Showing posts with label ශ්‍රී ලාල් අමරජීව. Show all posts
Showing posts with label ශ්‍රී ලාල් අමරජීව. Show all posts

Thursday, April 18, 2019

සී එන් කුළුනේ මුදුනින්

සී එන් කුළුනේ මුදුනින් ලාවට සඳ පායලා
දෙවැට දිගේ එරබදු මල් හිත පතුලේ තෙරපිලා
රබන් සුරල් හඬ වෙනුවට රෙගේ සින්දු කොඳුරලා
අවුරුදු ඇත මේ දුරු රට අපේ හිතින් පාවෙලා

කැවුම් කොකිස් රස වෙනුවට කේක් රහට හුරුවෙලා
දිව නැමුනද හිත හැදුණද තාමත් නැහැ තේරිලා
සිරිත් විරිත් හිත ඇතුලේ තවත් සිහින බොඳවෙලා
දුවට පුතුට පෙන්වමි මම අන්තර්ජාලේ කලා

සී එන් කුළුනේ මුදුනින් ලාවට සඳ පායලා
දෙවැට දිගේ එරබදු මල් හිත පතුලේ තෙරපිලා
රබන් සුරල් හඬ වෙනුවට රෙගේ සින්දු කොඳුරලා
අවුරුදු ඇත මේ දුරු රට අපේ හිතින් පාවෙලා

අවුරුද්දේ සිත දස අත මතක අතර කිමිදිලා
තරුමල් අහසේ නැගලා නේක රටා බිහි කළා
අම්මා තාත්තා වෙනුවෙන් යළිත් මතක පිබිදිලා
හෙට උදේම කෝල් එකක් ගන්න හිතට බල කළා

සී එන් කුළුනේ මුදුනින් ලාවට සඳ පායලා
දෙවැට දිගේ එරබදු මල් හිත පතුලේ තෙරපිලා
රබන් සුරල් හඬ වෙනුවට රෙගේ සින්දු කොඳුරලා
අවුරුදු ඇත මේ දුරු රට අපේ හිතින් පාවෙලා ...//

ගායනය - ශ්‍රී ලාල් අමරජීව ෆොන්සේකා
පද - අනුරුද්ධ වැලිගමගේ
තනුව හා සංගීතය - රෝහණ ධර්මකීර්ති