Showing posts with label ඉන්ද්‍රානි පෙරේරා. Show all posts
Showing posts with label ඉන්ද්‍රානි පෙරේරා. Show all posts

Saturday, January 4, 2025

පෙම් කතාව



මම එදා ගොසින් ඇගෙ සුසුම් අසා
ඇයි මෙසේ කරුණු ඇසුවා
රතු කුඩා දෙනෙත් කඳුළැලින් පුරා
ඇය මගේ මුහුණ බැලුවා


මම දනිම් ප්‍රියේ ඔබෙ කතන්දරේ
ඔබෙ සිතේ හොඳද මේවා
ඔබෙ අළුත් පෙමේ හඬ මටත් ඇසී
සිත දුකින් තැවී හැඬුණා


ඇගෙ සිතුම් පැතුම් මම හොඳින් දනිමි
ඇයි මෙසේ කියන්නේ ඈ
මට ඔබත් එකයි මගෙ පණත් එකයි
කිසි වෙනස් කමක් එහි නෑ


මගෙ සිතේ සුසුම් දුක නෙතින් හැලූ
කඳූළැලින් තෙමා නාවා
මට ඔබේ නොසෙල්වෙන වදන් ඇසී
සැනසුමේ සුසුම් ආවා


බොරුවට අඬලා සැලකුම් ලබලා
දැන් ඉතින් සිනාසෙනවා
බොරු නොවෙයි ප්‍රියේ ඔබ මෙසේ අඬා
ඔබෙ රුවත් මැකී යනවා
බොරු කතා අසා ඇය අඬන්නෙපා
මගෙ සිතත් දැවී යනවා
ඒ එදත් එදයි අද තුරා ඇගේ
බොරු ඇඬුම් නතර වූවා
ඒ එදත් එදයි අද තුරා ඇගේ
බොරු ඇඬුම් නතර වූවා


ලල් ලල්ල ලා (ලල ලල..
ලලලල ලා (ලලල ලලා...
ලල් ලල්ල ලල් ලල්ල ලා ....////

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සමග ඇනස්ලි මාලේවන (මූන්ස්ටෝන්ස් සංගීත කණ්ඩායම)
ගී පද - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීත අදියුරු - ක්ලැරන්ස් විජේවර්ධන
සංගීතය - මූන්ස්ටෝන්

1969 වසරේ නිකුත් කළ "Sigiriya" EP තැටියට (Decca Records / DRE-C-4030) මේ ගීය ඇතුළත් වූවා.



මේ ගීය ක්ලැරන්ස් නිර්මානය කළේ 1928 දී ජිමී රොජර්ස් විසින් නිර්මානය කොට ගයන්නට යෙදුණු 

"Dear Old Sunny South by the Sea" යන ගීය පාදක කරගෙන බව මගේ හැඟීමයි.


In my dear old southern home

I was just as happy as I could be;

Where the mocking birds sang at night while they rest

In that dear old sunny south by the sea


There's my mother and dear old dad

When I left I know it made them sad

So I'm going back to that dear old shack

Where I spent my happy days as a lad


Goodbye friends, I'm leaving today

Goodbye friends, I'm going away

I'll be happy and free near our dear old mother's knee

In that little old log cabin by the sea


Writer(s): Jimmie Rodgers, Ellsworth T. Cozzens




මේ ගීයේ අනුකාරක ගී ඉතා විශාල ප්‍රමාණයක් තියෙනවා.
ඒ සේරම මෙහි රුවාලන එකේ තේරුමක් නෑ.
උනන්දුවක් ඇති කෙනෙකුට මේ යොමුවෙන් පිවිස ඒ තොරතුරු දැනගත හැකියි.



Wednesday, March 15, 2023

මල් මල් හැඟුමෙන් පැතුම් පිරී

මල් මල් හැඟුමෙන් පැතුම් පිරී
සඳෙහී රන්වන් කැළුම් දිදී
ආදරෙ ලැබ ලැබ සියල් සිරී
සැරදේ පතමී දිගා සිරී

සැපසේ සුවසේ වැඩෙන්නටයි
නැණයෙන් ගුණයෙන් පිරෙන්නටයි
සැමගෙන් හොඳ නම ලබන්නටයි
සිහිනෙන්වත් දුක නොවන්නටයි

පාලා කරුණා දයා ගුණේ
සැමදා සැමටම බෙදා සෙනේ
යුුතුකම් ඉටු කර මෙ ලෝ තලේ
ජය මුතු මාලා දමා ගෙලේ .....//

සොම්නස සම්පත තනන්නටයි
සුව සෙත ජය සිරි සැදෙන්නටයි
උපන්දිනේ සිත පිරෙන්නටයි
පැතුම් විමානය දිලෙන්නටයි

ඉපදුණු රට දැය නගන්නටයි
හෙළ බස රස මසු කරන්නටයි
මව් පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි

ඉපදුණු රට දැය නගන්නටයි
හෙළ බස රස මසු කරන්නටයි
මව් පිය දෙදෙනා රකින්නටයි
ජය ටැඹ වෙත පා තියන්නටයි

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සමග අනිල් භාරතී
පද - කරුණාරත්න අබේසේකර
තනුව - ක්‍රිස් ක්‍රිස්ටෝෆර්සන්
සංගීතය - පී.එල්.ඒ. සෝමපාල

1975 දී තිරගතවූ "දමයන්ති" චිත්‍රපටියේ ගීයකි.
චිත්‍රපටියේ රංගනයෙන් දායක වුණේ ගීතා කුමාරසිංහ, ඔස්වල්ඩ් ජයසිංහ, රෙක්ස් කොඩිප්පිලි, අශෝක පොන්නම්පෙරුම ආදීන්.

මේ ගීයේ තනුව බටහිර ගීයකින් උකහා ගත්තක්. ඒ ගිය ගැයුවේ Rita Coolidge.



තනුව උපුටා ගත් බටහිර ගීය

(na na na na na na na....) ////

There's a song I'd like to sing
Do you know the song I mean?
It don't always sound the same
But it's always good to sing.
Anyone one can say the words
Anyone can sing the tune
If you take a little time
I can teach this song to you

And we can get to know each other
Like a sister and a brother
Like a father and a mother
Like a woman and a man

We can sing along together
Just enyoying 'til it's over
It don't need to last forever
If we want it to it can.

Maybe it don't mean a thing
It's a pretty little tune.
It's a song I'd like to sing
And I'd love to sing with you.

(na na na na na na na....)////

Artist - Rita Coolidge
Album - Full Moon (Expanded Edition 1973)
Featured artist - Kris Kristofferson

Friday, March 29, 2019

කවඩි සිනා



කවඩි සිනා කොහෙන් ගෙනා
මුතු පවුරෙන් සොරා ගෙනා
කිරි කවඩි සිනා කොහෙන් ගෙනා
මුතු පවුරෙන් සොරා ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

ඉණට සේල කොහෙන් ගෙනා
කසී රටෙන් වියා ගෙනා
ඔබෙ ඉණට සේල කොහෙන් ගෙනා
කසී රටෙන් වියා ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

පයට ගිගිරි  කොහෙන් ගෙනා
විසල් පුරෙන් තිළිණ ගෙනා
ඔය පයට ගිගිරි  කොහෙන් ගෙනා
විසල් පුරෙන් තිළිණ ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

නෙතෙහි කැළුම් කොහෙන් ගෙනා
සඳට හොරා සිසිල ගෙනා
ඔබෙ නෙතෙහි කැළුම් කොහෙන් ගෙනා
සඳට හොරා සිසිල ගෙනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...//

රඟන ඔබේ මුවග සිනා
හදට මගේ තුරුලු වුණා
රඟන වෙසින් මුවට ගෙනා
කුමට මගේ ඔබට සිනා

රඟනා ළඳුනේ
ඔබෙ රූ දිලුනේ ...////.

ගායනය - ඉන්ද්‍රාණි පෙරේරා සහ ක්ලැරන්ස් විජේවර්ධන
පද - ක්ලැරන්ස් විජේවර්ධන
තනුව - ක්ලැරන්ස් විජේවර්ධන

Sunday, March 29, 2015

අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්




අතැඟිලි බැඳුනේ ඇයි මේ විලසින්
ඔබ හමුවෙන්න කලින්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ඔබ ළඟ ඉන්නට
ඔබ ලැබ ගන්නට
මා හට නොමැත වරම්
මිහිපිට මා හට
නැහැ වෙන සතුටක්
ඔබෙ රුව දකින තරම්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිත සිත ඔබ ගැන
දින දින ළතවෙමි
වෙන මා කරමි කුමක්
හමුවුණෙ ඇයි අපි
ඇසුරු කරන්නට
එය මා සිතට දුකක්
‍සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

සිතු පැතු සැම දේ
නැහැ ඉටුවෙන්නේ
ලොව අපි පතන ලෙසින්
මතු එක්වෙන තුරු
යළි වෙන්වෙමු අපි
ඔබ හට ආයුබොවන්
සෙනෙහස ඔබගේ
කෙලෙස විඳින්නද
අන්සතු ළඳකි මෙ මං

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - එච්.එස්. පෙරේරා
තනුව හා සංගීතය - අ'නස්ට් සොයිසා

සා පැටවුන් මුව පොව්වන්


සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්

කිරි මුහුදේ පෙන බුබුළකි
පුතු සැතපෙන යහනා
සේපාලික මල් පොකුරකී
පුතුට දෙන්න යහනා
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
බාලොලි ලොලි බිලිඳු මුවේ
මානෙල් මල් සුවඳ තියේ

සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්

ගඟට උඩින් කිරි වවුලෝ
පියාඹලා යාවී
කිරි මදු වැල් ගංගාවකින්
පුතුට අරන් ඒවී
මගේ පුතා කොතැන ගියේ
මානෙල් මල් විලට ගියේ
බාලොලි ලොලි බිලිඳු මුවේ
මානෙල් මල් සුවඳ තියේ

සා පැටවුන් මුව පොව්වන්
පැන පැන අතු ඉති අතරින්
මා පුතුනේ රත්තරනින්
කිරි සිහින අරන් එනවා
සා පැටවුන් මුව පොව්වන්

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව හා සංගීතය - ස්ටැන්ලි පීරිස්

Saturday, March 28, 2015

නෙල්ලි කැලේ වැල්ල දිගේ




නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා ...//

උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ
දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ ...//
සිතූ පැතූ සේ නෑකම් කියා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා

කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ
කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ ...//
මගේ කතාවේ ඒ පෙම්වතා

නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා
ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා
තව නොදුටූ ඔහුටයි මේ අරාධනා
කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා ....//

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්

තනුව හා සංගීතය - සරත් දසනායක

පෙම් රස වෑහෙන මංගල ගීතේ


පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ

පෙම් කතරේදී දෑස නිවාලන අවාරයේ ආ
පිනි වරුසා වේවා ...//
ඒ පෙම් කතරේ මා එන අතරේ
තනි තරුවක් සේ පා වේවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
මී වද සුවඳ සදා දේ

සසර සැඳැල්ලේ නැගුණු සුපෙම් සඳ මැකී නොයේවා
සදාතනික වේවා ...//
සසරෙන් සසරේ එන්නෙමි මිහිරේ
ධීවරියක් සේ මා එනවා

පෙම් රස වෑහෙන මංගල ගීතේ ජීවිතේ
මධුරස වෑහෙනා (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)
ආදර නැකත ළඟා වේ

නිල්වන පියසේ පුංචි කැදැල්ලේ ආදරේ
දෙතොල'ග ගී සැරේ (හ්ම් හ්ම් හ්ම් හ්ම්ම්)

මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ
මී වද සුවඳ සදා දේ
ආදර නැකත ළඟා වේ .....///.

ගායනය - ඉන්ද්‍රානි පෙරේරා සහ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - සෝමපාල ලීලානන්ද
තනුව හා සංගීතය - සරත් දසනායක
"කස්තුරි සුවඳ" චිත්‍රපටිය සඳහා ගායනා කරන ලදී.