Showing posts with label චාමර විජේසිංහ. Show all posts
Showing posts with label චාමර විජේසිංහ. Show all posts

Monday, June 1, 2020

මා සිත තුළ ගී ගයනා


මා සිත තුළ ගී ගයනා වසන්තය නුඹයි
වසන්තයේ පිපී වැනෙන සුවඳ මල නුඹයි ....//

මගේ නෙතේ සදා ඇඳෙන සොඳුරු වර්ණ දේදුන්නකි //
දේදුන්නේ පාට අයිති නුඹේ දෑසටයි

මා හදවත අවදි කරණ මියුරු මියැසි රාවයයි //
ඒ මියැසිය හඬවන තත් නුඹේ දෙතොළගයි

මා සිත තුළ ගී ගයනා වසන්තය නුඹයි
වසන්තයේ පිපී වැනෙන සුවඳ මල නුඹයි ....//

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - චාමර විජේසිංහ
තනුව - නාලක අංජන කුමාර