Showing posts with label පුණ්‍යා කත්‍රිආරච්චි. Show all posts
Showing posts with label පුණ්‍යා කත්‍රිආරච්චි. Show all posts

Thursday, January 3, 2019

දිව්‍ය ලෝකේ ළඟයි

දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ //
කිම්ද සංකා සිතේ මේ විලාසේ //

චන්දනාදී උයන් භෘංග සේනා නදින් //
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ //

නෛක ශ්‍රීනී සුරන් රංග නාදේ
පංච මධුරී භොජුන් වර්ණ විහිදේ ...//
දේසෙ අරුම පුදුම කියන වරුණ අසන මෙම ට යන්ට හිතය
දුක්ඛ දෙවා වුව ශරීරේ
දුක්ඛ දෙවා වුව ශරීරේ

චන්දනාදී උයන් භෘංග සේනා නදින් //
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ //

චිත්ත ධෛරී වඩන් පුතුනි මාගේ
මන්ද යන්ටා එලෝ මේ ප්‍රමාදේ ...//

තාම යමිය යමිය එපුර ගමන බොහොම බොහොම දුරය එමග
සංකා සිතී යාද ප්‍රා‍ණේ
සංකා සිතී යාද ප්‍රා‍ණේ

දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ //
කිම්ද සංකා සිතේ මේ විලාසේ //

චන්දනාදී උයන් භෘංග සේනා නදින් //
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ
පුෂ්පමාලා වලින් රංජනාවේ //

ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි සහ ටයිටස් සී. පෙරේරා
පද- ආනන්ද එස්. විජයසිරි
සංගීතය - එමිල් මෙන්ඩිස් (හින්දි ගීයක ආභාෂය ලබා ඇති බව පෙනේ)
නාට්‍යය - දෙව්ලොව යනකන්

මේ ගීය නිර්මානයේදී හින්දි ගී තනුවක ආභාෂය ගත් බව පේනවා. එහෙත් එම හින්දි ගීතය එනම් 1954 දී භාරතයේ තිරගතවූ "Meenar" චිත්‍රපටියට ලතා මංගෙස්කාර් ගායනා කළ "Mehandi lagi thi mere haath" යන ගීයේ සංගීත අධ්‍යක්ෂණය කළ සී. රාමචන්ද්‍ර නිර්මාණය කළා ද යන සැකයක් සිතේ ජනිත වේ. මන්ද, මෙය ප්‍රකට සංගීත නාද මාලාවක් වන බැවිනි. ප්‍රමාණවත් තොරතුරු මේ වන විට මා සතුව නැත. ගවේශනය කරමින් සිටිමි. තහවුරු කර ගත හැකි සාක්ෂ්‍ය සමගින්, ඒ විස්තර මතුවට ගෙන එමි.


"Mehandi lagi thi mere haath" යන ගීයේ තනුවට නිමවූ සිංහල චිත්‍රපටි ගී දකෙක් තියෙනවා. ඒ 1956 දී "දෙෙව විපාකය" චිත්‍රපටියට මේබල් බ්ලයිත් ගායනා කළ, "දෙව් ලොවේ මහා සභාවේ" නම් ගීය හා "දොස්තර" චිත්‍රපටියට රුක්මණී දේවි ගැයූ "පෙම් සාගරේ" යන ගීය.  "දිව්‍ය ලෝකේ ළඟයි පේන මානේ" ගීය නිර්මාණයේදී "Mehandi lagi thi mere haath" යන ගීයේ තනුවෙහි ආභාෂය ලබා ඇති බව පේනවා.

එම ගී වලට පිවිසුම්


හින්දි ගීතය "Mehandi lagi thi mere haath"

Saturday, December 29, 2018

මට මතකයි ඔබ



මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ ...//

වත්සුණු තවරා කව්ළුව අතරින් //
හිස පොවලා දවසක්දා
මතකයි අත වැනුවා

අත්තල හඬගා මහ මඟ කුරගා //
ඔබ යද්දී දවසක්දා
මතකයි අත වැනුවා

මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ

දිය සුළි නැඟිලා වෙරළට එද්දී //
බෙලි කටුවේ සැඟවීලා
මුතු ඇටයක් තිබුණා

සසරේ පෙර දා වරම් ලැබූ ලෙස //
බෙල්ලකු වී සඟවාලා
මම ඔබඉ රැක ගත්තා

මට මතකයි ඔබ පිපිලා උන්නා
දුනුකේ ගසක සුදු
මට මතකයි ඔබ සොයලා ආවා
බඹරෝ සුවඳ මධූ ...//

ගායනය - හෙක්ටර් සිල්වා සහ පුණ්‍යා කත්‍රිආරච්චි
පද - දයා ද අල්විස්
තනුව - හෙක්ටර් සිල්වා

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

අහසට ඔසවන විටකදි නෙත් යුග
හිරු සඳු වී ඔබ හිනැහෙනවා
මිහිමත පියකරු දසුනක් වේ නම්
ඔබ රුව ඒ තුළ දැවටෙනවා

පාළුව ඉවසා මා තනි වෙද්දී
සුසුමක් වී පසුපස එනවා
කල්පිත ලෝකේ ගී පොත පෙරළා
ගීයක් වී ඔබ වැළපෙනවා

අහසත් පොළොවත් ඔබම ද මා හට
නැතිවද ඔබ මා හැර යන්නේ
තහනම් දේසේ බැඳි බැමි බිඳ දා
කෙදිනද ඔබ මා හමුවන්නේ

දෑස වසාගමි ඔබ නොපෙනෙන්නට
සිහිනෙක දැවටී ඔබ එනවා
හිත හිර කරගමි ඔබට නො එන්නට
සිතුවිල්ලක් වී ඔබ එනවා

ගායනය - පුණ්‍යා කත්‍රිආරච්චි
පද - දයා ද අල්විස්
තනුව - විශාරද ගුණදාස කපුගේ

Saturday, March 7, 2015

බකිණි ගහේ බකිණි මලෙන්



බකිණි ගහේ බකිණි මලෙන් පාර අසන්නේ
කුරුන්ද ළඟ දෙල් ගහ යට නිවෙස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කැකිරි වැලේ මල් පිපිලා ගෙයි පිලිකන්නේ
ඒ මල් පෙති වලින් ඔබට පවන් සලන්නේ ....//
දෙමාපියන්නේ වරද නොවන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

සේල වළලු රන් පවලම් නැතුවයි එන්නේ
හදේ සුවඳ ආදරයයි අරගෙන එන්නේ ...//
හනිකට එන්නේ
හනිකට එන්නේ

බකිණි ගහේ බකිණි මලෙන් පාර අහන්නේ
කුරුන්ද ලඟ දෙල්ගහ යට නිවස තියෙන්නේ
කවදද එන්නේ
කවදද එන්නේ

කවදාවත් නාව නිසා හිත පැටලෙන්නේ
මම ආවොත් දෙමාපියන් නැතිද බනින්නේ
තනියම එන්නේ
තනියම එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

හනිකට එන්නේ
හනිකට එන්නේ

කවදද එන්නේ
කවදද එන්නේ

ගායනය - එඩ්වඩ් ජයකොඩි සමග පුණ්‍යා කත්‍රිආරච්චි
පද රචනය - ඩෝල්ටන් අල්විස්
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ