Showing posts with label ආර්. මුත්තුසාමි. Show all posts
Showing posts with label ආර්. මුත්තුසාමි. Show all posts

Monday, July 20, 2026

සැපතා සොයා

වංචාවෙන් පිරීලා
මායාවෙනී වට වී ඇතී මේ

විපරීත ලෝකේ....


සැපතා සොයා මේ

මිනිසා තැවේ

පාපේ වෙලා ද සාපේ

සැම දා දුකේ ගිලී මේ 

මිනිසා තැවේ


දුගියා හටා මෙ කාලේ

ලැබෙවීද පිහිට කාගේ ...//

සිඟලා යැපේ දෙවේලේ

කරුමේ ගෙවාලා පූර්වේ

සැපතා සොයා මේ

මිනිසා තැවේ


නැතිවේ පරෝපකාරේ

දැන් කාලෙ පොහොසතාගේ ...//

දිළිඳාට පිහිට වෙන්නේ

දිළිඳාම වේ මෙ ලෝකේ


සැපතා සොයා මේ

මිනිසා තැවේ

පාපේ වෙලා ද සාපේ

සැම දා දුකේ ගිලී මේ 

මිනිසා තැවේ


මිනිසා තැවේ


ගායනය - මොහිදීන් බෙග්

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


රත්තරනින් රන් රුව සේ

රත්තරනින් රන් රුව සේ 

දිලිසෙන රූපේ

මේ දිලිසෙන රූපේ

උඹෙ ලස්සන උපමා කරන්න

වචන නෑ පොතේ

මට වචන නෑ පොතේ ...//


වශී වුණා වාගේ 

මගෙ හිත උඹ ගැන වේගේ

අපි දෙන්නගෙ මේ ආලේ

තේ කොළයි සීනි වාගේ

අපි දෙන්නගෙ මේ ආලේ

තේ කොළයි සීනි වාගේ


මීගමුවේ රස අලුවා කැටය

කෝට්ටේ පැණි දොඩම් ගෙඩිය

නාවල අන්නාසිය

කළුතර මැන්ගුසිය


මල්වානේ රඹුටම

සිරියාලේ දුම්කොළය


රත්තරනින් රන් රුව සේ 

දිලිසෙන රූපේ

මේ දිලිසෙන රූපේ

ඔබෙ ලස්සන උපමා කරන්න

වචන නෑ පොතේ


ගිලීමලේ බුලත් කොළය

පුත්තලමේ ලුණු කැටය

බටලීයේ කජු මදය

මොරටුවේ ලී බඩුව

නුවර පොල් හොදි හැළිය

කොළඹ රස මස් කරිය


රත්තරනින් රන් රුව සේ 

දිලිසෙන රූපේ

මේ දිලිසෙන රූපේ

ඔබෙ ලස්සන උපමා කරන්න

වචන නෑ පොතේ


යාපනේ අඹ ගෙඩිය

කඳානේ රාණි සඳුන් කැටය

මාතර කිරි මුට්ටිය

රත්නපුරේ මැණික් කැටය


මේ ඔක්කොම පරාද වේවි

උඹෙ නාඹර මූණු පොඩිය


රත්තරනින් රන් රුව සේ 

දිලිසෙන රූපේ

මේ දිලිසෙන රූපේ

උඹෙ ලස්සන උපමා කරන්න

වචන නෑ පොතේ

මට වචන නෑ පොතේ ...//


වශී වුණා වාගේ 

මගෙ හිත උඹ ගැන වේගේ

අපි දෙන්නගෙ මේ ආලේ

තේ කොළයි සීනි වාගේ


රත්තරනින් රන් රුව සේ 

දිලිසෙන රූපේ

මේ දිලිසෙන රූපේ

ඔබෙ ලස්සන උපමා කරන්න

වචන නෑ පොතේ

මට වචන නෑ පොතේ


ගායනය - එඩී යාපා

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


වැසුණා දොර ආදරේ

වැසුණා දොර ආදරේ (ඒ...

වෙලුණා ළය ගින්දරේ (ඒ...

සිර ගේකි මට ලෝකේ ....//


හැරදා ගියා මාගේ ප්‍රේමේ දයා

සැම දා අහෝ මා තනි වී ගියා

ලොව සෑම පාළු වී ගියා

සිර ගේකි මට ලෝකේ

ඒ සිර ගේකි මට ලෝකේ


වැසුණා දොර ආදරේ (ඒ...

වෙලුණා ළය ගින්දරේ (ඒ...

සිර ගේකි මට ලෝකේ ....


දෑලේ වැඩුවෝ සතුරු වුණා

බාලේ තැබු ආදරේ සුන් වුණා

ලොව සෑම පාළු වී ගියා

සිර ගේකි මට ලෝකේ

ඒ සිර ගේකි මට ලෝකේ


වැසුණා දොර ආදරේ (ඒ...

වෙලුණා ළය ගින්දරේ (ඒ...

සිර ගේකි මට ලෝකේ ....


රුදුරු ගති පා සමාජේ මෙසේ

අඳුරූ කළා මේ අපේ ජීවිතේ

මතු ආත්ම භාවෙ දී ලොවේ

හමුවේව දෙන්නා අපි

ඒ.. හමුවේව දෙන්නා අපි


වැසුණා දොර ආදරේ (ඒ...

වෙලුණා ළය ගින්දරේ (ඒ...

සිර ගේකි මට ලෝකේ ....


ගායනය - ලතා වල්පොල (එවකට ලතා ජී. ප්‍රනාන්දු)

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


යන්නේ කොහේද මා

යන්නේ කොහේද මා

ඉන්නේ කොහේද මා

සන්තාපෙ වෙළිලා

සන්තෝසේ සිඳිලා

යන්නේ කොහේද මා


රැවටී දෙවේලේ

දැවටීල ආලේ ....//

කපටී ලියන්ගේ

බසටා මුළා වීලා

යන්නේ කොහේද මා


පිටතින් සුසිල් වූ

යටතින් දුසිල් වූ ....//

ඉතිරින්ගෙ මායා

දැලටා අසුවීලා

යන්නේ කොහේද මා


පෙන්නා බොරූ සෙනේ

දෙන්නාගෙ මීටරේ ...//

දන්නා ලියන්ගේ

ලොවටා සාපේ වුණා


යන්නේ කොහේද මා

ඉන්නේ කොහේද මා

සන්තාපෙ වෙළිලා

සන්තෝසේ සිඳිලා

යන්නේ කොහේද මා


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


නිසංසලයි ලෝකේ

ආ... ආඅ ආ...

ආ... ආ... ආඅ ආ...

ආ... ආ... ආ... ආ...


නිසංසලයි ලෝකේ


නිසංසලයි ලෝකේ

සැම දේම මේ වේලේ

හද මාගෙ ඇයිදෝ සංචල් ...//


මේ ප්‍රේම සංග්‍රාමේ

මැදේහි මා අඳුරේ...//


තනි වුණා සේ කරුමේ

හද මාගෙ ඇයිදෝ සංචල්


නිසංසලයි ලෝකේ

සැම දේම මේ වේලේ

හද මාගෙ ඇයිදෝ සංචල්


නැතේ කිසි සරණේ

සැපේ තමා මරණේ ...//


ළඟ ඒවි ජීවේ සාමේ

හද මාගෙ ඇයිදෝ සංචල්


නිසංසලයි ලෝකේ

සෑම දේම මේ වේලේ

හද මාගෙ ඇයිදෝ සංචල්

හද මාගෙ ඇයිදෝ සංචල්

හද මාගෙ ඇයිදෝ සංචල්


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


කෝමල ප්‍රේම සුදා

කෝමල ප්‍රේම සුදා

මගෙ රාණී වූ දා


කෝමල ප්‍රේම සුදා

මගෙ රාණී වූ දා


පෙම් ලෝකේ බාධා

සුන් වී යයි සෝකා

ඔබ වේ මාගේ ජීවේ ඉටු දේවතා


රූබර ප්‍රේම සුදා

මගෙ රාජා වූ දා


රූබර ප්‍රේම සුදා

මගෙ රාජා වූ දා


පෙම් ලෝකේ සාරා

සම්පත් දී නේකා

ඔබ වේ මාගේ ප්‍රේමේ සුර දේවයා


සැම දේ අන්ධකාර මා හටා ලෝ 

සැම දේ අන්ධකාර මා හටා

පහනකි ප්‍රේමී ආලෝකේ හී //

සුදිලේ බැබැලේ //

බාලේ බැන්දා වු ආලේ


කෝමල ප්‍රේම සුදා

මගෙ රාණී වූ දා

පෙම් ලෝකේ බාධා

සුන් වී යයි සෝකා

ඔබ වේ මාගේ ජීවේ ඉටු දේවතා


රූබර ප්‍රේම සුදා

මගෙ රාජා වූ දා

පෙම් ලෝකේ සාරා

සම්පත් දී නේකා

ඔබ වේ මාගේ ප්‍රේමේ සුර දේවයා


පැවතී සෑමදාම මේ ලෙසා ලෝ 

පැවතී සෑමදාම මේ ලෙසා 


ඉර හඳ වාගේ ප්‍රේමා⁣ලෝකේ //

සුදිලේ බැබැලේ //

බාලේ බැන්දා වු ආලේ


කෝකිල රෑන ගිරා ගයනා සංගීතේ

සුමිහිරිතාවේ මතු වේ පෙම් සාමේ

සුදිලේ බැබැලේ //

බාලේ බැන්දා වු ආලේ

බාලේ බැන්දා වු ආලේ


ගායනය - ලතා වල්පොල සමග ධර්මදාස වල්⁣පොල

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


කැරකේවී රථ රෝදේ වාගේ

කැරකේවී රථ රෝදේ වාගේ 

සැපතා විපතා ලෝ 

කැරකේවී රථ රෝදේ වාගේ 


අද මහ මාර්ගේ දුකින් සිඟන්නා 

හෙට ධනපතියා වී සැප විඳිනා ...//


රජු දුගි වේ

දුගි රජු වේ


රජු දුගි වේ

දුගි රජු වේ

සෝබා දහම් සේ 

කැරකේවී රථ රෝදේ වාගේ 


ලොව අසාවේ පැටලී මෝහේ 

ඇයි තණ්හාවේ පොදි බැඳ ඉන්නේ ..//


මරු ආදා

යයි හැරදා


මරු ආදා

යයි හැරදා

සෝබා දහම් සේ 

කැරකේවී රථ රෝදේ වාගේ 


කළ හොඳ නොහොඳයි 

ලොව පවතින්නේ 

පින පව දෙකමයි   

අපි ගෙන යන්නේ ....//


කළ කළ දේ   

පල පල දේ 


කළ කළ දේ   

පල පල දේ

සෝබා දහම් සේ 

කැරකේවී රථ රෝදේ වාගේ 


සැප ළඟ දුක වේ   

දුක ළඟ සැප වේ

වළකනු බෑ ඒ   

කාටත් ලෝකේ ..//


පව දුක දේ

පින සැප දේ


පව දුක දේ

පින සැප දේ

සෝබා දහම් සේ 

කැරකේවී රථ රෝදේ වාගේ

සැපතා විපතා ලෝ 

සෝබා දහම් සේ 

කැරකේවී රථ රෝදේ වාගේ


ගායනය - ධර්මදාස වල්පොල

පද - ඩබ්. බෙනඩික් ප්‍රනාන්දු

තනුව - ආර්. මුත්තුසාමි

සංගීතය - ආර්. මුත්තුසාමි


1958 දී තිරගතවූ "සොහොයුරෝ" චිත්‍රපටියේ ගීයකි.


Wednesday, April 1, 2026

අලංකාරෙනී සෑදූ

අලංකාරෙනී සෑදූ
අගනා වු මේ මාලේ

පළඳින්නෙමී සැනසිලා ....//


වසන්තේ වනේ උදා වූ

කුසුම් සේ ඔබේ ප්‍රියාවී ...//


අද ඉන්නෙ සැනසීලා

කියා ආලයේ ගීතා


අද ඉන්නෙ සැනසීලා

කියා ආලයේ ගීතා

සිතෙන් පෙම් රසේ උරාලා //

සෝකා හැර දාලා රාජා

විනෝදෙන් මත් වෙලා


අලංකාරෙනී සෑදූ

අගනා වු මේ මාලේ

පළඳින්නෙමී සැනසිලා


මගේ ප්‍රේමවන්තයාගේ

සදා ප්‍රේමවන්ති මා වේ .. //

සැනසෙන්නකෝ මා හා

දමා මා ගෙලේ මාලේ


සැනසෙන්නකෝ මා හා

දමා මා ගෙලේ මාලේ


තවත් ඉන්න බෑ දමාලා

මාගේ පෙම් ලෝකේ රාජා

වියෝගෙන් මෙසේ වෙන් වෙලා


අලංකාරෙනී සෑදූ

අගනා වු මේ මාලේ

පළඳින්නෙමී සැනසිලා ...//


ගායනය - රුක්මණී දේවි

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

තනුව හා සංගීතය - ආර්. මුත්තුසාමි


1957 දී තිරගතවූ "සිරියලතා" චිත්‍රපටියේ ගීයකි.




ගීයේ සිනමා දර්ශන
(ඉතා දුර්වල වීඩියෝවකි)