Showing posts with label මර්සිලීනු ඇල්බට්. Show all posts
Showing posts with label මර්සිලීනු ඇල්බට්. Show all posts

Monday, November 3, 2025

බෑණා මගේ



බෑ බෑ බෑ බෑණා මගේ

මා මා මා මාමා මගේ

න න න නංගි මගේ

අ අ අ අක්ක මගේ

යකින්නි වාගේ නටාපු දරුවා


මගෙ දාසී වගෙ හීලෑ කෙරුවා


යකින්නි වාගේ නටාපු දරුවා


මගෙ දාසී වගෙ හීලෑ කෙරුවා


බෑ බෑ බෑ බෑණා මගේ

මා මා මා මාමා මගේ


එන්නකො අක්කේ බිඳින්න තඩියෙක්

ඔළුවෙ තඩිත් දැන් හීලැයි නංගී ...//


අ අ අ අක්ක මගේ

න න න නංගි මගේ


ගහල ද බෑණේ හීලෑ කෙරුවේ

බඩගිණි දීලයි හීලෑ කෙරුවේ

කොහොමද අක්කේ මෙල්ල වුණේ උඹ

දහ දුක විඳලයි මෙල්ල වුණේ මම


බෑණේ

මාමේ


අංගොඩ කොටුවේ උන්නු නිසා දැන්

ජොලියට න⁣ටන්න ලැබුණේ


හහ

අංගොඩ කොටුවේ උන්නු නිසා දැන්

ජොලියට න⁣ටන්න ලැබුණේ


බෑණේ

මාමේ


හහ

අංගොඩ කොටුවේ උන්නු නිසා දැන්

ජොලියට න⁣ටන්න ලැබුණේ


ගායනය - ලැටීෂියා පීරිස්, සහ එඩී ජයමාන්න


ගායනයේ චරිත

නාගරාළ

කෝකිල

පද්මිණී

රමණී

සියල්ලෝ


පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.