Showing posts with label නන්දන වික්‍රමගේ. Show all posts
Showing posts with label නන්දන වික්‍රමගේ. Show all posts

Saturday, October 26, 2019

ඔය මුවේ හසරැල් සොයා

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ළඟ ඉන්නවා

මං දන්නවා
ළඟ ඉන්නවා
අපි ආදරේ 
සුව විඳිනවා

හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ
හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ

නීල ඔය දෑස මගෙමයි කියා
කීව මතකයි එදා
හීන මැවු දෑස ඔබ ළඟ තියා
තුරුලෙ මං ඉන්නවා

හද සාගරේ
ආශා මැවූ
මේ ආදරේ

හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ
හෝ ඕ... ඕඔ ඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඕ... ඕඔ ඕ

ඈත කඳු යායෙ සිසිලස සොයා
යමු ද අපි පියඹලා
සීත නොදැනෙන්නෙ ඔබ ළඟ නිසා
ඉන්න තව ළංවෙලා

හද සාගරේ
ආශා මැවූ
මේ ආදරේ

ඔය මුවේ හසරැල් සොයා
මේ සිත ඇදෙනවා
ඔය සිතේ රහසක් ලියා
මා ළඟ ඉන්නවා

මං දන්නවා
ළඟ ඉන්නවා
අපි ආදරේ 
සුව විඳිනවා

හෝ ඕ... ඕඔඕ... ඔඔඔ
හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..

හෝ ඕ... ඕඔඕ... ඔඔ ඔඕ...

හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..

හෝ ඕ... ඕඔඕ... ඔඔඔ

හෝ ඕ... ඕඔ ඔඔ ඔඔ ඕ..
ඕ ඔ

ගායනය - උදය ශ්‍රී වික්‍රමසිංහ සමග උමාරියා සිංහවංශ
පද - නන්දන වික්‍රමගේ
සංගීතය - උදය ශ්‍රී වික්‍රමසිංහ
2015 වසරේ එළිදැක්වුණු ස්පන්දන සිනමා කෘතියේ ගීයකි.


Oya Muwe Hasarel Soya - Udaya Sri Wickramasinha & Umaria Sinhawansa

Wednesday, March 11, 2015

ළඟින් මගේ ඔබ සතපා

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ ....//

ඇවිත් වගේ අඳුරු වලා
ඔබ ළඟ නෑ දුරස් වෙලා
පෙම් කළ හද වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ
ඔබේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ හැකි උනාද
නැතුව ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ

අඳුරු වලාකුළක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ සිතට
පුදා ආදරේ
මගේ ආදරේ

අළුත් පෙමින් විඩා වෙලා
ආවෝතින් මාව සොයා
අතීතයට සමුදීලා
පිළිගන්නට හිඳියි බලා
මගේ ආදරේ
මගේ ආදරේ

ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කතා කළා
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
හදට ඔබේ නොදැණුනාද
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
මගේ ආදරේ
ඔබ නැද්ද ආදරේ

ගායනය - චන්ද්‍රලේඛා පෙරේරා
සුසංවාදය - රූකාන්ත ගුණතිලක
පද රචනය - නන්දන වික්‍රමගේ
නාද රටා සංගීත සංයෝජනය - රූකාන්ත ගුණතිලක