Showing posts with label තිලකරත්න කුරුවිට බණ්ඩාර. Show all posts
Showing posts with label තිලකරත්න කුරුවිට බණ්ඩාර. Show all posts

Tuesday, April 9, 2019

උඩ අහසේ තරු ගානේ

උඩ අහසේ තරු ගාණේ
බිම පොළවේ වැලි ගාණ
මහ මුහුදේ රැලි ගාණ
සෙනේ මගේ ඒ ගාණ
සෙනේ මගේ ඒ ගාණ

ඉරට එක්වෙලා ගිරවිත් යන්නාය
සඳට එක්වෙලා සාවිත් යන්නාය
මලට එක්වෙලා බමරෙක් යන්නාය
නුඹට එක්වෙලා මගෙ සිත යන්නාය

ඉරු දෙවියන් වැඩිය තැනේ
කරුවල නැතිවෙයි එතැනේ
ආදරයක් පිපුණ තැනේ
දහසක් දෙවියෝ එතැනේ
දහසක් දෙවියෝ එතැනේ

ජලේ හොඳයි දියබුං ගා පීනන්න
විලේ හොඳයි නාඹර මල පීදෙන්න
වෙලේ හොඳයි ගැබ්බර වී මෝරන්න
කාලෙ හොඳයි නෑණන්ඩිට බහ දෙන්න
කාලෙ හොඳයි නෑණන්ඩිට බහ දෙන්න
කාලෙ හොඳයි නෑණන්ඩිට බහ දෙන්න

ගායනය - නීලා වික්‍රමසිංහ
පද - තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව - එච්.එම්. ජයවර්ධන

නීල වර්ණ වන වදුලේ

නීල වර්ණ වන වදුලේ
කුරුලු ප්‍රේම ගී අතරේ
සයුරු සමිඳු වැළඳගන්න
පෙම් දිය දොළ ගලා හැලේ
පෙම් දිය දොළ ගලා හැලේ .....//

නන් මල් පිපි වනන්තරේ
රොන් වැගිරෙයි නිරන්තරේ
පෙමක මහිම පාන සුවඳ
කියයි පෙමක කතන්දරේ
කියයි පෙමක කතන්දරේ

නීල වර්ණ වන වදුලේ
කුරුලු ප්‍රේම ගී අතරේ
සයුරු සමිඳු වැළඳගන්න
පෙම් දිය දොළ ගලා හැලේ
පෙම් දිය දොළ ගලා හැලේ

ළඳේ නුඹේ තුරුල්ලේ
සදන සුපෙම් තොටිල්ලේ
මා සනහන කැළුම් ජලේ
පෙම් සඳරැස් මඬුල්ලේ
පෙම් සඳරැස් මඬුල්ලේ

නීල වර්ණ වන වදුලේ
කුරුලු ප්‍රේම ගී අතරේ
සයුරු සමිඳු වැළඳගන්න
පෙම් දිය දොළ ගලා හැලේ
පෙම් දිය දොළ ගලා හැලේ

මල් පිපිලා මල්සරාට මල් මංගල්ලේ
රොන් හැළිලා අපට යන්න මල් පියවිල්ලේ .////.

ගායනය - ටී.එම්. ජයරත්න
පද - තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව - එච්.එම්. ජයවර්ධන

Tuesday, January 3, 2017

සිත් පහන් වී

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා ...//

යසස උදාවේවා
ඉසුරු සිනාවේවා ...//
අඳුර පලායේවා
එළිය ගලා ඒවා

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා

සිසිලෙන් ලොව නාවා
පවන හමා ඒවා ...//
සෝගිණි වියැකේවා
සාගිනි දුරුවේවා

සිත් පහන් වී
නෙත් කැළුම් දී
සිත් පහන් වේවා
සිත් පහන් වේවා

ගායනය - විශාරද නන්දා මාලිනී
පද රචනය - තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව - විශාරද ගුණදාස කපුගේ


Monday, March 16, 2015

ඉසුරු දෙවිඳු


ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි ...//

කුල කතකගෙ සුරතුර බඳු සුරත ලබන්ඩයි
තල් වැට බිඳ නිල් වන රොදකට යා ගන්ඩයි
පතිනිය මිස පාක්කුඩම් කිසිත් නොගන්ඩයි
පෝරුව පිට සිටුවා කර මාල බඳින්ඩයි

කෝවිල කොත් කැරලි කැලුම් නෙත දැවටෙන්නයි
දීප ධූපයෙන් දිවි මග සුවඳ කරන්නයි
පිච්ච මලින් යහන සැදෙන්නයි
රාධා ක්‍රිෂ්ණ පෙමින් වෙලෙන්නයි

අතපැන් වත්කොට සුළැඟිලි එකට බඳින්ඩයි
තැලි පිළි අන්දා පෙර කුල සිරිත රකින්ඩයි
බුලත් හුරුළු දී නෑයන් අවසර ගන්ඩයි
සිලෝ හඬින් පාවඩ පිට කැන්දන් යන්ඩයි

ඉසුරු දෙවිඳු උමයංගන සේ පෑහෙන්නයි
විෂ්ණු බ්‍රහ්ම මෙහෙසුරු දෙවි පිහිට පතන්නයි
තවිල් නදින් සවන් පිරෙන්නයි
කොකු මඟරා නළල දිලෙන්නයි

ගායනය - අබේවර්ධන බාලසූරිය සමඟ නිරංජලා සරෝජිනි
පද රචනය - තිලකරත්න කුරුවිට බණ්ඩාර
තනුව හා සංගීතය – ආචාර්ය වික්ටර් රත්නායක

1979 දී තිරගතවූ සරුංගලේ චිත්‍රපටියෙන්