Showing posts with label සන්ධ්‍යා‍ බුලත්සිංහල. Show all posts
Showing posts with label සන්ධ්‍යා‍ බුලත්සිංහල. Show all posts

Saturday, March 16, 2019

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
ඩහදිය හෙලා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනල පැටවු වගේ

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

අක්කණ්ඩියේ පොඩි කාලේ පොඩි කමට //
කළ වරදකටවත් තැලුවේ නැත අපට //
සෙනෙහස තිබුණි උතුරා මහමෙර උසට
පියෙකුගෙ කඳුළු මුතු කැට වුණි දරු කමට

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

පියවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මවුවරු සිටින දරුවන් හට තනි නැතුවා
තනි නැතුවා
මවු පිය වරුන් ඉර හඳ ලෙස ළඟ හඳුවා
දරුවන් පාන හසරැලි අප හට නැතුවා

සෙනෙහස පුදා අම්මාවරුන් වගේ
ඩහදිය හෙලා මහ සාගරය වගේ
ඔවදන් දෙවා අගනා මුතු මැණික් වගේ
ඇති දැඩි කළා අප සමනල පැටවු වගේ

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

ආ... ආ... අඅආ....
ආ... ආ... අඅආ....

ගායනය - විශාරද මාලිනී බුලත්සිංහල සහ සන්ධ්‍යා‍ බුලත්සිංහල
පද - පූජ්‍ය රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව - විශාරද මාලිනී බුලත්සිංහල