් මැණික් වගෙයිනේ
නෙත් කොණින් බැළුම් හෙලද්දී ආදරේ හිතෙන්නේ
බළල් හාමිනේගෙ දුක සැප මං තමයි බලන්නේ
මගේ පණ වගේ අගෙයි මට බළල් හාමිනේ

පුළුන් කොට්ට අත් දෙක තබලා
හොරෙන් හොරෙන් වටපිට බලලා
ගමන් බිමන් යාමට හපනා
බළල් හාමිනේ

හෙමින් සැරේ මා දෙස බලලා
ඤාව් ඤාව් ගීතය ගයලා
මගේ උකුල් තලයට පනිනා
බළල් හාමිනේ

ගායනය - ශිරෝමි ප්‍රනාන්දු
පද - මෙල්රෝයි ධර්මරත්න
තනුව - මෙල්රෝයි ධර්මරත්න

Tuesday, January 22, 2019

කොන්ද නමාගෙන


කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ ...//

මල් මද බිසව වගේ
ලස්සණ මුහුණ ඔබේ ...//
දත් නැති කට මට පෙන්නාලා
ආච්චි හිනාවෙලා

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ

ආච්චි හැඩකාරී
අපෙ ගෙදරට සීදේවී ....//
රජ කාලේ වුණු කතා කියන්නේ
ආච්චි හිනාවෙලා

කොන්ද නමාගෙන
හැරමිටි ගහගෙන
ඉබි ගමනින් යන්නේ
උදේම නා ගෙන
චීත්තෙ ඇඳගෙන
ආච්චි මේ ඉන්නේ
අපෙ ආච්චි මේ ඉන්නේ //

ගායනය -  ශිරෝමි ප්‍රනාන්දු
පද රචනය - මෙල්රෝයි ධර්මරත්න
තනුව - මෙල්රෝයි ධර්මරත්න

Monday, April 20, 2015

මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසෙ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක්
සි‍තින් එබෙන සඳ
වැහි පොද සේ නෙතූ කඳුළු සැලේ //

වැහි පොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත
අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳු‍රූ පෙතේ //

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා///

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මෙල්රෝයි ධර්මවර්ධන

Monday, April 13, 2015

මේ මැයි ගහ යට

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා

මැයි මාසෙ එක සැන්දෑ වරුවක
සීතල වැහි පොද වැටෙන වෙලේ
ආදර වියෝවක්
සි‍තින් එබෙන සඳ
වැහි පොද සේ නෙතූ කඳුළු සැලේ //

වැහි පොද වැටුණත් ඉස්සර වාගේ
මැයි මල් පිපුණත් රතට රතේ
අප දෙදෙනෙක් නැත
අද මා පමණයි
මැයි ගස් සෙවණේ අඳු‍රූ පෙතේ //

මේ මැයි ගහ යට දවසක් දා
වැස්සට අපි උන්නා
රතු කැට වාගේ
මැයි මල් පිපි පිපි
අපට සෙවණ දුන්නා
අපට සෙවණ දුන්නා///

ගායනය - මිල්ටන් මල්ලවාරච්චි
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - මෙල්රෝයි ධර්මරත්න

Saturday, November 30, 2013

දුර ඈත අතීතේ


ලලල ලලල ලලල ලලල ////

දුර ඈත අතීතේ
කඳු සීත පළාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ
ලලල ලල්ල ලා
දුර ඈත අතීතේ
කඳු සීත පළාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ
ආකාසෙ සිඹින නීල වර්ණ කඳුවැටී
සුදු මීදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
ලා ලා ලාලලා ලලල ලලලලා
ආකාසෙ සිඹින නීල වර්ණ කඳුවැටී
සුදු මීදුමේ සිහින් සළුව ඔතාගෙන සිටී
කඩා හැළෙන ඇල්ලක් ළඟ ඇයව හමුවුණා //
ඇගේ දෑසෙ නිල් කැළුම් ආදරේ හැඟුම් හදට තේරුණා

දුර ඈත අතීතේ
කඳු සීත පළාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ

පෙම් ගීතෙ සංගීතෙ මිහිර වින්දෙමූ
අපි සැන්දෑවෙ ගංගාවෙ පාරු පැද්දෙමූ
ලා ලා ලාලලා ලලල ලලලලා
පෙම් ගීතෙ සංගීතෙ මිහිර වින්දෙමූ
අපි සැන්දෑවෙ ගංගාවෙ පාරු පැද්දෙමූ
වෙන්නොවන්න කිසිම දිනෙක සිතාගත්තෙමූ //
ඇගෙ ආදරේ සිතුම් ආදරේ පැතුම් පහන් දැල්වුණා

මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ
ලලල ලල්ල ලා
දුර ඈත අතීතේ
කඳු සීත පළාතේ
මල් පිබිදෙන කාලේ
දෙහදක කතන්දරේ

ගායනය: ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය: මෙල්රෝයි ධර්මරත්න
තනුව: පරමේශ් කෝනේශ්