Showing posts with label මහින්ද චන්ද්‍රසේකර. Show all posts
Showing posts with label මහින්ද චන්ද්‍රසේකර. Show all posts

Saturday, May 30, 2020

රජෙකු වුණත්


රජෙකු වුණත් ගිලන් වෙලා
රජෙකු වුණත් ගිලන් වෙලා
එක්තැන් වුණ දා
කියනවාට සැකයක් නෑ
සැකයක් නෑ
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා
නිරෝගි සැප හැර සැපයක් ලොවේ කොයින්දා

ඉසුරු සමඟ හාද වෙලා
ඉසුරු සමඟ හාද වෙලා
නොසතුට ආදා
දැනෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා
සතුට තරම් වෙන ධනයක් ලොවේ කොයින්දා

බැරිවුණදා නෑදෑයන්
බැරිවුණදා නෑදෑයන්
අතහැර ගියදා
හිතෙනවාට සැකයක් නෑ
සැකයක් නෑ
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා
විශ්වාසය හැර නෑයෙක් ලොවේ කොයින්දා

ගායනය - සුනිල් එදිරිසිංහ සහ පිරිස
පද - මහින්ද චන්ද්‍රසේකර
"ධම්ම පදය" සුභ වග්ගයෙහි, "ආරෝග්‍යා පරමා ලාභා" ගාථාව පදනම් කර රචනා වූවකි.
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙම ගීය 1996 දී රෝස කුසුමක් කැසට් පටයටත් 201 දී The best of Sunil 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.

Thursday, December 8, 2016

මරතොණ්ඩිය රටා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

වාංගු හඬ පූජාවේ තුන් යමට ම ඇසෙනා
තාංගු දෙයි හීන් දුකක් හිත ළඟ ගුළි ගැහිලා
කාන්සියට පැළලි වැටේ කවුළු දොරින් එබෙනා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා
හීන් සැරේ ගෙට යනවද හිත දොරකඩ තියලා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා

එළු රෑනේ වැලි පාරේ පිය සටහන් මකලා
මුන්දානිය ගෙල එතුණා නුඹ ගෙයි සිර කරලා
පාට පාට සමනලියන් පැළලි වැටෙන් දකිනා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා
හීන වඩන හිත් ගොමුවේ කඳුළු මලක් පිපුණා

මරතොණ්ඩිය රටා අඳී අතේ කැකුළු හිතේ
මොට්ටැක්කිලි තිරෙන් වැසී රටා වැළපෙතේ
මුක්කු තෝඩි තිරුවංගල් එළියට අත වනනා
රාමලාන් සඳ බලන්න එන්න පාතිමා ///.

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව - ගුණදාස කපුගේ

තලයුම් තලෙයි මුඩෙයුම්

තලයුම් තලෙයි මුඩෙයුම්
කිතුලක මල සේ මා
නඩයුම් මුඩයුම්
රන ගිරවිගෙ තුඩ සේ මා
ඉරවුම් පබලුම්
නිදි නැති මගේ පුරුදු ළමා
නේලුම් නාලුම්
එක යහනක හිදිමු ළමා
එක යහනක හිදිමු ළමා

කතරගම් නුවර ගියදා ඇහැළ මහේ
උඩ මඩමේ නුඹ හිටියා කාන්සියේ
තොරණ යටට මං එනකොට තෝන්තුවේ
මතක නැතිව අත වැනුවද බාල ලියේ

තලයුම් තලෙයි මුඩෙයුම්
කිතුලක මල සේ මා
නඩයුම් මුඩයුම්
රන ගිරවිගෙ තුඩ සේ මා
ඉරවුම් පබලුම්
නිදි නැති මගේ පුරුදු ළමා
නේලුම් නාලුම්
එක යහනක හිදිමු ළමා
එක යහනක හිදිමු ළමා

සෝඩි පතුල් සිරකරලා පාඩ ගමේ
ඉරුවංගල් රැස් ඉහිලා පිච්ච මලේ
උඹේ මුහුණ මට මතකයි සංසාරේ
මායිම පැන වරෙන් ලඳුනේ උඩ මඩමේ

තලයුම් තලෙයි මුඩෙයුම්
කිතුලක මල සේ මා
නඩයුම් මුඩයුම්
රන ගිරවිගෙ තුඩ සේ මා
ඉරවුම් පබලුම්
නිදි නැති මගේ පුරුදු ළමා
නේලුම් නාලුම්
එක යහනක හිදිමු ළමා
එක යහනක හිදිමු ළමා

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ සහ ජානකී සුමිත්‍රා දිසානායක
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව - ගුණදාස කපුගේ

හාද වෙලා යමන් පනේ

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රිදී පට කම්බා අඳින්ට දෙඤ්ඤයි ...//

ගාලු දුවඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට වැලි හකුරුයි හබල පෙතියි ගෙනල්ල දෙඤ්ඤයි ...//

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රිදී පට කමබා අඳින්ට දෙඤ්ඤයි ...//

ගාල්ලට යඤ්ඤයි මම කොළඹ දුවඤ්ඤයි
උඹට කරට ඔබින මුතු දෙපටක් ගෙනල්ල දෙඤ්ඤයි ...//

හාද වෙලා යමන් පනේ සිරි සැප දෙඤ්ඤයි
උඹට රේන්ද රිදී පට කමබා අඳින්ට දෙඤ්ඤයි ...//

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව - ගුණදාස කපුගේ

Sunday, June 7, 2015

ප්‍රාණ සමානා

ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙළා
නුඹෙ මූණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා ..//

බෝම ප්‍රවේසම් වීලා ඉඳින් අනෙ
භීත කෙරේ සිත මාගෙ තදේ ..//
පාන හිනා ඇති පුංචි පැටික්කියෙ
ප්‍රීති කෙරේ සඳපාන වගේ

ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙළා
නුඹෙ මූණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා

බැන්ද කරේ පවලම් පොට රඟදෙයි
රන් තැටියට කැරකෙන්ට සොඳේ ...//
අන්ධ නේත්‍ර මැද පාන වගේ තව
රන් තෙලඹුව යට ඉන්ට ළඳේ

ප්‍රාණ සමානා මව්පියො නැතිවෙයි
වරිග තහංචියෙ බැල්ම හෙළා<මbr /> නුඹෙ මූණ බලා හැමදාම හිඳින්නම්
ගාඩි ළමිස්සියෙ යන්න එපා ..//

ගායනය - ජානක වික්‍රමසිංහ
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව - උපාලි ජයලත්

මෙම ගීය මුලින් ගායනා කළේ ඩී.එම්. රාජරත්න යි. (ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ "රජරට සේවයෙන් බිහි වූ නිර්මානයකි)

Monday, May 25, 2015

සරෝජා



මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ

කරවටේ අත දමා හිනැහුණු
කෝ නුඹේ පොඩි යාළුවන්
දයාවක් නැති ලෝකයක් දැක
උන් ගිහින් පැන මායිමෙන්

තාත්තා හීනෙන් ඇවිත්
අත වනන තුරු කඳවුරු දොරින්
කාටවත් නැති දුවේ කවුරුන්
නුඹ රකීවිද සෙනෙහසින්

මන්දිරේ දොර නුඹව කැඳවයි
බේබිලා හඬනා හඬින්
මායිමේ වැට අඬගසයි හෙට
අවි දරා රකිනා ලෙසින්

දමා ගොදුරට කෙලෙස යන්නද
ඒත් යන්නට වෙයි ඉතිං
වරක් දැක සිත නිවාගන්නට
දුවේ ඩිංගක් හිනැහියන්

මා තොටින් එන උතුරු හුළඟේ
ගිණි සිඹින මඩු පල්ලියේ
දෑස් අග මුතු කඳුළු හංගන
සරෝජා මගෙ දෝණියේ

වෙඩි හඬට පොඩි අකුරු ඇදවෙයි
මක් කරන්නද පැංචියේ
ගුරුතුමී මා සිසුවියයි නුඹ
ඒත් අපි එක පංතියේ

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Friday, May 22, 2015

ජය සිරිමා හාමුදුරුවනේ

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ

වැලි මළුවේ ඉඳ සාධු කියන කොට
අහිතක් නොහිතා ඉන්න හොඳයි
ඉස්සර වාගෙම දහදිය මුහු වුණු
අපේ බාර පිළිගන්න හොඳයි

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)

රන් වැට පාමුල සාධු කියන කොට
ලෙන්ගතු කම් නොහිතන්න හොඳයි
බුදුහාමුදුරුවෝ දුටුවා වාගෙයි
දුක ඉවසා වැඩ ඉන්න හොඳයි

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)
දරමිටි ඇද්දා රෑ නිදි වැරුවා
ගිණි මැල ගහගෙන රැක හිටියා
එහෙව් අපට අද එන්න තහංචිද
ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ)

ජය සිරිමා හාමුදුරුවනේ
(ජය සිරිමා හාමුදුරුවනේ) ..//

ගායනය - දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - මහින්ද චන්ද්‍රසේකර
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ

Wednesday, April 8, 2015

අපේ හාමුදුරුවෝ

සාර ඵල
අඹ රඹ 
මීරි දිය නැති කතර
පාරමී පුරණවා (පාරමී පුරණවා)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන (මායිමේ සිත් නිව)
සීතල  පිරිත් පැන (සීතල  පිරිත් පැන)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

පේරු දන් කඳ වැළඳ (පේරු දන් කඳ වැළඳ)
සාය වැළපෙන ගමට (සාය වැළපෙන ගමට)
සාර වූ පින් කෙතය (සාර වූ පින් කෙතය)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

සාර ඵල
අඹ රඹ 
මීරි දිය නැති කතර
පාරමී පුරණවා (පාරමී පුරණවා)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන (මායිමේ සිත් නිව)
සීතල  පිරිත් පැන (සීතල  පිරිත් පැන)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

සිප් යදින දරු කැළට (සිප් යදින දරු කැළට)
පිං කැටය දන් දුන්න (පිං කැටය දන් දුන්න)
පරපුරක නුග සෙවණ (පරපුරක නුග සෙවණ)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)

සාර ඵල
අඹ රඹ 
මීරි දිය නැති කතර
පාරමී පුරණවා (පාරමී පුරණවා)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ)
පෝය හඳ ගිණි වැදුන
මායිමේ සිත් නිවන (මායිමේ සිත් නිව)
සීතල  පිරිත් පැන (සීතල  පිරිත් පැන)
අපේ හාමුදුරුවෝ (අපේ හාමුදුරුවෝ

ගායනය – අමරසිරි පීරිස් සහ ප්‍රදීපා ධර්මදාස
පද රචනය - මහින්ද න්ද්‍රසේකර
තනුව හා සංගීතය - ප්‍රේමසිරි කේමදාස

Friday, March 6, 2015

පැන මඩ කඩිති


පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

සාමා අමර විකුණති බස් පොළේ කජු
කුමාරෝද පිටු දන් දෙති එයින් මතු
උගත මනා ශිල්පය පිල්කඩ නොපැතූ
වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ

රන්මසු පටපිළී අබරණ උරණ වෙලා
සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා
ගුරු නිවහනේ කඳුළට උල්පතක් වෙලා
ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා

පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ
පෙන්නා මග නොමග නොවැටී යන තාලේ
සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ
අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ

ගායනය - සුනිල් එදිරිසිංහ
පද - මහින්ද චන්ද්‍රසේකර
තනුව - ආචාර්ය රෝහණ වීරසිංහ



මෙය 1988 දී මල් වට්ටියක් කැසට් පටය තුළින් දොරට වැඩි ගීයකි. 2001 දී නෑසෙන ගී රස 1 සංයුක්ත තැටියට හා කැසට් පටයටත් ඇතුළත් වුණා.