Showing posts with label කවීෂ විජේසූරිය. Show all posts
Showing posts with label කවීෂ විජේසූරිය. Show all posts

Tuesday, January 15, 2019

මුතු පිණි කැට රෑ පුරාම


මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම්
මලක් ළඟට වෙලා ඉන්න සමනළයෙක් නම්
පාන්දරින් මල් සුවඳක් පාවී එනකන්
අවදිවෙලා බලා ඉන්න කුරුළු පැටිය මං ...//

කොක් හාමිගෙ කුරුමානම
මගහරිනා හැටි දැනගෙන
වක්කඩ ළඟ ඇලේ නටන තිත්ත පැටිය මං ...//
පුංචි මොළෙන් හුඟක් දුරට හිතන බබෙක් මං

ඉබ්බ එක්ක ඔට්ටු තියලා
කාලය ගත වෙනකන් ඉඳ
නින්ද ගිහිං පරාදවුනෙ හා පැටියා නම් ...//
කම්මැලිකම් පරාද කළ හොඳ ළමයෙක් මං

මුතු පිණි කැට රෑ පුරාම කඩා වැටෙනකම්
මලක් ළඟට වෙලා ඉන්න සමනළයෙක් නම්
පාන්දරින් මල් සුවඳක් පාවී එනකන්
අවදිවෙලා බලා ඉන්න කුරුළු පැටිය මං

ගායනය - කවීෂ විජේසූරිය
පද රචනය - යමුනා මාලිනී පෙරේරා
තනුව - ජානක පෙරේරා