Showing posts with label පී. බාලචන්ද්‍ර. Show all posts
Showing posts with label පී. බාලචන්ද්‍ර. Show all posts

Saturday, March 9, 2019

රතට රතේ මල් පීදෙන


රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
දෑස් පුරා
සවන් පුරා
සතුට බෙදනවා //

ඉපනැල්ලේ නැවුම් සුවඳ දසත හමද්දී
කැවුම් කොකිස් අතිරස හෙම අපට ලැබෙද්දී
පංච ලෑලි දාදු කැට ද කලඑළි වෙද්දී
අලුත් බතට අලුත් හාල් එළියට එනවා

රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
දෑස් පුරා
සවන් පුරා
සතුට බෙදනවා //

ඔන්චිල්ලා කොස් අතු වල සවිය බල බලා
ඉහළ පහළ පැද්දෙනවා පවන් රැලි නගා
සිනා පපා දරු දැරියන් වාරම් ගයනා
හඬ පැතිරී ගම්මානේ සිහින මැවෙනවා

රතට රතේ මල් පීදෙන එරබදු වැටියේ
ගීත ගයන කෝකිලයින් අතු ඉති අතරේ
බක් මාසේ රට නළවන පණිවුඩ එනවා
දෑස් පුරා
සවන් පුරා

සතුට බෙදනවා
පණිවිඩ එනවා ...////.

ගායනය - ප්‍රියා සූරියසේන
පද - පී. බාලචන්ද්‍ර
තනුව - ප්‍රියා සූරියසේන