Showing posts with label එඩ්වින් සමරදිවාකර. Show all posts
Showing posts with label එඩ්වින් සමරදිවාකර. Show all posts

Wednesday, August 12, 2026

තුරු වදුලු තුළේ

හ්ම්.. ම්.. ම්.. ම්ම්ම්...


තුරු වදුලු තුළේ සඳලු තලේ

කැකුළු දැලේ සුරතලේ


මුකුළු ඔබේ විසුළු දඟේ

ලෙලෙන දළූ පල කළේ

හෝ.. ඕ.. ඕ.. ඕ.....

ලෙලෙන දළූ පල කළේ


සැලළිහිණි බටිති මලිති පැටව්

කිචි බිචි ගා රැව් දෙතී ....//


නීලකොබෙයි ජෝඩු වැටී

සිතට කවයි හංකිතී


තුරු වදුලු තුළේ සඳලු තලේ

කැකුළු දැලේ සුරතල


මුකුළු ඔබේ විසුළු දඟේ

ලෙලෙන දළූ පල කළේ

හෝ.. ඕ.. ඕ.. ඕ.....

ලෙලෙන දළූ පල කළේ


නිල් තණ පිටියේ බඩවැටියේ

කඳු වැටියේ නැමි නැමී

අත වන වන මට හිනැහෙන

සෙවණැල්ලක් දුර දුටුවෙමි

මම සැනසෙමි නැළවෙමී


තුරු වදුලු තුළේ සඳලු තලේ

කැකුළු දැලේ සුරතලේ


මුකුළු ඔබේ විසුළු දඟේ

ලෙලෙන දළූ පල කළේ

හෝ.. ඕ.. ඕ.. ඕ....

ලෙලෙන දළූ පල කළේ


ගායනය - ජී.එස්.බී. රාණි පෙරේරා

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දි තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


හොඳ කල ආ දා

හොඳ කල ආ දා

පයට මිණි මුතු පෑගේ

නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ


කඳු හා බෑවුම් සම බිම් අනන්ත හමුවේ //

පසුබා නොදුවා ජය මා ලැබුවා //

නිසසලේ ..

ජීවන ගායන කීවා


කවදා හෝ එළි වේවී මගෙ සුබ සිහිනේ

මගෙ සුබ සිහිනේ

උත්සාහය මේ විශ්වාසය දේ

උත්සාහය මේ විශ්වාසය දේ

ජීවනයේ ..

මාහැඟි පාඩමකි මේ


හොඳ කල ආ දා

පයට මිණි මුතු පෑගේ

නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ


කම්මැලියා වැහැරී පිරිහී තැවෙතේ... //

සීදේවී මූදේවිය දැක දුවතේ

ඉවසීමෙන් දිරි පා වැර පා දෑතේ

කළ නොහැකී දස්කම් 

මේ ලොව නොමැතේ


හොඳ කල ආ දා

පයට මිණි මුතු පෑගේ

නැත කිසි බාධා ඉරණමට මිනිසාගේ ...//


ගායනය - මොහිදීන් බෙග්

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


මේ මුල් ගීයයි.




නව සංගීතයෙන්...

ගොයම් පැසීලා කුඹුරේ

ගොයම් පැසීලා කුඹුරේ

රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


ලස්සන කියා කියා

කිරි කොක් රෑන ගියා

බඩ බිම තියා තියා

යනවා යනවා කබරගොයා

මනමාලියේ වෙලේ පිළිහුඩු හාමිනේ //

මට තේරුණා බැලූ කාරණේ //


ගොයම් පැසීලා කුඹුරේ

රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


දිය දම දමා මෙසේ

සොලවමි දෑත යසේ දෑත යසේ

හෝ හෝ අරුමය දැනේ බතේ

වැඩ කෙරුවාම හිතේ

වැඩ කෙරුවාම හිතේ


මගෙ කවි පදට හනික

විඩා නිවා සුළං හමයි

කට සෙලවීමට හැකි 

අත සෙලවූවොතින් තමයි


රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


ගොයම් පැසීලා කුඹුරේ

රන්වන් කරල් නැමීලා දිලේ

හෝ හෝ රන්වන් කරල් නැමීලා දිලේ


ගායනය - ඉන්ද්‍රාණි විජේබණ්ඩාර

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


ඔහු මරයි නම්

ඔහු මරයි නම් කවුද රකින්නේ

ඔහු රකී නම් කවුද මරන්නේ


ඔබ පැටලීලා බව සම්භෝගේ

නෑ ඔහු කවුදැයි සෙව්වේ

ඔහු මේ ලෝක තලේ අධිපතියා වේ


අද මහ නිරිඳා හෙට දිළිඳා වේ

දුගි දිළිඳා මතු නිරිඳා වේ

කවුද කරන්නේ පෙරළුම මේ

කවුද කරන්නේ පෙරළුම මේ

හෝ.. හෝ.. හෝ...

ඔහු මේ ලෝක තලේ අධිපතියා වේ


හා අර නරඹනු පායා එන සූර්යා (ඒ...

ඔහුගේ ඉඟියට එය නැග බැස ඒ

ඔහුගේ ඉඟියට එය නැග බැස ඒ

ගගන ගැබ ද ඝණ විදුලි කොටා

ගිගුරුම් දේ 

ඔහුගේ අණසක කැරකේ


නුවණ යොමාලා බලනු සිතාලා

ඔබ කවුදෝ 

ඔහු කවුදෝ

හෝ.. හෝ.. හෝ..


එය මා කෙරුවේ යනුවෙනි සිතුවේ (ඒ.. ඒ.. ඒ.. ඒ....

වැරදී වැරදී නිගමන බොරු වේ

වැරදී වැරදී නිගමන බොරු වේ

ඔබ මේ ඔබ ම නොවේ 

රූකඩයකි මෙ ලොවේ

ඔබ නැත වූ පොදුවේ

ජගතා දෛවය වේ


ගායනය - මොහිදීන් බෙග්

පද රචනය - කරුණාරත්න අබේසේකර

සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


දෙව් ලොව දෙව් සැප

දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ

රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ ....//

සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ //

වන සිවුපාවුන් නළවන ප්‍රේමේ//


හිතා ගොතා බොරු කතා කියන්නට

එපා එපා පෙම් දැලේ බැඳෙන්නට ....//

අඬා සුසුම් ලා කම්පා වන්නට //

දොඩා නොරොක් වී බුම්මා ඉන්නට //


රජකම දා ගිය කුමරා සාලිය

මනමාලිය කර ගති හුලවාලිය....//


කුවේණි විජය⁣ට ප්‍රේම ව උන්නා

එදා අපේ රට පාවා දුන්නා...//


සුන්දර සිරි දුව සදහට වාසය....//

පෙම් සැමියෝ ඉර මෙන් විශ්වාසය ....//


ඔප්පු ක⁣ළෝතින් ඒක සැබෑවයි ...//

බස්නාහිර පැත්තෙන් ඉර පායයි ...//


දෙව් ලොව දෙව් සැප වෙයි තිර ප්‍රේමේ

රජවරු පඬිවරු බන්ධන ප්‍රේමේ

සිතුවම කවිකම බිහි කළ ප්‍රේමේ

වන සිවුපාවුන් නළවන ප්‍රේමේ


ගායනය - ඇන්ජලින් ද ලැනරෝල් සමග මල්ලිකා ද සිල්වා

පද - කරුණාරත්න අබේසේකර

තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර


1958 දී තිරගතවූ "දස්කම" චිත්‍රපටියේ ගීයකි.


Monday, July 13, 2020

වාසනාව පෑදේවී

වාසනාව පෑදේවී (හොහ් හෝ...)
රූප රාණි සීදේවී (හොහ් හෝ...)

ජීව සාගරේ රැල්ලයි  රැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝද මංගල්ලේ
හොහ් හොහ් හෝ ...
මේ විනෝද මංගල්ලේ

යෞවන ජීවේ ආහාරය මේ ප්‍රේමේ //

සුර සැපත් මේ වගෙයි
ඔබ දුටත් හා අගෙයි ...//

සතුට සාදන
සැපත පාදන
පිදුව දේ දෙන
පෙම් ලොවේ ...//

ගීත නාදෙ රැව් දේවී (හොහ් හෝ...)
මා ප්‍රමෝදෙනී නෑවී (හොහ් හෝ...)

ජීව සාගරේ රැල්ලයි රැල්ලයි
දිව්‍ය ප්‍රේමයේ මල් වැල් ඉල්ලයි
මේ විනෝද මංගල්ලේ
හොහ් හොහ් හෝ ...
මේ විනෝද මංගල්ලේ

පෙම් අම ධාරා බිව්වේ වන බඹරා මේ //

ඔබ මගෙයි මා ඔබෙයි
මා ඔබෙයි ඔබ මගෙයි ...//

සතුට සාදන
සැපත පාදන
පිදුව දේ දෙන
පෙම් ලොවේ ...//

ගායනය - එච්.ආර්. ජෝතිපාල සමග ඇන්ජලීන් ද ලැනරෝල් (එවකට)
පද - කරුණාරත්න අබේසේකර
තනුව හා සංගීතය - එඩ්වින් සමරදිවාකර

එඩ්වින් සමරදිවාකර සංගීතවත් කළ එකම චිත්‍රපටිය වන “දස්කම” (1958) ) සිනමා කෘතියේ ගීයකි. 

1959 වසරේ දී අකල්හී සමරදිවාකරයන් දිවියෙන් සමුගත්තේය.

(මේ ඇනජලීන් ගුණතිලක සහ එච්.ආර්. ජෝතිපාල ගැයූ මුල්ම යුග ගීයයි.)




Song - Wasanawa Pedewi
Singers - H.R. Jothipala & Anjalin de Lanerolle (Anjalin Gunathilaka)
Lyricist - Karunarathna Abesekara
Composer - Edwin Samaradiwakara
Movie - Daskama 1958
(First Duet of Anjalin & Jothipala)

Tuesday, March 24, 2015

මඩ දියෙ පිපුණට

මඩ දියෙ පිපුණට
පිරිසිදු කිරි සුදු ඕලූ ...//
රජ සිටු දූවරු වරලස පළඳා ලංකාර වේලූ
පළඳා ලංකාර වේලූ

විල මැද මල් වාගෙ ගෙලෙ බැඳි මුතු වාගෙ
සඳ මත තරු වාගෙ
හෝ හෝ හෝ හෝ
ඔබ මට සෑහේ

සිතුවිලි පිබිදී සුළලිත ගී නැඟී

සිත ගිය තැනෙහී ඇත රජ මාළිගේ
ඇත රජ මාළිගේ

මඩ දියෙ පිපුණට
පිරිසිදු කිරි සුදු ඕලූ ...//
රජ සිටු දූවරු වරලස පළඳා ලංකාර වේලූ

පළඳා ලංකාර වේලූ

පවසන්න වාගේ මාගේ ප්‍රමෝදය
නලියන්නෙ ළපලු ලතා
හංගන්නදෝ හොර රහසේ කෙසේ
මෝරා නැඟේ
නොඉඳුල් වූ නොකලැල් වූ ප්‍රීතී සැපේ
කුළුඳුල් වූ සුනිමල් වූ ප්‍රීතී සැපේ

මඩ දියෙ පිපුණට
පිරිසිදු කිරි සුදු ඕලූ ...//
රජ සිටු දූවරු වරලස පළඳා ලංකාර වේලූ

පළඳා ලංකාර වේලූ

ගායනය - ජී. එස්. බී. රාණි පෙරේරා
පද රචනය - කරුණාරත්න අබේසේකර
සංගීතය - එඩ්වින් සමරදිවාකර

දස්කම චිත්‍රපටියෙන් (1958)



Wednesday, March 4, 2015

ඉපිද මැරේ


ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ//
අතරතුරේ නොමැරී මැරේ දස දහස්‌ වරේ
නිසල නැතේ සසල වෙතේ
නොතිර සසර සාගරේ

කුමණ නැටුම් කෙළි කවට සිනා දා//
මරුට නොමැත කිසිවිටකදි බාධා
ඔබට නොදන්වා මරු මෙහි ආදා

යන්නට සිදුවන්නේ ඉන්නට බැරි වන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ//

කුණු කය නිසරුයි
නැත පවතින්නේ
කළ හොඳ පමණයි
මෙලොව රැඳෙන්නේ
නැති බැරි කම ලෙඩ දුක ඇතිවන්නේ
අපටයි මිනිසුනේ ඇයි එය නොසිතන්නේ
නොතිර සසර සාගරේ
ඉපිද මැරේ යළි ඉපදේ
නොතිර සසර සාගරේ//

ගායනය - පණ්ඩිත් ඩබ්.ඩී. අමරදේව
පද රචනය - කරුණාරත්න අබේසේකර
තනුව - එඩ්වින් සමරදිවාකර

“දස්කම” සිනමා නිර්මාණයෙනි.