Showing posts with label බී.එස්.පෙරේරා. Show all posts
Showing posts with label බී.එස්.පෙරේරා. Show all posts

Sunday, November 2, 2025

ප්‍රේම රජා මාගේ



ප්‍රේම රජා මාගේ

ප්‍රේම රජා මාගේ

සිත ප්‍රීති වන දීප්තී

ගුණ පානා

ප්‍රේම රජා මාගේ ....//


රැජිණී මා හර්දේ සනසාවී

සාදර ප්‍රේමෙන් ගීත ගයා

මා හර්දේ සනසාවී

රැජිණී මා හර්දේ සනසාවී


මේ ජීවන රම්‍යා ප්‍රේමේ

ජීවන රම්‍යා ප්‍රේමේ

රඟ දේවිය මා හද මන්දීරේ


සිත ප්‍රීති වන දීප්තී

ගුණ පානා

ප්‍රේම රජා මාගේ


ප්‍රේම සයුරේ බලේ පාලා

නැගී ඒවි මේ රැළි මාලා ...//


මා හදවත අභිනන්දන වේ //

පෙනීලා පිපි කුසුමය දෝ //


සිත ප්‍රීති වන දීප්තී

ගුණ පානා

ඔබ ප්‍රේම රජා මාගේ


ශ්‍රියාවන්තී මගේ කාන්තී

පුදන්නේ මගේ හදේ ප්‍රේමේ


ඔබේ කාන්තී දිනා ගත්තී

විනෝදේ දිලී අමා ප්‍රේමේ


අපී දෙදෙනාගේ ප්‍රේමේ දැන් //

ගිලීලා ප්‍රේම සාගරයේ

ගිලීලා ප්‍රේම සාගරයේ


සිත ප්‍රීති වන දීප්තී

ගුණ පානා

ප්‍රේම රජා මාගේ


ගායනය - රුක්මණී දේවි සමග ඇලන්සන් මෙණ්ඩිස්

පද - මර්සිලීනු ඇල්බට්

සංගීතය - බී.එස්. පෙරේරා

තැටි  අංකය  - WN. 519

(His Master's Voice)


1950 දී තිරගතවූ "හදිසි විනිශ්චය" චිත්‍රපටියේ ගීයකි.