Showing posts with label පියදාස සිරිසේන. Show all posts
Showing posts with label පියදාස සිරිසේන. Show all posts

Sunday, February 22, 2026

ඩිංගිරි මැණිකා කවි

ලොව සෙට සතර දත් යුතු ගුණයෙන් සාර   
සහතුට කළ මහද කොඳ පති පුන් සාර   

සැබෑවට සහතොසින් දිවිකර දුන් බාර   

කිම මට වුණේ මැතිඳුනි රන් බණ්ඩාර


වැනේ සුනෙර සසලන තරිඳුගෙන් මැ කේ   

පෙනේ දවල් තරු එද නොසිතමි නොහැ කේ   

සෙනේ අපේ කැඩෙනු බැරිමය නැතිය සැ කේ   

වුණේ මේ කිමද මගෙ ඩිංගිරි මැණි කේ


සුපසන් මිනිබිරිය මැතිඳුගෙ දිසාවේ

විලසින් පිපි තඹර ගම්පල දිසාවේ

සැපතින් විසුව ඔබ රණහස මුවාවේ

මම දැන් වැලහින්නියකි මේ ගල් ගුහාවේ


ඉඳුවර දෙකක් ඇති නම් සඳ සම වතිනී

මුවසර නිතර පිරි රස බස් මුවරඳිනී

පියතර මගේ මැණිකේ පණ වැනි දෙවැනී

මට හිර ගේ හොඳයි නුඹ ඉඳිතොත් සැපෙනී


දුක් විඳ ගෙන සොරුන්ගෙන් පතිවත රකිමී

වික්මය සිහල කුලඟන ඇසෙහි අඳවමී

ලක් ඉතිහස දපණ යහ පිළිබිඹු යොදමී

දුක් බව නසන තුරු ඔබමය මගේ හිමී


සිහිලැල් දිය සේ තෙපලන බස රසා වන   

ගුණදුල් මගේ මැණිකේ දිගු ඇසා වන   

කළු ගල් දැවෙන ගිනි හද තුළ වසා ගෙන   

කළු ගල් තළමි දැන් මම නුඹ නිසා වන


ගායනය - ධර්මදාස වල්පොල සමග ලතා වල්පොල

පද - පියදාස සිරිසේන

සංගීතය - එස්.එස්. වේදා