Showing posts with label අමරසිරි පීරිස්. Show all posts
Showing posts with label අමරසිරි පීරිස්. Show all posts

Saturday, April 20, 2019

නොසැලෙයි දිවි මකුළු ඇස


නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි
උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා

ගොදුර ඉව අල්ලයි

මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

සඳ එළියේ දිව්‍ය ලෝකෙන් පාවී
කුණු කසල වැටි වැටී
නිවී නිවී යයි ගිනිදැල් අපායේ
කුවේරයා ලිස්සා ගිහින් පාතාලේ


විනිසුරු අසුනේ සත් පුරුෂ ප්‍රාණේ
කළු රෙද්දෙන් ඔතලා
අපරාධය හෝ ඝාතකයා හෝ
විනිවිද නොපෙනේ
නීති පොතේ ඉන්ද්‍රජාලේ


ඝාතකයා මිනීමරන්නේ තිරිසනා
විනිසුරුවා නඩු අහන්නේ මිනිසා
මුනිවරයා සමාව දෙන්නේ දෙවියෝ

නොසැලෙයි
දිවි මකුළු ඇස නොසැලෙයි
නළියයි
අඳුන් දිවි නිය පහුර නළියයි

උකුසු ඇසට නොපෙනී
මහා කළු වෘකයා
ගොදුර ඉව අල්ලයි

මොන නීතියද මේ
මිනිස් වනාන්තරේ

ගායනය - අමරසිරි පීරිස්, සමන්ත පෙරේරා සහ පිරිස
පද - ලූෂන් බුලත්සිංහල
තනුව - ප්‍රේමසිරි කේමදාස

1998 දී තිරගතවූ 'ගිණි අවි සහ ගිණි කෙළි' චිත්‍රපටියේ ගීයකි.


Friday, March 22, 2019

විහඟ ගීතය

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා

ළදලු මැලවී
තුරු ලතා තැති ගැනී
සිරස සරසන මලක්වත් නැහැ පිපී

අඳුර රජවී
අනේ දුනු හී ඇනී
නිහඬ කුටියක විහඟ ගී ගොළු වුණී

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා

කඳුළු වගුරා
පහුරු ගා දෙස් තියා
ප්‍රගීතයකට කොහොම තැවෙමුද හඬා

පියාඹන්නට නාද දී නිදහසේ
විහඟ ගීතය මුදාගෙන එමු සඳේ

විහඟ ගීතය නිහඬ ඇයි
කියනු මැන කොඳුරා

නොපෙනෙනා දුර ඈත කුටියක සිරවෙලා
විහඟ ගීතය නිහඬ සුසුමක නැවතිලා

ගායනය - අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
පද - නිලාර් එන්. කාසිම්
තනුව - එච්.එම්. ජයවර්ධන

Tuesday, March 19, 2019

ඉර හඳ යට ඔබයි මමයි

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහිද තියෙන්නේ
අපි කොහේද යන්නේ ....//

අපි වාගේ අනන්තවූ ප්‍රේමවන්තයින් අසරණ //
යන්න එන්න ඉන්න තැනක් නැතිව ළතැවෙලා
අතරමං වෙලා වැලපෙන

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහිද තියෙන්නේ
අපි කොහේද යන්නේ

අපේ නෙතට අප නොපෙනෙන අනුන් දකින කතා කියන //
මිනිස් ඇසම මිනිසුන් හට ඇයි එරෙහි වෙලා
වස නපුරු වෙලා ගිණි දෙන

ඉර හඳ යට ඔබයි මමයි අපේ ලෝකයේ
අපේ පාඩුවේ අපට ඉන්න හිටින කියන තැනක් කොහිද තියෙන්නේ
අපි කොහේද යන්නේ ...//

ගායනය - අමරසිරි පීරිස් සහ මාලිනී බුලත්සිංහල
පද - ප්‍රණීත් අභයසුන්දර
තනුව - රෝහණ වීරසිංහ

Friday, December 28, 2018

මිනිසා මරණ තුනක් ඇති මිනිසා



හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

මිනිසා ...
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී ...
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන් ...

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී

නියඟලා මල්
පා‍ට දේදුණු
දෙබෑ කර එන
ගිරා පොව්වන්

පියුම් කැකුළක් තුඩින් පාරා
බලෙන් පුබුදන හංසයා
හංසයා
බලන්න නිරුවත් දෑසින්
ඔකඳ වී රිද්මයෙන්

රසාතලය කලඑළි ගන්වා
වයන්න වීණා කන්‍යාවි

හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

මිනිසා ...
මරණ තුනක් ඇති මිනිසා
බලා සිටී ...
නිරුවත් දෑසින් බලන්න කන්‍යාවී
ලිහිල් සළුව අනතුරේ වැටෙද්දි
පයෝධර තුඩු ඉකි බිඳිද්දී
සංත්‍රාසයෙන් ...

අසංවාදී සුසුම් වේගේ රිද්මයෙන්
වයන්න වීණා
කන්‍යාවී

හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....
හෝ.. ඕ.. ඕ.. ඕ.. ඕ....

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ලූෂන් බුලත්සිංහල
තනුව - ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
1989 දී තිරගත වූ සිරිමැදුර චිත්‍රපටියේ ගීයකි.

Thursday, February 15, 2018

විරාග රාගය




විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ඔබ අඩවන් නෙතු
කරමින් ඈ නතු
ඇගේ පහන් ලොව ඈ මනසින් බිඳහල දා
ඈ මුකුලිත වූවා

කර ගනු බෑ සතු
නොරිසි ඔබේ සිතු
ඈතින් ඔබෙ මුණිවර මනසින් පෙම් කළ දා
ඈ අසරණ වූවා


විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

නුරා එගිනි දළු
ඈ දවමින් ගෙතු
සලෙල ගීතයට ඇය තනුවක් කර ගත් දා
ඈ ලොව අහිමි වුණා

ඔබේ මිලින ගති
ඇයට නොවේ රිසි
පෙමින් තොරව ඇගේ දිවිය කතරක් වූදා
ඈ මවෙතට ආවා

විරාග රාගය අතරේ තනි වූ ආලය
විරාම දෙයි එක් හදකට පුදා පරාජය

විරාග රාගය අතරේ තනි වූ ආලය
දුරලයි තනිකම ලබමින් මගේ සරාගය

ගායනය - අමරසිරි පීරිස් සමග අමල් පෙරේරා
පද රචනය - බන්දුල නානායක්කාරවසම්
තනුව හා සංගීතය - සුරේෂ් මාලියද්දේ

මෙම ගීයේ රූප රචනය - තිසර ඉඹුලාන
කැමරා අධ්‍යක්ෂණය - චන්න දේශප්‍රිය
රඟපෑවා - මහේන්ද්‍ර පෙරේරා, යශෝධා විමලධර්ම සමගින් හේමාල් රණසිංහ

Tuesday, May 26, 2015

හද මල් පුරා

හද මල් පුරා
බිඟු දැල් සරා
මුමුණන සීහ‍යේ උදානයයි

තුරු වැල් පවා
හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි
..//

අඳුර ඉරා ....
අඳුර ඉරා සඳ මුතුලැල් ඉහිරෙණ තුරුණු සඳැල්ලේ
සිහින සරා ...
සිහින සරා හද දොරගුල් හැරලමු ලොවට නිදැල්ලේ

හද මල් පුරා
බිඟු දැල් සරා මුමුණන සීහ‍යේ උදානයයි

තුරු වැල් පවා
හසරැල් මවා පුබුදන ජීවිතේ වසන්තයයි


ගිමන නිවා ....
ගිමන නිවා මල් පවනැල් සර විඳ සැලෙන කැදැල්ලේ
පහස ලබා ....
පහස ලබා රැකවල් සිඳලමු ලබන ඇසිල්ලේ

හද මල් පුරා
බිඟු දැල් සරා
මුමුණන සීහ‍යේ උදානයයි

තුරු වැල් පවා
හසරැල් මවා
පුබුදන ජීවිතේ වසන්තයයි


ගායනය - අමරසිරි පීරිස් සහ දීපිකා ප්‍රියදර්ශනී
පද රචනය - කුලරත්න ආරියවංශ
තනුව හා සංගීතය - ආචාර්ය රෝහණ වීරසිංහ


Hada Mal Pura - Amarasiri Peiris & Deepika Priyadarshani Peiris

Wednesday, May 20, 2015

හිතවතුනි අද සුදු ඇඳන් එන්න

හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න

පාසලේ අරලියා ගස් යට
ලියූ එක කවි පේළියක්
තවම වටහා ගන්න බැරිවුණි
ඇසුරු කෙරුවත් කාලයක්

හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න

මතක ගොප්කොළ රැහැන් අතරින්
යළි ලියන්නට පෙම් කවක්
මටත් මගෙ හිත හදාගන්නට
දෙන්න අරලිය මල් මිටක්

හිතවතුනි අද සුදු ඇඳන් එන්න
මේ සුසානේ පහන් දල්වන්න
ප්‍රථම ප්‍රේමය වල දමන්නට
අසීරුයි මට ඔබ උදව් වෙන්න
හිතවතුනි අද සුදු ඇඳන් එන්න

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා


Hithawathuni Ada Sudu Endan Enna - Amarasiri Peiris

කොහේදෝ දුර ඈත කුටියක


කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ ...
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ඔබට තුරුළුව පුංචි පැටවුන් අතින් අල්ලා ගෙන
සිහින සක්මන් කළා එදවස
මතක් වෙනවා මට
මොහොතකටවත් මතක් වෙනවද
මිහිරියේ මා ගැන

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ ...
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ඈත කදුවැටි සිසාරා එන විරහ ගීයක හඬ
සුළඟ ඇවිදින් කියා දෙනවා
කණට කොඳුරා මට
දුකක් කියලා දෙයක් දැනුනද
මිහිරියේ මා ගැන

කොහේදෝ දුර ඈත කුටියක ඔබ ඉන්නවා ඇති
ඔබේ හිමි සඳ එනතුරා මඟ බල බලා ඇති
මිහිරියේ ...
මගෙ මිහිරියේ ඔබට දැන්නම්
මා අමතකව ඇති

ගායනය - අමරසිරි පීරිස්
පද රචනය - ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - ඩෙනිස්ටර් පෙරේරා


Kohedo Dura Eatha Kutiyaka - Amarasiri Peiris

Tuesday, May 19, 2015

උදම් රළ ඔබ උදම් විය යුතු නෑ


උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

ගෙන ගියේ නුඹ මුහුදු පතුළට
රැගෙන යායුතු වුන් නොවේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

පණ අදිද්දී තමන්ගේ උන්
පැළඳි කණ කර ඉරාගෙන ගිය
...//
හරන්තිකයන් ඉතිරිකර වෙරළේ

අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

වැළපෙනා බෝසතුන් දන් දුන්
නිදන පැදුරත් සොරාගෙන ගිය
...//
අමනයන් රැළ තබා අප අතරේ

අහිංසකයන් ගෙන ගියා වතුරේ
උදම් රළ ඔබ උදම් විය යුතු නෑ

ගායනය - අමරසිරි පීරිස් සහ වසන්තා තිලකාංගනී
පද රචනය - ධම්මික බණ්ඩාර
සංගීතය - ඩැනිස්ටර් පෙරේරා


Udam Rala Oba - Amarasiri Peiris & Wasantha Thilakangani

Monday, May 11, 2015

රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ


රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ තනියම මන්ද ඔතැන සොඳරියේ

පිනි සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු වෙමු එක මොහොතක්

ලොවට හොරෙන් නිදහසේ

දෑල මල් පිපුණු නිම්නේ නිලන තුරක් නම්
විහඟ වෙස් අරන් ගුවනේ පියඹා එන්නම්


හැපෙන බිඳෙන රළ වැල් ළඟ කෝල නොවෙන්නම්
මීන වෙස් අරන් දියඹේ පීනා එන්නම්


පාළු අඳුරු හිස් අහසේ දුලන සඳක්නම්
සීත පවන් රැල්ලක් සේ පාවී එන්නම්


රුවට දිලෙන තරු මල් යට ආල පුරන්නම්
මිහිරි සිහිනයට ඉඩදී දෑස පියන්නම්


රෑහි හඬින් ඉකි බිඳිනා ගොම්මනේ
නුඹ තනියම මන්ද ඔතැන සොඳරියේ

පිනි සලමින් දිදුලන තරු යහනතේ
දොඩමළු වෙමු එක මොහොතක්

ලොවට හොරෙන් නිදහසේ

 

ගායනය - නි‍රෝෂා විරාජිනී සමග අමරසිරි පීරිස්
පද රචනය - යසනාත් ධම්මික බණ්ඩාර
තනුව හා සංගීතය - කරුණාරත්න විජේවර්ධන


චිත්‍රය ජෝර්ජ් කීට් ශිල්පියාගේ නිර්මාණයකි
Rehi Handin Ikibindina _ Amarasiri Peiris & Nirosha Virajini