Showing posts with label ඉන්දික ප්‍රදීප්. Show all posts
Showing posts with label ඉන්දික ප්‍රදීප්. Show all posts

Friday, March 6, 2015

බුදුන් දකිනවා සත්තයි

සාධු ! සාධු ! සාධු !

සැදැහැ සිතින්
සාධු හඬින්
පින් දෑතින්
අම්බස්තල මහමළුවම
සරසමු අපි නෙළුම් මලින්
ඒ මළුවේ සැරසූ මල් අපි දැකලා

බුදුන් දකිනවා සත්තයි
නිවන් දකිනවා සත්තයි ....//

සුදු රතු වියනින් බැඳි පෙති එකට බැඳී
සෑ මළුවම මලක් වෙලා
ඒ දිලිසෙන මල දැකලා
සාධු කියන අපි දකින්නෙ
සඳ හිරු තාරකා නොවේ
බුදු රැස්මයි බුදු රැස්මයි

නෙලා ගෙනා ඈත දියේ පිපෙනා මල්
හැම මලක්ම පුබුදන්නේ වෙහෙර මළුව සරසන්නයි
ඒ මළුවේ සරසන මල් අපි දැකලා

බුදුන් දකිනවා සත්තයි
නිවන් දකිනවා සත්තයි ....//

මිහිතලයේ පින් කාලෙට පිපෙනා පින් මල්
පුදලා අපි මේ වෙහෙරට
සිතින් සිත පුබුදුවමින්
දැහැමි ලොවක් ගොඩනගන්න
තුන් රුවනම නමදිමු අපි
සිත් පුරවමු මෙත් ගුණයෙන්

සැදැහැ සිතින්
සාධු හඬින්
පින් දෑතින්
අම්බස්තල මහමළුවම
සරසමු අපි නෙළුම් මලින්
ඒ මළුවේ සැරසූ මල් අපි දැකලා

බුදුන් දකිනවා සත්තයි
නිවන් දකිනවා සත්තයි ....////

ගායනය - ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ඉන්දික  ප්‍රදීප්
තනුව - ජයන්ත රත්නායක
Anyone who has the link can play this song in your "Smart Phone"