Showing posts with label ලලිත් එස්. මෛත‍්‍රීපාල. Show all posts
Showing posts with label ලලිත් එස්. මෛත‍්‍රීපාල. Show all posts

Monday, August 5, 2019

සාගර මත සඳ කිරණ වැටී



සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී ...//

ලස්සන මල් වැල් එකට පිපී
රඟ දෙයි නැළවෙයි එකට හැපී
ගිම්හානේ මධු රසයේ
ගිම්හානේ මධු රසයේ
සැනසෙමු දෙන්නා ගම්මානේ

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

පෙම් මදිරා දිවි කුසලානේ
ඉතිරේවා මොහොතක් ගාණේ
මිහිරි කතා රසට ගොතා
මිහිරි කතා රසට ගොතා
සැනසෙමු දෙන්නා සුවය පතා

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමල කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

ගායනය - ඩබ්ලිව්. ප්‍රේමරත්න සහ ජී.එස්.බී රාණි පෙරේරා
පද රචනය - ලලිත් එස්. මෛත‍්‍රීපාල
තනුව හා සංගීතය - තිලක් කරුණාතිලක
1966 දී තිරගතවූ සේයාවක් පසුපස චිත්‍රපටියේ ගීයකි.


Monday, July 22, 2019

මල් ලෝකේ රාණී



මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා ...//

මා හද විල සරසාලා
ආදර මල හැඩ වීලා ...//

මා සනසා ඉඟි පාලා
රඟන්න චලලෝචනී

මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා ...//

මේ මුලු ලොවම එපාවේ
මගෙ රස රැජිණ හිනාවේ ...//

සම්පත සතුට ගෙනාවේ
ඔබ නේද මධු රාජණී

මල් ලෝකේ රාණී
මල්සර දෝණී
මධුභාෂණියෙ මගෙ මාලා
කෝමලපානී
නයනේ සුභානී
සනසනු මා පෙම් පාලා ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ලලිත් එස්. මෛත්‍රීපාල
තනුව - සී.ටී. ප්‍රනාන්දු

Sunday, July 21, 2019

සිහින ලොවේ මිහිර මැවූ


සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ ...//

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී ...//

සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ

මගෙ සෝක සුසුම් පාවේ
රස සිහින පැතුම ආවේ
නිතර ඔබේ දෙසයි බලන්නේ
පෙම් මිහිරි ගීත රාවේ
ඒ බඹර තුඩට ආවේ
ඔබේ පිනෙන් බවයි පෙනෙන්නේ

කවියන්ගෙ අමර ලෝකේ
රස දෙමින් නසන සෝකේ
සුරතලි ඔබ තමයි ළඳුන්නේ

මහද මන්දිරේ සාමේ
ගෙනෙන සුන්දරී මාගේ
රෝස මල් කුමාරි මා ප්‍රියාවී ...//

සිහින ලොවේ මිහිර මැවූ මාලී
සිනහ නගයි ඔබයි මනාලී
දසන් විදා සුර කෙල්ලක් වාගේ
කෝමලි මා රඟන්න මිහිරේ ...//

ගායනය - සී.ටී. ප්‍රනාන්දු
පද - ලලිත් එස්. මෛභ්‍රීපාල
තනුව - සී.ටී. ප්‍රනාන්දු
සංගීතය - පැට්‍රික් දෙණිපිටිය


 පැරණි ගීය
 



නව ගීය

Wednesday, March 25, 2015

සාගර මත සඳ කිරණ වැටී

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමළ කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී ...//

ලස්සන මල් වැල් එකට පිපී
රඟ දෙයි නැළවෙයි එකට හැපී
ගිම්හානේ මධු රසයේ
ගිම්හානේ මධු රසයේ
සැනසෙමු දෙන්නා ගම්මානේ

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමළ කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී

පෙම් මදිරා දිවි කුසලානේ
ඉතිරේවා මොහොතක් ගානේ
මිහිරි කතා රසට ගොතා
මිහිරි කතා රසට ගොතා
සැනසෙමු දෙන්නා සුවය පතා

සාගර මත සඳ කිරණ වැටී
බලන්න නංවන කොමළ කැටී
ආදර නල වැල් එකට ගැටී
කියන්න වාගෙයි මිහිරෙ හැටී ...//

ගායනය - ඩබ්ලිව්. පේ‍්‍රමරත්න සහ ජී.එස්.බී රාණි පෙරේරා
පද රචනය - ලලිත් එස්. මෛත‍්‍රීපාල
තනුව හා සංගීතය - තිලක් කරුණාතිලක

1966 තිරගත වූ 'සේයාවක් පසුපස' චිත්‍රපටියෙන්