Showing posts with label නාලිනී රණසිංහ. Show all posts
Showing posts with label නාලිනී රණසිංහ. Show all posts

Tuesday, August 20, 2019

සුව සෙත සලසනු පිණිස දැයේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ ...//

රජ රට කටුසර වන්නිකරේ
මහවැලි දියවර ඇදෙනු පෙනේ

රජ රට කටුසර වන්නිකරේ
මහවැලි දියවර ඇදෙනු පෙනේ

මුඩු බිම් ජය බිම් වලට හැරේ
ආඩම්බර විය යුතුය දුවේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

කොත්මල ලුණුගම්වෙහෙර වගේ
ජලාශ තනවා සිහල බිමේ

කොත්මල ලුණුගම්වෙහෙර වගේ
ජලාශ තනවා සිහල බිමේ

ගොවියා සිහසුන තබන දිනේ
ඔබ ආඩම්බර වන්න පුතේ

සුව සෙත සලසනු පිණිස දැයේ
ගත සිත වෙහෙසෙන දිවා රැයේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ
තෙරුවන් සරණයි ඔබට පුතේ
තෙරුවන් සරණයි ඔබට දුවේ

ගායනය - නාලිනී රණසිංහ
පද -විලිකඩමුල්ලේ වික්‍රමසිංහ
තනුව - ටියුලින් ජයරත්න


Suwa Setha Salasanu Pinisa Deye - Nalini Ranasinha

සත්කුළුපව් පෙළින් එහා එහා

සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

විස්කම් දෙව් පුතු කැන්දා
මුතු කුඩ රන් රථය මවා
එහි නැඟ රැජිණියක් ලෙසින් ගමන් කරන්නයි //

සත්කුළුපව් පෙළින් එහා එහා
අනෝතප්ත විල අසබඩ ආලකමන්දාවක් වැනි පැතුම් විමානේ
කිරුළු දරන්නයි
පැතුම් විමානේ ...
කිරුළු දරන්නයි

සහම්පතී මහ බඹුගෙන්
රාජිණි පදවිය ලැබුවද
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ
සහන් සුවය මට නොලැබේ නිවන් සුවය සේ

ගායනය - නාලිනී රණසිංහ
පද - සරත් විමලවීර
තනුව - නාලිනී රණසිංහ


Sath Kulu Paw Pelin Eha - Nalini Ranasinha

නිසසල සිතකිනි


නිසසල සිතකිනි
ඔරුව පැදෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..
කොයිබක යන්නද හිමිදිරියේ
කොයිබක යන්නද හිමිදිරියේ

එම්බා නැඟනිය
කිම ඔබ නොදැනයි

වත ගොත විමසන්නේ
වැදිගම අසලයි මහියංගන මහ දාගැබ වැජඹෙන්නේ
සුපුරුදු සුවඳකි හදට දැනෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..
ආරාධනයයි හිමිදිරියේ //

ගස හෝ අතු අග
කොතැනද නොදැනයි

නාමල් පූදින්නේ
පින් ඇත්තන්මයි සසර පුරුද්දෙන්
කුසලට පෑහෙන්නේ

නිසසල සිතකිනි ඔරුව පැදෙන්නේ (ඒ ඒ ඒඒ... ඒ ඒ ඒඒ.. ඒඒ..
වෙහෙරට යන්නයි හිමිදිරියේ
වෙහෙරට යන්නයි හිමිදිරියේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ශාන්තිලාල් අශෝක කුමාර
තනුව - නාලිනී රණසිංහ



Nisasala Sithakini - Nalini Ranasinha

මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර


මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර බිහිවුණ බෝසතුන්

යුද්ධ නොකරම මාර සේනා පරදවා බුදු වුණි එදා

කප් රුකක් බඳු පැතුම් වැස්සෙන් සියලු සත සනසන ලෙසින්

කප් රුකක් බඳු පැතුම් වැස්සෙන් සියලු සත සනසන ලෙසින්
සුවාසූ දහසක් දහම් කඳ දෙසා වදහළ මංගලම්

මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර බිහිවුණ බෝසතුන්

යුද්ධ නොකරම මාර සේනා පරදවා බුදු වුණි එදා

දුකට මුළ හා දුක නසන හැටි සොයාගත් බුදු පියාණෝ

දුකට මුළ හා දුක නසන හැටි සොයාගත් බුදු පියාණෝ
එවන් මග ඵල ලොවට දෙනුවස් මහා සඟ පරපුර සැදූවෝ

මැද්ද මණ්ඩල කිඹුල්වත් පුර නුවර බිහිවුණ බෝසතුන්

යුද්ධ නොකරම මාර සේනා පරදවා බුදු වුණි එදා

ගායනය - නාලිනී රණසිංහ
පද - වල්ගම සෝමතිලක
තනුව - නාලිනී රණසිංහ


Medda Mandala Kimbulwathpura - Nalini Ranasinha

සමාධී බුදු පිළිම සමිඳුනි


සමාධී බුදු පිළිම සමිඳුනි
මහාමෙවුනා උයන්හී
සමාවී මට වරම් දෙනු මැන
සිතුම් සෙවණැල්ලකි මගේ
සිතුම් සෙවණැල්ලකි මගේ

ලොවේ අන් හැම ලෙසින් වුව මා
සමිඳ ඔබ පා දොවන්නේ
සමාධී ගුණ ගලින් මතු කළ
හෙළ කලාකරුවා නමින්

සමාධී බුදු පිළිම සමිඳුනි
මහාමෙවුනා උයන්හී
සමාවී මට වරම් දෙනු මැන
සිතුම් සෙවණැල්ලකි මගේ
සිතුම් සෙවණැල්ලකි මගේ

ගලට විශ්මිත බුදු ගුණය මැවු
කලාකරුවාණනි ඔබේ
නමට පූජිත සදා නොමියෙන
පුදමි චින්තන ගී පහන්

සමාධී බුදු පිළිම සමිඳුනි
මහාමෙවුනා උයන්හී
සමාවී මට වරම් දෙනු මැන
සිතුම් සෙවණැල්ලකි මගේ
සිතුම් සෙවණැල්ලකි මගේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ගුණවතී දෙල්ගොල්ල
තනුව - නාලිනී රණසිංහ


Samadhi Budu Pilima Samiduni - Nalini Ranasinha

බෝ සමිඳුනි ගැටඹේ


මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ ...//

දහස් දෙනෙත් පහනේ එළියේ
මිනිස් තඹුරු වනයේ සුවඳේ ...//
සිත සිත රඳනා
වදනක් වනු මැන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහා සසර මහවැලි දියඹේ
නොසල විපුල බල ලද දුමිඳේ ..//
ගත ගත නිවනා
ඔසුවක් වනු මැන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ

මහවැලි සිහිලේ
බෝ පත් සිලි සිලියේ
සාධු දනන් වෙත
සාධු අසිරි දෙන
බෝ සමිඳුනි ගැටඹේ
බෝ සමිඳුනි ගැටඹේ ...//

ගායනය - නාලිනී රණසිංහ
පද - බන්දුල වර්ණකුලසූරිය
තනුව - නාලිනී රණසිංහ



Bo Saminduni Getambe (Mahaweli Sihile) - Nalini Ranasinha

සත් පත්තිනි


සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //
නාථ දෙවිඳු උත්පලවන් දිවැස් බලා රට රකින්න //
සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //

ඇළ දොළ ගං වැව් පිරෙන්න

ඇළ දොළ ගං වැව් පිරෙන්න
නිසි කාලෙට වැහි වහින්න
කෙත් වතු සරුසාර වෙන්න
දිවැස් බලා වදාරන්න

සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //
නාථ දෙවිඳු උත්පලවන් දිවැස් බලා රට රකින්න //
සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //

රෝ බිය දුක් දුරු කරන්න

රෝ බිය දුක් දුරු කරන්න
දැහැමි හැඟුම් පහළ වන්න
දෑ අභිමන් පුබුදුවන්න
දිවැස් බලා වදාරන්න

සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //
නාථ දෙවිඳු උත්පලවන් දිවැස් බලා රට රකින්න //
සත් පත්තිනි සතර වරම් කතරගමේ කඳ සුරිඳුනි //

ගායනය - නාලිනී රණසිංහ
පද - රත්නසේන ඩයස්
තනුව - රෝහණ බෝගොඩ


Sath Paththini - Nalini Ranasinha

ලස්සණ රට මේකයි


ලස්සණ රට මේකයි
මේ සිරි ලංකාවයි ..//

නිදහස් ගීත ඇසේ
නිවහල් ගතිය දැනේ ...//

පොළවෙන් මිණි කැට මතුවෙනවා
මුහුදෙන් මුතු ඇට උපදිනවා
තරු කැට අහසේ දිලිසෙනවා
ඇළ දොළ ගංගා බැස යනවා
නිදහස් ගීත ගයා
නිදහස් ගීත ගයා

රන්වැලි සෑ කොත දිලිහෙනවා
අවුකන බුදු රැස් විහිදෙනවා
සීගිරි ලලනාවන් පිනවා
රඟ දෙයි දිය වැල් කලා වැවේ
නිදහස් ගීත ගයා
නිදහස් ගීත ගයා

ජය සිරිමහ බෝ සෙත වෙනවා
දළදා හිමි රට රැක දෙනවා
මිහින්තලෙන් දම් හඬ එනවා
බුදු සිරිතෙන් රට සැනසෙනවා

ගායනය - නාලිනී රණසිංහ
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු මහතාගේ බවට මතකයේ ඇතැයි  නාලිනී රණසිංහ මහත්මිය ප්‍රකාශ කළ මුත්, එය තමාට එක හෙළාම තහවුරු කළ නොහැකි බවද කියා සිටියාය. මෙය නිදහස් උත්යවය අලලා නිර්මාණය වී ඇති ගීයක් බව පෙනී යයි. වාර්තා සොයා ගැනීමට නොහැකි විය.


Lassana Rata Mekai - Nalini Ranasinha

කඳු කපා රුවන් හිරු


කඳු කපා රුවන් හිරු පායා නැඟෙනවා (උදේ
රණ මතින් කෙතද කරතෙයි ආරාධනා
සළු පවන් වැදී ගොයමද මෝරණවා (තෙතෙයි
යමු ළඳේ වෙනින් කුමටද ආයාචනා

උඩහ ගෙදර යස මැණිකා කළු කැන්දන් ඒ (ඕ.. ඕ.. ඕ.. ඕ...
පහළ ගෙදර හිච්චි නඟා දෑකැති ගන්නේ
ඇඹුල තියා මුල බැඳලා දෝ සැරසෙන්නේ
ඉර මුදුනට එන කලියෙන් කමතට එන්නේ

කඳු කපා රුවන් හිරු පායා නැඟෙනවා (උදේ
රණ මතින් කෙතද කරතෙයි ආරාධනා
සළු පවන් වැදී ගොයමද මෝරණවා (තෙතෙයි
යමු ළඳේ වෙනින් කුමටද ආයාචනා

බුද්ධං සරණේ මහිමෙන් වෙලට බහිනවා
ධම්මං සරණේ දරමින් සින්දු කියනවා
සංඝං සරණේ සරණින් පෑ වත වෙනවා
මේ තුන් සරණේ බලයෙන් රට සරු වෙනවා

කඳු කපා රුවන් හිරු පායා නැඟෙනවා (උදේ
රණ මතින් කෙතද කරතෙයි ආරාධනා
සළු පවන් වැදී ගොයමද මෝරණවා (තෙතෙයි
යමු ළඳේ වෙනින් කුමටද ආයාචනා
ආරාධනා
ආයාචනා
ආරාධනා
ආයාචනා
ආරාධනා
ආයාචනා

ගායනය - නාලිනී රණසිංහ
පද - වල්ගම සෝමපාල
තනුව - නාලිනී රණසිංහ


ගීයේ ශ්‍රවන ගුණය යහපත් නැත. වඩා හොඳ තත්වයේ ගීයක් උත්පතනය කරන තුරු මේ ගීයෙන් සැනසෙන්න.
Kandu Kapa Ruwan Hiru - Nalini Ranasinha

බුද්ධං සරණින්



බුද්ධං සරණින් බුදු පද පුදා බැතිය හද රඳවා
ලස්සණ ලංකාව රකින වඩන හැමට පැතුමකි මේ
තිස් තුන් කෝටියක් දේව රැකවරණය ලැබේවා (ආ.. ආ.. ආ. ආ....

බුදුන් දහම් සඟ සරණයි
දේව උපුල්වන් සරණයි
ඉන්දිය සයුරෙන් වටවූ
මුලු හෙළයට දෙවි සරණයි

බුද්ධං සරණින් බුදු පද පුදා බැතිය හද රඳවා
ලස්සණ ලංකාව රකින වඩන හැමට පැතුමකි මේ
තිස් තුන් කෝටියක් දේව රැකවරණය ලැබේවා (ආ.. ආ.. ආ. ආ....

බුදුන් දහම් සඟ සරණයි
සතර වරම් දෙවි පිහිටයි
තුන් හෙළයම ඔබෙයි මගෙයි
එක ධජයක හෙවණ ලබයි

බුද්ධං සරණින් බුදු පද පුදා බැතිය හද රඳවා
ලස්සණ ලංකාව රකින වඩන හැමට පැතුමකි මේ
තිස් තුන් කෝටියක් දේව රැකවරණය ලැබේවා (ආ.. ආ.. ආ. ආ....

ගායනය - නාලිනී රණසිංහ
පද - සරත් විමලවීර
තනුව - නාලිනී රණසිංහ

චිත්‍රය නවී සමරවීර ශිල්පියාගේ නිර්මාණයකි.
Buddhan Saranin - Nalini Ranasinha

Monday, August 19, 2019

සිරි මහ බෝ රැකවරණයි


සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල් නිදාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

ළමා ලොවින් වෙන්වූ දා
හිමි කර දුන් දායාදය

දිවි හිමියෙන් රැකගෙන මට
ඔබ රකින්න වරම් දෙන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල් නිදාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

පිඬුවන් ලද පණ දකිමී
ඔබ ගිය මඟ මම ද යමී

රට දැය සඳහා සැනහී
එලෝ නිවන් සුවය ලබමි
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

සිරි මහ බෝ රැකවරණයි
සිරි දළදා හිමි සරණයි

පරසතු මල නෙළාගන්න
අම්මා ළඟ සිල් සුවඳයි
සිල් සුවඳයි

ගායනය - නාලිනී රණසිංහ
පද - රත්නසේන ඩයස්
තනුව - නාලිනී රණසිංහ


Siri Maha Bo Rekawaranai - Nalini Ranasinha

යසෝදරා දේවිය හා


යසෝදරා දේවිය හා
රාහුල පුතු වගෙයි සිතා
ඔබ හා මා ගැන සිතුවේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

වෙස්සන්තර වී ඉපදී
සේසත අඹු දරු දන්දී
පෙරුම් පුරා බුදුවූයේ
සව් සත හින්දයි
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

යසෝදරා දේවිය හා
රාහුල පුතු වගෙයි සිතා
ඔබ හා මා ගැන සිතුවේ
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

සිතින් කයින් හා වදනින්
පැතුම් රැහැන් රඹ තොරණින්
නිවන් පුරය වෙත යන මෙන්
උදේ හවා මම පුද දෙමි
බුදුන් වහන්සේ
බුදුන් වහන්සේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ගුණවතී දෙල්ගොල්ල
තනුව - නාලිනී රණසිංහ


Yasodara Deviya Ha - Nalini Ranasinha

අර බලපන් නඟෝ


අර බලපන් නඟෝ
අර බලපන් නඟෝ
එහෙ බැලුවත් හිතේ ඇඳෙන
කොහෙ බැලුවත් හිතේ ඇඳෙන
නෑ හීනෙන්වත් නොදකින අර බලපන් නඟෝ
මාව කැන්දන් යන ඉලන්දාරියා
මාව කැන්දන් යන ඉලන්දාරියා

ඉහළ වෙලේ පැහෙන කරල්
රැලි සුළඟේ නඟන සුරල් ...//
ළඟදි මාව කැන්දන් යන වගයි කියන්නේ
අවුරුද්දේ අළුත් බතට එන්ට කියන්නේ
එන්ට කියන්නේ
එන්ට කියන්නේ

අර බලපන් නඟෝ
අර බලපන් නඟෝ
එහෙ බැලුවත් හිතේ ඇඳෙන
කොහෙ බැලුවත් හිතේ ඇඳෙන
නෑ හීනෙන්වත් නොදකින අර බලපන් නඟෝ
මාව කැන්දන් යන ඉලන්දාරියා
මාව කැන්දන් යන ඉලන්දාරියා

තල හේනේ පුංචි පැලේ
කවි සීපද ඇහෙන වෙලේ ...//
හොරෙන් හොරෙන් මගෙ හිත මට මොකද කියන්නේ
හඳ කුමරිගෙ හව්හරණින් යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ
යන්ට කියන්නේ

ගායනය - නාලිනී රණසිංහ
පද - ලයනල් හෙට්ටිආරච්චි
තනුව - නාලිනී රණසිංහ



Ara Balapan Nago - Nalini Ranasinha

Thursday, August 15, 2019

සුවඳ මලක් වෙන්න බැරිද


සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

හැළෙන දොළෙන් ගලන ගඟෙන්
කිරි පෙණපිඬු වෙන්නම්
දෝත පුරා දිය බිඳ බිඳ
බොනු දැක සැනසෙන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සුසුම් වැලෙන් සුසුම් වැලට
ඔබේ සුසුම් බොන්නම්
අදෙරයේ පණිවුඩ දී
සුළඟක් වී එන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

සිහින වලාකුළු එවලා
නිදි සුව ගෙන දෙන්නම්
ආශාවේ තොරන් මැදින්
ඔබ ජයගෙන ඉන්නම්

සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න
පිපී පිපී නෙත් විල මැද බමරා සනසන්න
සුවඳ මලක් වෙන්න බැරිද මට සිපගන්න

ගායනය - නාලිනී රණසිංහ
පද - චිත්‍රානන්ද අබේසේකර
තනුව - ස්ටැන්ලි එම්. ප්‍රනාන්දු


Suwanda Malak Wenna Berida - Nalini Ranasinha

සරග මල


සරග මල
පලන ගල
ළග මලබර වරල
සරග මල
පලන ගල
ළග මලබර වරල


මහනෙල සපුකුසුමක
අතිනි ගත හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල

ළග මලබර වරල


වරල
වරල
වරල
වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු
මහනෙල සපු
මහනෙල සපු කුසුමක
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත
අතිනි ගත

මහනෙල සපු කුසුමක අතිනි ගත හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග මල
පලන ගල
ළග මලබර වරල

සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග සරග සරග මල
පලන පලන පලන ගල


සරග මල
පලන ගල
ළග මලබර වරල

මහනෙල සපුකුසුමක අතිනි ගත
හෙළිලම්බුයුක

ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


සුවඳ මල් පැලඳි,  මලින් බර වරලින් යුතු, ගලෙහි ඇලුණු රූමත් කතක්, මහනෙල් හා සපු කුසුමක් අතින් ගත්තීය.

Saraga Mala - Sunil Santha & Nalini Ranasinha

Wednesday, August 14, 2019

මගේ සිත තැන්පත්ය


මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

ආදරය කරුණාව දයා උතුරා ගලන

මා සිතෙහි ශිල්ප හා ගුණ දහම් ඇත ‍රැඳී

ගුරු දෙගුරු හිත මිතුරු හා අවට සියලු දෙන
මා හැදෙන හැටි බලා සිටිති ආදරයකින්

මගේ සිත තැන්පත්ය තැන්පත්ය තැන්පත්ය

මගේ සිත පිවිතුරුය සන්සුන්ය තැන්පත්ය

පරිසරය මා රකී රකිමි මම පරිසරය

ලෝකයට බර නොවී වැඩ පිණිස මම හැදෙමි

වාසනාවන්ත වූ අනාගතයක් කරා
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි
පාසලින් මග දකින හොඳම දරුවා මමයි

ගායනය - නාලිනී රණසිංහ
පද - සමරවීර වීරවන්නි
තනුව - ආනන්ද ජයසිංහ


Mage Sitha Thenpathya - Nalini Ranasinha

සී රජු යසස සිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

නිලුපුල්
නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි

නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
සී රජු යසස සිරි
යසස සිරි
යසස සිරි

තුඹු මුළු ලොව් පැතිරී
ලොව් පැතිරී
ලොව් පැතිරී

නිලුපුල් නිලුපුල්
නිලුපුල් නිලුපුල්

නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
අසිරි අසිරි ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
බැලුමො බැලුමො ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

නිලුපුල්
නිලුපුල්
නිලුපුල් ඇසුන් අසිරි

නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි

සී රජු යසස සිරි
යසස සිරි
යසස සිරි

තුඹු මුළු ලොව් පැතිරී
ලොව් පැතිරී
ලොව් පැතිරී

නිලුපුල් නිලුපුල්
නිලුපුල් නිලුපුල්

නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි
නිලුපුල් ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
අසිරි අසිරි ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
බැලුමො බැලුමො ඇසුන් අසිරි

අසිරි අසිරි අසිරි අසිරි
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි
බැලුමො බැලුමො සිහිගිරි


සී රජු යසස සිරි
තුඹු මුළු ලොව් පැතිරී
නිලුපුල් ඇසුන් අසිරි බැලුමො සිහිගිරි


ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


මුළු ලොව පතළා වූ යසස සහ සිරියද ඇති සිංහ රාජයාද, අසිරිමත් නිලුපුල් ඇස් (ඇත්තියන්ද) සිහිගිරියේදී බැලුවෙමු.

See Raju Yasas Siri - Sunil Santha & Nalini Ranasinha

හමල් මරු


හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා


හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා


හමල් මරු
ජහස් සුයූ
හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ
මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන්
හස්සුන් කුම් වාල්ලා


හමල් මරු ජහස් සුයූ හස්සන් දල්ලා
තුරු ගල් කොහල් හූ මල ගල්හි හැල්ලා
ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා


ගණනින් මුත් කලබ්
කළ තම්බල පල්ලා
පැරැය දිගැස් ත දුන් හස්සුන් කුම් වාල්ලා
...//

හමල් මරු
ජහස් සුයූ (හස්සන් දල්ලා) ...///


ගායනය - සුනිල් සාන්ත සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - සීගිරි කුරුටු ගී අතරින්
නාද රටා - සුනිල් සාන්ත


සුළඟ හැමීය. දළු ආ දහස්‌ සුවහස්‌ ගණන් ගස්‌ බිම පතිත විය. කොහා නාද පැවැත්වීය. මලය පර්වතයෙන් දිය ඇලි පතිත විය. කදෝ කිමියන් විසින් රාත්‍රිය තඹවන් ළා දළු පැහැ ගන්වන ලදී. දිගැසිය තී දුන් හසුනින් කවර පිහිටාධාරද?

Hamal Maru - Sunil Santha & Nalini Ranasinha

කාංසියට මීගමු යනවා

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා ...//

ආ ගමනක් නැත
ආපු කෙනෙක් නැත
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොන් කුර ගෙවුණා

පාළු ගෙයක දොර බින්දා
ගෙයි හිමියා ඇස බැන්දා
දිරූ වහල සිදුරු තුළින් විදුලිය ගෙතුළට ආවා //

ගෙයි කිසිවකු නැත
එතැනද කෙළවර ...//

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා ...//

මන්දාරම් වැහි කුණාටු කන්ද කපා මතුවෙනවා
නින්දගමක් තෑගි දෙන්න මෙගොඩින් එතෙරට යනවා //

එහි කිසිවකු නැත
එතැනද කෙළවර ...//

කාංසියට මීගමු යනවා
මාන්සියට ගොනු කුර ගෙවුණා ...//

ආ ගමනක් නැත
ආපු කෙනෙක් නැත
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා
කේලම් දෙඩුවා
බැණුම් ද ඇහුවා

ගායනය - නාලිනී රණසිංහ
පද - රත්නසේන ඩයස්
තනුව - සරත් බාලසූරිය


Kaansiyata Meegamu Yanawa - Nalini Ranasinha

Tuesday, August 13, 2019

වලාකුළින් බැස


https://ijoear.com/Paper-October-2015/IJOEAR-OCT-2015-11.pdf


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


දැවේ දැවේ බිම් දිදී රදස් දුම්
බැලූ බැලූ හැමතේ
යවව් යවව් මා එහේ මෙහේ හා
ගිමන් නිවා පොළවේ


එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


එදා රටේ මේ දනෝ තැතින් මා
තැනින් තැනේ රඳවා
මගෙන් වැඩක් ගෙනැ
මටත් වැඩක් කොටැ
ලොවේ නමක් තැබුවා


වැඩක් නොගත් දිය හඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


වැඩක් නොගත් දිය අඬා දොඩා මේ
මුවේ බලා යනවා
හැපී සිඳී සිඳු තෙරේ වැදී
කරදියෙන් එලෝ යනවා


වලාකුළින් බැස
සමන් කුළත් වැඳ
එලෝ බලා යනවා
අනේ මගෙන්
වැඩ ගනිව් ගනිව්
හඬ හඬා ඔහේ යනවා


ගායනය - අයිවෝ ඩෙනිස් සමග නාලිනී රණසිංහ සහ පිරිස
පද - අරිසෙන් අහුබුදු
තනුව - සුනිල් සාන්ත



Walakulin Besa Saman Kulath Wenda - Ivor Denis & Nalini Ranasinha