Showing posts with label රත්නා ලාලනී. Show all posts
Showing posts with label රත්නා ලාලනී. Show all posts

Friday, March 27, 2015

මත වර වරනිඳුන්ට

මත වර වරනිඳුන්ට
මන බැඳි සකිසඳුන්ට
හද ‍කොඳවිල පි‍පෙන්න
‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
රන් යහනක නිදන්න
දින ගණිතැයි කියන්න ...//

සම‍නොළ නගින රෑට
බක්මහ පෝය දාට
නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
නෝන‍ගෙ අම්බලමට මං එනවා කියන්න
එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න
එන කිරි ‍කෝඩුලාට පඬුරක්‍ ‍වෙන් කරන්න

මත වර වරනිඳුන්ට
මන බැඳි සකිසඳුන්ට
හද ‍කොඳවිල පි‍පෙන්න
‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
රන් යහනක නිදන්න
දින ගණිතැයි කියන්න

මුල්කිරිගල පාමුල
අප්පච්චි‍ගෙ සීපද
ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
ඇහිලා එක හී‍නෙක දුක හිතුනා කියන්න
උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න
උන්දැට පිං‍ දෙවන්න සිරිපා වන්දවන්න

මත වර වරනිඳුන්ට
මන බැඳි සකිසඳුන්ට
හද ‍කොඳවිල පි‍පෙන්න
‍මේ කවි ලියුම ‍දෙන්න
ඇත් කුණ්ඩ‍ලේ ඉන්න
ගෝමර තනි ඇතින්න
රන් යහනක නිදන්න
දින ගණිතැයි කියන්න ...//

ගායනය - රත්නා ලාලනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - ඔස්ටින් මුණසිංහ