Showing posts with label කමල් ප්‍රසාද්. Show all posts
Showing posts with label කමල් ප්‍රසාද්. Show all posts

Tuesday, October 4, 2016

පින්න පිපෙන රෑ යාමේ


පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා ...//

මගෙ සිත දවා කිසි දිනේ යන්නෙ නෑ කියා //
එදා කී කතා මගෙ හදවතේ ඇත ලියා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා

මා දුක නිවා සෙනෙහසින් බැඳෙන්නට සදා //
එදා මා පැතූ ඔබෙ ආදරේ ගොළු වෙලා

පින්න පිපෙන රෑ යාමේ
එන්නදෝ සොයා
කැකුළු පිපෙන සඳපානේ
සිටීදෝ ඔයා ...//

ගායනය - සමිතා එරන්දතී මුදුන්කොටුව
පද - කමල් ප්‍රසාද්
තනුව - අතුල අධිකාරී



Pinna Pipena Re Yame - Samitha Mudunkotuwa