Showing posts with label සුජීව කරුණාසේන. Show all posts
Showing posts with label සුජීව කරුණාසේන. Show all posts

Monday, March 18, 2019

දකින විට පන්සලක්

දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවර ගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

ගැබිනි මවු කෙනෙකු හෝ රෝගියෙක් දුටු කලට
කවුළුවෙන් අනන්තය හොයනවා
අතෙහි රැඳි පොත පතෙහි එකම පේළිය තුළම
නෙත් දහස් වාරයක් දුවනවා

දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවර ගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

වාරු නැති මහලු වත නෙතෙහි ගැටෙතැයි බියෙන්
දෙනෙත් යුග නිදි කිරාවැටෙනවා
ලොවේ ඇති දහසකුත් ගැටලු සිහියට නඟා
අහස බිම ගැටලන්න හදනවා

දකින විට පන්සලක් පිළිමයක් බෝධියක්
හුනස්නෙන් නැගිටිමින් වඳිනවා
හදේ නැති භක්තියක් වත පුරා තවර ගෙන
අඩවන්ව නෙත් බරව බලනවා

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - සුජීව කරුණාසේන
තනුව - එච්.එම්. ජයවර්ධන