Showing posts with label හර්බි සෙනෙවිරත්න. Show all posts
Showing posts with label හර්බි සෙනෙවිරත්න. Show all posts

Thursday, April 25, 2019

මයි ප්‍රීති ප්‍රීති

මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍යාරී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ ....//

ඔබ රන් ගිරවා ආවෙ මා සොයා ප්‍රේම විනෝදේ වාගේ විනෝදේ වාගේ
හ හහ්හහ හා
මගේ පණේ සීදේවීගේ මේ රූපේ ඇලී ගැලී ....//

ඕ ඕ දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ
මයි ප්‍රීති ප්‍රීති ඩාලින් ප්‍රිය ප්‍රාණී වෙන්කෝ ආලේ
දෙන්නංකො ප්‍රාණේ
ඕ ආදර සුන්දර ඩාලෝ

ආයෙ එපා මට නම් බණ්ඩයියා (ම්ම්ම්...)
ආයෙ එපා මට නම් බණ්ඩයියා
මෝඩ විකාරේ චී චී

ඕ යේස් ඕ යේස්
දැට්ස් රයිට් මයි ලව්
නෝ ෂේප් නෝ ෂේප්
හී ඉස් අ ගොන් මැට්ටා

මගේ ආදරේ පුදන්න පිරියා
හායි ඩියර් මයි ස්වීටී ...//

යූ මයි බියුටී ක්වීන් ෆෙයාරී
රපට පපම් පම් පම්
ජිම් පම් රපට පපම් පම් පම්

ආසයි ඔබගේ රූපෙ සෝබනේ
මූණේ දිස්නේ දෙයි
ලංකාරයි
පින්සාරයි

උඹේ වචනෙමයි හාට් විනෝදේ
හාටිටියස්ට් මයි ඩියර් ...//

අයිල් මැරී යූ
අයිල් මැරී යූ ෂුවර් ඔන් සන්ඩේ නෑ කිසි සංකාවක්
ගොයින් ටු කැන්ඩී ඒ අප් කන්ට්‍රී ඩාලින් කම් විත් මී
මැරී යූ ඩාලින් කම් විත් මී

ගායනය - ලතා වල්පොල මග හර්බි සෙනෙවිරත්න
පද - ලුවී රොද්‍රිගූ
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.
1953 දී තිරගතවූ "එදා රෑ" චිත්‍රපටියේ ගීයකි.
ලතා වල්පොල මහත්මිය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ මේ සිනමා කෘතියෙනි.

හැබෑට මාගේ

හැබෑට මාගේ

හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා ....//

කාංසියේ ජොලිය දැක ලෝකේ
මෙයාට දැන් විකාරේ
විකාරේ
මං වගේ රටේ දේ දන්නෝ වෙන නැත්තේ ලොකු ලොකු ලොක්කෝ
නිකන් කන්ඩ කාලේ ....//

හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා

පැනලම ආවේ ප්‍රේමෙ නිසාමයි
ගුටි කා බැන්ඳෙත් ප්‍රේමෙ නිසාමයි
ආලේ නිසාමයි ...//

හා රෝදේ කැරකෙනවා සදනවා දෙන්නාගේ වාසනා
දෙන්නාගේ වාසනා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා ...//

කාංසියේ ජොලිය දැක ලෝකේ
මෙයාට දැන් විකාරේ
විකාරේ
මං වගේ රටේ දේ දන්නෝ වෙන නැත්තේ ලොකු ලොකු ලොක්කෝ
නිකන් කන්ඩ කාලේ

හැබෑට මාගේ ලක් කාලේ මේ ආවේ ඔයා නිසා
එක පණ වාගේ පාමූ ආලේ කාලේ හුඟක් හොඳා

ගායනය - ලතා වල්පොල මග හර්බි සෙනෙවිරත්න
පද - ඩී.ටී. ප්‍රනාන්දු
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.
1953 දී තිරගතවූ "එදා රෑ" චිත්‍රපටියේ ගීයකි.
ලතා වල්පොල මහත්මිය චිත්‍රපට පසුබිම් ගායනයට එක්වන්නේ මේ සිනමා කෘතියෙනි.

හරී හරී

හරී හරී
හා හා හරී හරී
තෑගී නම් කෝක වුනත් පිරියා
දෙන්නම්කෝ ලෝකෙ හරී
අවුරුද්දේ සිරියා ...//

ආදරයේ තියෙන හැටී පෙන්නාවී පාරෙදී
ගෙයි අස්සේ ඉස්සර නේ මේ කාලේ පාරෙදී ....//

මං පස්සේ මේ එන්නේ ඒක නිසා වෙන්නැතී

මං පස්සේ මේ එන්නේ ඒක නිසා වෙන්නැතී

තකදොං තකුඳ තෙතෙයි
තකදොං තකුඳ තෙතෙයි කියලා නටනවා
දෙන්නාගේ ආලෙ හරී කාරේ බඳිනවා

හරී හරී
හා හා හරී හරී
තෑගී නම් කෝක වුනත් පිරියා
දෙන්නම්කෝ ලෝකෙ හරී
අවුරුද්දේ සිරියා

කල් ගියෙ නෑ තාම අනේ මම නම් පොඩි එකා
උස යනවා මීට වඩා කෑවොත් බඩ පුරා ...//

උස ඕනේ නෑ ඔයාගෙ කරට කරයි ජෝඩුවේ
මාත් ඔහේ ඔයත් මෙහේ තේරුණාද යෝදියේ ....//
තේරුණාද යෝදියේ

එහෙනම් කිවුවා හරී
එහෙනම් කිවුවා හරී පාමු ආලෙ සිරියා
දෙන්නාගේ කාලෙ හරී කාරේ බඳිනවා

හරී හරී
හා හා හරී හරී
තෑගී නම් කෝක වුනත් පිරියා
දෙන්නම්කෝ ලෝකෙ හරී
අවුරුද්දේ සිරියා

හරී හරී
හා හා හරී හරී ...////

ගායනය - ලතා වල්පොල මග හර්බි සෙනෙවිරත්න
පද - හර්බි සෙනෙවිරත්න
තනුව හා සංගීතය - මොහොමඩ් ගවුස්
ස්වතන්ත්‍ර නිර්මානයකි.

ලතා වල්පොල මහත්මිය සිනමාවට ගැයූ ප්‍රථම ගීය මෙය බව බොහෝ තැන් හී සඳහන් වේ. එහෙත් මා සිතන ආකාරයට එය මෙලෙස කීවොත් වඩා නිවැරදි යයි හඟිමි.
"එදා රෑ" චිත්‍රපටියට ලතා, ගී තුනකින් සම්මාදම් විය. එසේ හෙයින් ඈ චිත්‍රපටි පසුබිම් ගායනයට එක්වන්නේ "එදා රෑ" චිත්‍රපටියෙනි. එම චිත්‍රපටියට ඈ ගැයූ ගී තුනෙන් අහවල් එක තමයි ඈ ගැයූ මුල්ම චිත්‍රපටි ගීය යයි කීම එතරම් නිවැරදි ප්‍රකාශයක් නොවේ.
තවත් කරුණක් සිහිපත් කළ යුතුය. "එදා රෑ" රිදී තීරයේ මුල් වරට දිගහැරෙන්නේ 1953 පෙබරවාරි 14 වනදාය. 1953 මාර්තු 27 වැනිදා "ප්‍රේම තරඟය" චිත්‍රපටිය ප්‍රදර්ශනය ආරම්භ කෙරුණි. "ප්‍රේම තරඟය" චිත්‍රපටියට ලතා, ගී හයක් ගැයුවාය. ඉහත කී චිත්‍රපටි දෙක එකම කාල සීමාවක නිෂ්පාදනය වෙමින් තිබුණ බව පැහැදිලිය. එසේ හෙයින් ලතා වල්පොල මහත්මිය, ප්‍රේම තරඟය" චිත්‍රපටියේ ගී මුලින් ගායනා කළා වන්නට ද පුළුවන. ඉතින් වඩාත් සාධාරණ ප්‍රකාශය විය යුත්තේ ලතා වල්පොල මහත්මියගේ ප්‍රථම සිනමා පසුබිම් ගායනය, "එදා රෑ" චිත්‍රපටිය සඳහා වූ බවයි.