Showing posts with label ප්‍රේමනාත් ජයතිලක. Show all posts
Showing posts with label ප්‍රේමනාත් ජයතිලක. Show all posts

Tuesday, March 17, 2015

කොත්තිලාක්කු පහන

කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට ...//

රෑ නිදිමත එනතුරු පෙර කතා අහන්නට
ඉතින් ඉඩක් නැහැ අම්මගෙ දෙපසින් ඉන්නට
අඩක් ඉතිරි කළ අහරේ රහක් බලන්නට
පිනක් නැහැ වගේ අයියේ දැන් මේ නංගිට

කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

ඉස්සර විදියට මගෙ අයියට සළකන්නට
නැති හින්දයි හේතුව මේ හැටි දුක් වන්නට
දොසක් කියන්නේ නැහැ මම මගෙ නෑනණ්ඩිට
වෙනස් කමක් කරන්නෙපා කවදාවත් මට

කොත්තිලාක්කු පහන තිබේ පෙට්ටගමක් යට
කුප්පි ලාම්පුව හිමිවී ඇත මුළුතැන්ගෙට
අළුත ගෙනා ලාම්පුවේ එළිය දකිනවිට
අයියණ්ඩිගෙ හිතට සතුට වැඩිවෙයි හරියට

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමනාත් ජයතිලක
තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක