Showing posts with label චන්න ජයනාත්. Show all posts
Showing posts with label චන්න ජයනාත්. Show all posts

Monday, October 14, 2019

සිදාදියේ රන් පලසට


ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....
ආ ආ ආ ආ....
ආ ආ ආ.. ආ ආ....

සිදාදියේ රන් පලසට
බෝවිටියා මල් කැකුළිය හරිම ලස්සණයි
හිතේ සුවඳ ඉඟිමැරුවට
රත්තරන් කිරිල්ලියන්ට
නුඹට බය හිතෙයි

ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....
ආ ආ ආ ආ....
ආ ආ ආ.. ආ ආ....

අහිංසකම සඳමඬලක අහිංසක පැතුම්
කවදාවත් බොඳවෙන්නැහැ සිනහ පුරණකම්

මල් පිපුණු දා පටන් මල් පෙති රෝස පාට නම්
නුඹේ සුවඳ කවදාවත් වෙනස් නැහැ ඉතින්

සිදාදියේ රන් පලසට
බෝවිටියා මල් කැකුළිය හරිම ලස්සණයි
හිතේ සුවඳ ඉඟිමැරුවට
රත්තරන් කිරිල්ලියන්ට
නුඹට බය හිතෙයි

ආ ආ ආ ආ.... ආ ආ ආ ආ....
ආ ආ ආ ආ....
ආ ආ ආ.. ආ ආ....

සිත් රිදවන නුහුරු වදන් ගලාන ඒවී
ඉස්සර වගෙ අඬන්නෙපා චූටි කුමාරී

නෙක පාට සරුංගල් විසිතුරු මනාප නැති නම්
ගමේ සුවඳ කවි පෙළකින් සිත තවරාපන්

සිදාදියේ රන් පලසට
බෝවිටියා මල් කැකුළිය හරිම ලස්සණයි
හිතේ සුවඳ ඉඟිමැරුවට
රත්තරන් කිරිල්ලියන්ට
නුඹට බය හිතෙයි

ගායනය - අතුල අධිකාරී
සහය - සමිතා මුදුන්කොටුව
පද - චන්න ජයනාත්
තනුව - ජයසිරි අමරසේකර

චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි.


Sidadiye Ran Palasata - Athula Adikari

Thursday, October 3, 2019

නැළවෙන සුළඟත්



නැළවෙන සුළඟත්
සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරු මල් දෝතක්
ළඟින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්


සඳ මල් සිපගෙන
එන මඳ සුළඟට
මමත් ආදරෙයි නම්
ලස්සණ ඇස් දෙක
දිහා බලාගෙන
සිතිවිලි නළවන්නම්


රෝස දෙතොල් පෙති
සිනා සලනවා
මල් සුවඳකට බැඳී
පෙම්බර මිහිර දිදී


හාදු අරන් මඟ බලා ඉන්නවා
ඒ මල් සුවඳ බිබී
මගෙ මල් කුමරියණී


සමා වෙන්න ඔය
හිත රිදුණා නම්
නොඉඳුල් පෙම සිහි වී
චුට්ටක් පමා වැඩී


දයාවන්ත රන්වන් සමනලියේ
කුළුඳුල් පෙම සඳකී
සඳවත මම සිඹිමී


නැළවෙන සුළඟත්
සන්සුන් සිතකට
හිරිහැරයක් වෙයි නම්
තරු මල් දෝතක්
ළඟින් තියා ඔබෙ
මම හිමිහිට යන්නම්


සඳ මල් සිපගෙන
එන මඳ සුළඟට
මමත් ආදරෙයි නම්
ලස්සණ ඇස් දෙක
දිහා බලාගෙන
සිතිවිලි නළවන්නම්


ගායනය - අතුල අදීකාරී සමග ශෂිකා නිසංසලා
පද - චන්න ජයනාත්
තනුව - ජයසිරි අමරසේකර


Nelawena Sulangath - Shashika Nisansala & Athula Adikari

ඉමිටේෂන් මාල පොටේ


ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් ....//

සක්මන් මළුවට ඉහිරෙන සඳ දිය පිණි බින්දු බින්දු
සරා සඳ වෙලා
මගේම සිත් මල තුරුළට
දේවතාවියක් කුළුඳුල හාදු ගෙනල්ලා

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන්

ඉකි බිඳ බිඳ හැඬුව කඳුළු
නින්දෙදි ඇහැ පියවෙනකොට දුරට ගිහිල්ලා
පූජාසනයෙන් තියන්න
සමන් පිච්ච මල් අහුරක් අරං ඇවිල්ලා

ඉමිටේෂන් මාල පොටේ
පාට ගෑවුණාම ගෙලේ
සඳක් වගේ පායා එන සිනහව මනරම්
හදවත සිපගන්න සුවඳ සැබෑ රත්තරන් ....//

ගායනය - අතුල අධිකාරී
පද - චන්න ජයනාත්
තනුව - ජයසිරි අමරසේකර



Imitation Mala Pote - Athula  Adikari

Tuesday, May 19, 2015

අඳුර ඉකිබිඳින තුරු

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

පිවිතුරු පැන් බිඳකට මුතු කඳුළු වැටී
දෑඟිලි මැද සෙනෙහස රන් දෙවොල තැනී
සාගරයක ආදර රැළි හිතට එබී
දිග වුණා තමයි සොඳුරියෙ සසර බැමි

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

මල් පෙති මත නැවුම් සුවඳ වැතිර හිඳී
මින්දදයින් මා බලන්න නිතර එති
හීනෙන් මුදු පොපියන තොල් සඟල සිඹී
ඔබෙ සුවඳින් මිදුණා දුක සසර පිරී

අඳුර ඉකිබිඳින තුරු සිටියට සැඟවී
සුවඳ නුඹ ළඟයි නුඹ කොතැනද මලවී
නාඬනු දුක් කඳුළ තුරුළටම වඩිමි
සුවඳ තවම හිත ළඟ නිදි නැතුව හිඳී

ගායනය - නිරෝෂා විරාජිනී සහ අසංග ප්‍රියමන්ත පීරිස්
පද රචනය - චන්න ජයනාත්
තනුව හා සංගීතය - රෝහණ වීරසිංහ

Sunday, April 5, 2015

කින්නරාවියේ

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

සුරංගනාවක්
සැන්දෑ අහසින්
මනාලියක් සේ පාවී එයි
සුවඳ අරන් ඉගිල්ලෙන්න
ආදරයේ ගිනිසිළුවක් වී

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

දුහුල් වලාවන්
සෙමින් සෙමින් විත්
වෙන්වී වෙන්වී නොපෙනී යයි
මගේ කඳුළ වාවගන්න
මා දුටුවේ හීනයක් තමයි

කින්නරාවියේ
මලක් නෙළා ගෙන
ඔබ දුර ඈතට යයි
ඒ මල නෙළුවේ ඔබ ඇයි //

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - චන්න ජයනාත්
තනුව - එච්.එම්. ජයවර්ධන

Sunday, December 1, 2013

ඉගිලෙන්න තහනම් නම්

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌ ...//

පෙම්වන්ත හිතටත් යට ඉඳන්
පෙන්වන්න අවියක්‌ ඔබ අරන්
මට ගන්න හැකි ඉර හඳ උනත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්
ඔබ දන්නෙ නැහැ ඒ බව තවත්

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්

හැමදාම මල් පෙති ළං කළත්
දැනුනේම නෑ සුවඳැති බවක්‌
නෑ මා ඔබෙන් ලද අත්වැලක්‌
සාධාරණයි අපි වෙන් කළත්
සාධාරණයි අපි වෙන් කළත්

ඉගිලෙන්න තහනම් නම් දුරක්‌
ඇයි දුන්නෙ මට අත්තටු දෙකක්‌
අපි ලිව්වෙ ලස්‌සන කවි දෙකක්‌
මගෙ වෙන්නෙ ඇයි එක කවිපෙළක්‌

ගායනය - නිරෝෂා විරාජිනී
පද - චන්න ජයනාත්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ