Showing posts with label මාලිනී බුලත්සිංහල. Show all posts
Showing posts with label මාලිනී බුලත්සිංහල. Show all posts

Sunday, May 10, 2020

තාරකා මල් පිපී හිනැහෙන


තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

හිරු සඳුට හා ලොවට රහසින්
සදාගමු අපෙ පුංචි ලෝකය ...//
දුකට කඳුළට පවුරු බඳිමින්
පෙමින් සරසමු එවන් ලෝකය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ

ඔබේ දෙනයන කැළුම් ඇත මට
එළිය වන්නට මගේ ලෝකය ...//
ඔබේ සිහිලැල් සුවැති සෙවණින්
නිවී සැනහෙයි මගේ ජීවය

තාරකා මල් පිපී හිනැහෙන
ප්‍රේමයේ මල් මාවතේ
පා නඟා යමු ඈත ලොවකට
නිවා ළතැවුල් ජීවිතේ ...//

ගායනය - සුනිල් එදිරිසිංහ සමග මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - වික්ටර් රත්නායක

සුනිල් එදිරිසිංහයන්ගේ ප්‍රථම ගුවන් විදුලි සරල ගී වැඩසටහන (1975) සඳහා ගැයුණු ගීයකි. එදා එම වැඩසටහනට සුනිල් එදිරිසිංහ මේ ගීය ගැයුවේ නිරංජලා සරෝජිනී සමගය.
1984 දී මෙම ගීය සින්ග්ලංකා සමාගමේ "පිනිබර යාමේ" කැසට් පටය ට ඇතුළත් විය.

Friday, April 12, 2019

පැදුරු එළා රෑ හඳ යට

පැදුරු එළා රෑ හඳ යට
අපි දෙන්නා තුරුලට ගෙන
අම්මා කී බුදු සිරිතේ කතා මතකදෝ
ඒ එක් පුවතක නුඹ ඇසු
රා බී හොඳටම මත්වුණු
නාලාගිරි වී මල්ලියෙ මේ ඒ නුඹදෝ

ඇතුගෙ නපුරු ගති අහලා
මවු තුරුලට දැවටීලා
බය වී හැඬුවා මතකයි නුඹ ඒ බාලේ
ඇස ඇස කඳුළැලි දී නුඹ
මත් පෙළහර පානා අද
වැදු බුදු මවු නෙත කඳුළට කෝ ඒ කඳුළූ

සෙනෙහෙ පිරුණු ළය දෙදරා
කඳුළු කැටිති වී බිඳුනේ
තුන්යම නුඹ ගැන මව දුටු හීන නොවේදෝ
හැරදා ඔය මත් විජිතය
එනදා යළි මවු උකුළට
කියහන් මල්ලියෙ කියහන් තවදුර වේදෝ

පැදුරු එළා රෑ හඳ යට
අපි දෙන්නා තුරුලට ගෙන
අම්මා කී බුදු සිරිතේ කතා මතකදෝ
ඒ එක් පුවතක නුඹ ඇසු
රා බී හොඳටම මත්වුණු
නාලාගිරි වී මල්ලියෙ මේ ඒ නුඹදෝ

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල
පද - ආනන්ද හේවාරංහිඳගේ
තනුව - එච්.එම්. ජයවර්ධන

Sunday, March 24, 2019

කොහේ යන්නෙද



හා.... හහහහා..... හහහහා..... හහහහා.....

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

මං මුලාවී ජීවිතේ අප ළංවෙලා ඉමු මේ ලෙසින්
තවත් පෙම්වතියන්
පෙම්වතුන්
එනතුරා මේ මාවතේ
ගමන් මඟ විමසා අපෙන්

මේ ලෙසින් සසරේ පුරා අපි ළංවෙලා සිටියේ හදින්
හෙටත් අද වාගේ
බලා හිඳිමූ
සිත් සතන් නැති ලෝකයා
පෙම් සුවේ දකිනා තුරා

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

කොහේ යන්නෙද කොහේ ඉන්නෙද
ඔබත් ඇසුවා මගෙන්
මමත් ඇසුවා ඔබෙන්

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

හා.... හහහහා..... හහහහා..... හහහහා.....

ගායනය - බණ්ඩාර අතාවුද සහ මාලිනී බුලත්සිංහල
පද - කුමාරදාස සපුතන්ත්‍රී
තනුව - එච්.එම්. ජයවර්ධන

දෑසේ මල් විලේ



දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ
වෑහී ආදරේ
චේතනා නෙත් දැලේ

ආශා විල් තෙරේ
පායා රන් සඳේ
ඡායා පාවිලා
මේ සැඳෑ යාමයේ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ

සන්සුන් නදී තෙරේ
මේ මල් විමානයේ

සන්සුන් නදී තෙරේ
මේ මල් විමානයේ

ආරාධනාරැව්දෙනායාමයේ
ආදරෙන් ළං වෙමූ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ
වෑහී ආදරේ
චේතනා නෙත් දැලේ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ

නිල්වන් වලා තලේ
ඈතින් එහා ලොවේ

නිල්වන් වලා තලේ
ඈතින් එහා ලොවේ

ගී ගායනාවිසිරෙනාමේ රැයේ
ආදරෙන් හිනැහෙමූ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ
වෑහී ආදරේ
චේතනා නෙත් දැලේ

ආශා විල් තෙරේ
පායා රන් සඳේ
ඡායා පාවිලා
මේ සැඳෑ යාමයේ

දෑසේ මල් විලේ
ආශා රොන් සැලේ

ආහා හාහහා හා හා  හා.....  හාහහා.......
ආහා හාහහා හා හා  හා.....  හාහහා.......

ගායනය - රෝහණ සිරිවර්ධන සහ මාලිනී බුලත්සිංහල
පද - කුලරත්න ආරියවංශ
තනුව - සරත් ද අල්විස්

මා නෙතු මඟහැර



මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ ...//

රෑ කළ කුමුදක් සේ මා පිපි සඳ
ඔබ හිරු සේ දාවලට වඩී
දහවල නෙළුමක් වූ සඳ විල් තෙර
ඔබ සඳ සේ ඝණ රෑක රැඳෙයි

මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ

මා රන් තරුවක් වූ සැන්දෑ කළ
ඔබ දුක සේ සමුදුරෙහි කිඳෙයි
මා සිත වියරුව කුණාටු දී මුසු
සුණු හසරැලි ගල් පවුරෙ බිඳෙයි

මා නෙතු මඟහැර ඈතට යයි ඔබ සෝභන සඳ මාගේ
කණ කැස්බෑ නෙත අහස දකින්නට කළ පින් මඳ වාගේ ...//

ගායනය - මාලිනී බුලත්සිංහල
පද - යමුනා මාලනී පෙරේරා
තනුව - එච්.එම්. ජයවර්ධන