Showing posts with label පී.එස්. දිවාකර්. Show all posts
Showing posts with label පී.එස්. දිවාකර්. Show all posts

Saturday, May 9, 2026

අපි හනික යමූ

ඕ... ලක්ෂණ මුහුණක් ඇතී ...
මගෙ ආදරණිය බූරැවෝ ...

මා වාගේමයි රූපේ ඔබගේ ...

ඔබ නේද මාගේ මිත්‍රයා


අපි හනික යමූ ලීලා ඇති තැනකින් ගන්න සොයා //

ඈ ගන්න සොයා


වේගෙ වැඩියි නුදුවන්න පාරේ

මාව වැටෙයි බිමටා මිතුරේ ...//


අපි හනික යමූ ලීලා ඇති තැනකින් ගන්න සොයා

ඈ ගන්න සොයා


කොට්න් හෝල් පරාද වෙයි නුදුවන් හයියෙන්

ගවනර්'ස් කප් රේස් එකට ඔබ දුවවන්නම් ....//


ලක්ෂ ගණන් ඔට්ටු ඔබේ නමට දමන්නම්

බඹ ගණනක් තියා දිනා මුදල් ලබන්නම් ....//


කොට්න් හෝල් පරාද වෙයි නුදුවන් හයියෙන්

ගවනර්'ස් කප් රේස් එකට ඔබ දුවවන්නම්


අපි හනික යමූ ලීලා ඇති තැනකින් ගන්න සොයා

ඈ ගන්න සොයා


මගෙ කෙල්ලට වැඩියෙන් කරුණාවයි

මට හිතවත් එක මිතුරා ඔබමයි


මිනිසුන් මෙන් ඔබ මා බිම නොදමයි

බූරුවො ඔබ මටමයි මම ඔබටයි


හනික යමූ ලීලා ඇති තැනකින් ගන්න සොයා

ඈ ගන්න සොයා


හා හහ් හහ් හහ් හහ් හහ් හා

හා හහ් හහ් හහ් හහ් හහ් හා


හා හහ් හහ් හහ් හහ් හහ් හා

හා හහ් හහ් හහ් හහ් හහ් හා


හා හහ් හහ් හහ් හහ් හහ් හා

හා හහ් හහ් හහ් හහ් හහ් හා


ගායනය - මොහිදීන් බෙග්

පද - හර්බට් එම්. සෙනෙවිරත්න

සංගීතය - පී.එස්. දිවාකර්


1957 දී තිරගතවූ "සුකුමලී" චිත්‍රපටියේ ගීයකි.


හින්දි හෝ ද්‍රවිඪ ගීයක අනුකරණයකි.




ගීයේ සිනමා දර්ශන