Showing posts with label රේඛාව. Show all posts
Showing posts with label රේඛාව. Show all posts

Friday, December 28, 2018

මිණි මුතු පසට යට වෙනවා




ආ ...... ආආආ.... ආආආ.... ආ ...... ආ ......

මිණි මුතු පසට යට වෙනවා යට යනවා
විසකුරු නයා උඩ එනවා උඩ යනවා
සැප දුක මෙලෙස යට යනවා උඩ එනවා
මැණිකට යන අතට නයි පෙණ අසු වෙනවා

ගව ඇටසැකිලි මඩ කැට මත කුණුවෙනවා
මැස්සන් හඬන ගිණි අව්වේ උණු වෙනවා
ජීවන බරින් ඉපිලුණු දේ සුණු වෙනවා
ගලනා කඳුළු කම්මුල මත ලුණු වෙනවා

ඉරණම ඇඟිල්ලෙන් වැලි මත ලියන්නේ
සාගතයයි කියන නම එහි තියෙන්නේ
දුක දෙන්නට පමණයි කට අයන්නේ
මරණය නොවෙද ජීවිතයයි කියන්නේ

ගායනය - තිලකසිරි ප්‍රනාන්දු
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
ප්‍රකට ජන ගායනා නාද රටා ඇසුරින් සංගීත ඇදියුරු - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.

ඕළු නෙළුම් නෙරිය රඟාලා




ඕ ඕ ඕ.... ඕ........... ඕ....ඕළූ
නෙළුම් නෙරිය සලා ... ආ.....
රඟන්නේ

ඕළු නෙළුම් නෙරිය රඟාලා
කිකිණි හඬන වලා නඟාලා ....//
ගඟුල් තොටිල්ලේ
මල් ඇතිරිල්ලේ
මගේ කුඩා ඔරුව හබල් ගා

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කිරලා කිරලි කූඩුවේ ලගී
කුරුලු පන්ති නාද දී නඟී ...//
නැඹුරුවී බලා
කුඩා සුදු වලා
ඔබේ රුවට වසී වෙලානේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ //

කබරගොයා උගේ සුරතලී
සොයා ඇදෙයි නඟා දිය සුළී ...//
කොකුන් කිරි වගේ
නැගේ වෙල දිගේ
ඔබත් කොකුන් රැළක හැඩයිනේ

යමු නැළැවිල්ලේ නැළැවිල්ලේ නැළැවිල්ලේ

ඇදී ඇදී යන්න නදී රිදී තොටිල්ලේ ////.

ගායනය - සිසිර සේනාරත්න සහ පිරිස
පද රචනය - ගරු මර්සිලින් ජයකොඩි පියනම
තනුව - සුනිල් සාන්ත
සංගීතය - බී.එස්. පෙරේරා
1956 දී තිරගතවූ රේඛාව චිත්‍රපටියෙනි.