Thursday, December 27, 2018

අනුරාපුර පොළොන්නරුව



අනුරාපුර පොළොන්නරුව සීගිරි මන බන්දනීය
කුළුණු පිළිම බිතු සිතුවම් නන් සිතුවිලි රන්ජනීය
නන් සිතුවිලි රන්ජනීය
නන් සිතුවිලි රන්ජනීය

පස් පියුමින් පිරුණු පොකුණු රේණු හැළී රන් පාටය
ඉන් නැහැවී නිල් ගැන්වෙන ගොයම් තලා පින් පාටය
ගොයම් තලා පින් පාටය
ගොයම් තලා පින් පාටය

වසන්තයේ හිරිමල් වන බිඟු ගී මිහිරෙන් පිරෙන්නෙ
මහියංගන කැලේ සැදෙන මීවද වල පැණි පෙරෙන්නෙ
මීවද වල පැණි පෙරෙන්නෙ
මීවද වල පැණි පෙරෙන්නෙ

මින්නේරිය අබය වාපි තෝපා ගිරිතලේ සිරිය
විසිතුරු ඇති ගී ගයන්න සරසවි දේවිටත් බැරිය
සරසවි දේවිටත් බැරිය
සරසවි දේවිටත් බැරිය

පෝය හඳේ පිල් විහිදා මොණර නිලෙන් නටන තාල
මල් දේදුනු රටක් කරයි රෑසි හඬන රුහුණු යාල
රෑසි හඬන රුහුණු යාල
රෑසි හඬන රුහුණු යාල

සිහින් සේල ඉඟ ලා ගත් පළුඟු කුමාරියක රුවට
දියළුම දිය ඇලි දේවිය සිහින ලොවක් කෙරෙයි අවට
සිහින ලොවක් කෙරෙයි අවට
සිහින ලොවක් කෙරෙයි අවට

නංගා නිල්වලා මාල හංගා නිල් කැට දිය යට
ගංගා ලිය ගලා බසියි ගිරි පෙළ කරවා පියගැට
ගිරි පෙළ කරවා පියගැට
ගිරි පෙළ කරවා පියගැට

පනාමුරේ කුංචනාද රැව් පිළිරැව් දෙයි දෙවේලෙ
තාලෙට ගොවි බිමට බසියි කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ
කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ
කිරි ඉතිරෙන කුණ්ඩසාලෙ

වෙසක් මහේ කැකුළු බුරුතු හිනැහී ඇස් නටවන විට
ගසක් නෑර හැම ලැහැබම පෙරැළෙයි මනමාලියකට
පෙරැළෙයි මනමාලියකට
පෙරැළෙයි මනමාලියකට

මාල ගිරා රංචු සැදී ජයමංගල ගී ගයන්නෙ
කජු නාඹර නරඹන විට ඒ ගැයීම නත‍රවන්නෙ
ඒ ගැයීම නත‍රවන්නෙ
ඒ ගැයීම නත‍රවන්නෙ

සීගිරි ගිර සරසන කැඩපත් පවුරට එබී බලන
දෙනෙතට හමුවෙන්නෙ ලොවෙකි සිඟිති කලා පිළිබිඹු වන
සිඟිති කලා පිළිබිඹු වන
සිඟිති කලා පිළිබිඹු වන

පේන මාන නිල් හැඩ වන් ඌව තලා සුන්දරීය
මිණි මුතු මතැ වැඩෙන අපේ ලක් මව හරි පින්බරීය
ලක් මව හරි පින්බරීය
ලක් මව හරි පින්බරීය

ගායනය - අයිවෝ ඩෙනිස් සහ පිරිස
පද - මර්සිලින් ජයකොඩි පියතුමා

ප්‍රකට විරිඳු නාද රටා ඇසුරින් සංගීත අදියුරු - සුනිල් සාන්ත

1956 දෙසැම්බර් 28 දින මුල් වරට තිරගතවූ රේඛාව චිත්‍රපටියේ ඇතුළත් වූ විරිඳු ගැයුමකි.

No comments: