Showing posts with label නිරංජලා සරෝජිනී. Show all posts
Showing posts with label නිරංජලා සරෝජිනී. Show all posts

Monday, January 14, 2019

සීතා ගීතා මේ බලන්නකෝ

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...//

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

බෝගන්විලා පැල උදුරාලා //
මමම හැදුව මගෙ තක්කලි කොටුවේ
පොකුරු පොකුරු හැදුනා හැම නටුවේ
ඒව විකුණා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා //

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...//

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

පස පෙරළලා ගිණි අවුලාලා //
මමම හැදුව මගෙ පොඩි මුං හේනේ
ඵල ඇතිවී තිබුනා පැළ ගානේ
ඒව විකුණා කාසි ගෙනල්ලා
කාසි විකුණලා ඇඳුම් ගෙනල්ලා
ඇඳුම් කට්ටලේ මහගත්තා //

සීතා ගීතා මේ බලන්නකෝ
ලස්සණ මගෙ මේ ඇඳුම් කට්ටලේ
ලස්සණ අවුරුදු ඇඳුම් කට්ටලේ

ආනේ නීතා
කොයින්ද ඔයාට ලැබුනේ ...////

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - චන්ද්‍රසේන රංගේ
තනුව - අමිතා වැදිසිංහ (දළුගම) ? වික්ටර් දළුගම ?

Sunday, January 13, 2019

අන්න අන්න නැගෙනහිරින්


අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරග නඟනවා //

අසබඩ දිය පිරි වැව් දැක ගොයම සිනාසේ //
ලක් පොළවේ සරු බව දැක ගොයම සිනාසේ
සිරි ලක පැතු මුදු හිරු දැක ගොයම සිනාසේ
වල් නෙලුමට යන අප දැක ගොයම සිනාසේ //

අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තරග නඟනවා //

ඈත ඈත අර බලන්න හරි මැද කුඹුරේ //
රන් කරලක් කිරි වැදිලා බත් පැල අතරේ
පුංචි අපේ ඩාබිදුවල මහිමය පැතිරේ
අපේ හිතත් කිරි වැදිලා සොම්නස ඉතිරේ //

අන්න අන්න නැගෙනහිරින් හිරු පායනවා //
වෙල් යායේ නිල්වන් පැල සුළඟෙ නටනවා //
සිනාසිසී රන් හිරු රැස් කිරණ සලනවා
වෙල අද්දර වැවේ වතුර තර නඟනවා //

ගායනය - නිරංජලා සරෝජිනී සමග ගීතා කාන්ති ජයකොඩි
පද රචනය - අඥාතයි
තනුව - අඥාතයි

Sunday, December 30, 2018

සුදු වැලි මතුපිට




සුදු වැලි මතුපිට
දිය බිඳු ඉස ඉස
වැලි සෙල්ලම් බත් පිසූ අතින්
සමව බෙදා දුන් නිමල සිතින් ...//

මතු මහ මිනිසෙකු වූ දවසේ //
රට වැසි දන හට වැඩ කළ මැන මගෙ
පුංචි පුතේ මගෙ පුංචි පුතේ //


එකම පිඟානෙන් බත් කාලා
එක පැදුරේ නිදියා ...//
එකට හිනාවෙන එකට හඬන ඔබෙ පුංචි මිතුරු පිරසයි
හෙට සොහොයුරු ජනතා වන්නේ ///

සුදු වැලි මතුපිට
දිය බිඳු ඉස ඉස
වැලි සෙල්ලම් බත් පිසූ අතින්
සමව බෙදා දුන් නිමල සිතින් ...//

ගායනය - නිරංජලා සරෝජිනී
පද - මෛත්‍රී පනාගොඩ
තනුව - ලයනල් අල්ගම

Wednesday, December 28, 2016

නිර්මලා ලොන්ඩරිය හිමි

නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල් වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවෙන් පිටමං කළා

පන්තියේ මිතුරන් එදා  කළ
විහිලුවෙන් හිත රිදුණු දා
මා හෙළූ කඳුළක් මගේ දින පොතක තිබිලා හමුවුණා

යුදවැදී නෑසියන් බලමුළු
අපේ ලොව ගිනි වැදුණු දා
මා හෙළූ කඳුළින් තෙමූ  සළුපිළි තවම නෑ වේලිලා

දොවාලන්නට බැරි පිළී ගඳ
කහට කුල මළ  තවරලා
මගෙ ඇඳුම් ඔරබ අතට දෙන එක
දරන්නට බෑ නිර්මලා

එදා සෙනෙහස නොකිළිටිව ඔබෙ
හිතපුරා පවතින නිසා
හිමි නැතත් මට හුරු සුවඳ ඒ
ඇඳුම් අතරේ තියෙනවා

නිර්මලා ලොන්ඩරිය හිමි
සළු වඩන මැණිකේ නිර්මලා
මල් හිනා නුඹෙ තැවරිලා
කිරි ඉද්ද මල් වැට පීදිලා

කුල ගෙවල් සැරසිලි කළත් අපි
සළු වඩා පාවඩ එලා
නිර්මලා නිර්මල නැතැයි මා
ඔබෙ ලොවෙන් පිටමං කළා

ගායනය - විශාරද ගුණදාස කපුගේ සහ නිරංජලා සරෝජිනී
පද රචනය - රත්න ශ්‍රී විජේසිංහ
තනුව - විශාරද ගුණදාස කපුගේ

Wednesday, September 28, 2016

සීතල පිනි මත

සීතල පිනි මත මල් පෙති විසිරෙන
දවස උදාවක සතුට උදාවේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවන්නේ පෙරුම්පුරා

දෙනෙතට ළංවී රහස් කියන්නට
දෑතට සිරවී සෙනෙහෙ විඳින්නට
මා ඔබ හමුවේ
ඔබ මා හමුවේ
අරුණළු කැන්දන හිමිදිරියේ

හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන
කාලය අතරේ සතුට රැඳේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවූයේ පෙරුම්පුරා

යුග ගණනක් පැතු පැතුම් සඵල වී
වසර ගනන් සිතු සිතුම් සඵල වී
වසන්ත ගොමුවේ
ඔබ මා තනිවේ
තරු මල් කැන්දන සඳ යහනේ

හිරු සඳු හමුවේ මල් පෙති හිනැහෙන
කාලය අතරේ සතුට රැඳේ
ලවන් සිනා මල් හද ගැබ රන්දා
අප හමුවූයේ පෙරුම්පුරා

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිරංජලා සරෝජිනී
පද - කුසුම් පීරිස්
තනුව - රෝහණ වීරසිංහ

Wednesday, September 14, 2016

කුරුළු ගීත හඬ මකලා

කුරුළු ගීත හඬ මකලා
මල් පාවඩ බිම හළලා
මගේ ලොවේ සුව වනසා
සැනසුම උණුසුම පලවා
කවුරුන්දෝ එනු දැනුණා

ගහේ වැලේ මල් පිපිලා
කුරුළු පුරේ ගී හැදිලා
ඒ ලස්සන මල් බලන්න
කුරුළු ගීතිකා අහන්න
ආවෙමි සතුටින් පිරිලා

තනිකම සතුටයි දුන්නේ
මිනිස් හඬක් නෑ සෙව්වේ
නොම දී ළඳකට සෙනෙහස
අහකට විසි කළ හින්දා
මේ ලස්සන මට ලැබුණේ
මට ලැබුණේ

කුරුළු ගීත හඬ මකලා
මල් පාවඩ බිම හළලා
මගේ ලොවේ සුව වනසා
සැනසුම උණුසුම පලවා
කවුරුන්දෝ එනු දැනුණා

ගහේ වැලේ මල් පිපිලා
කුරුළු පුරේ ගී හැදිලා
ඒ ලස්සන මල් බලන්න
කුරුළු ගීතිකා අහන්න
ආවෙමි සතුටින් පිරිලා

අහකට විසි කළ සෙනෙහස
කුරුළු තුඩින් මට ලැබුණා
මල් පෙති අග රැඳි සෙනෙහස
සුවඳ බිඳෙන් මට ලැබුණා
අරුමයකි පුදුමයකි
ඒ සෙනෙහස මට ලැබුණා

අරුමයකි පුදුමයකි
ඒ සෙනෙහස මට ලැබුණා ...///..

ගායනය - එඩ්වඩ් ජයකොඩි සහ නිරංජලා සරෝජිනී
පද - දයා ද අල්විස්
තනුව - සෝමපාල රත්නායක

Friday, April 3, 2015

සීපද රාවේ

රෑ ....
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී ....
හීනෙකින්  හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

රෑණ බඹරු වටකර ගත් වැටකේ මල වැන්නේ
නුඹෙ රූ වරුණා සීපද මට කියන්න හිත දෙන්නේ

මී ....
මීරකින් කීවොතින් ගී කවි සින්දු
ගී කවි සින්දු
 ....
ආදරෙයි කෝළ පෙම් රූබර ලන්දු
රූබර ලන්දු

හවුහරණෙට පැල ඉණි වැට විතරයි කලඑළියේ
මා කාන්සියේ රෑ වරුවම හිරිමල් හුරතලියේ

පා ....
පාළුවේ රෑ දවල් කිමද තැවෙන්නේ
කිමද තැවෙන්නේ
ගං ....
ගංගොඩින් කවුරු හෝ කැන්දන් එන්නේ
කැන්දන් එන්නේ

නපුරු බහට සුබා රුසිරු අඩුවක් නොම වන්නා
රෑ බැත පාගන කමතෙදි කවි කියමුද අපි දෙන්නා

රෑ ....
රෑ හඳේ හේනකින් සීපද ඇහුනයි
සීපද ඇහුනයි
හී
හීනෙකින්  හඬට මගෙ හිත බැඳුනයි
මගෙ හිත බැඳුනයි

ගායනය - පණඩිත් ඩබ්.ඩී. අමරදේව සහ නිරංජලා සරෝජිනී
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය ප්රේමසිරි කේමදාස

Wednesday, March 18, 2015

මලක් නැති ගසක් වී

මලක් නැති ගසක් වී හුදකලා වූ නුඹට
එකම එක මලක් වී සුවඳ දුන්නෙමි කලෙක
වසන්තය අලුත් මල් අතු පුරා ගෙනෙන විට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

ඝන අඳුරු රැයක් වී හැඬූ විට ජීවිතය
පැතුම් දී එළි කළෙමි පුංචි තරුවක් විලස
සිනාසෙන පුරා හඳ වඩින දා පෙර මඟට
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිතින් දුක දරාගමි එය කියන්නේ කෙලෙස
රුවන් මාළිගාවක පහන් දල්වනු කුමට
ඉඳ හිටක සොයද්දී යටගියාවේ මතක
සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට

සිනාසෙනු මැන එදින
මට නොවේ මගෙ හිතට ...//

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - දයා ද අල්විස්
තනුව - සෝමපාල රත්නායක




Song - Malak Nethi Gasak Wee
Singer - Niranjala Sarojini
Lyricist - Daya de Alwis
Composer - Somapala Rathnayaka

පහන් පැල ළඟ

පහන් පැල ළඟ එලා කිරි හිනා හදවතේ
වැඩට ගිය පියාණන් ගෙදර එනතුරු එදා
වැලි වලින් පිසූ බත් හීල් වෙන්නට නොදී
මඟ බලා උන්නෙමී
ආදරෙන් ආදරෙන්

සඳකඩක් මෙන් එලා නව යොවුන් සෙනේහේ
සසල දෙනෙතින් ඔබේ මුහුණ දකිනා තුරා
දොරකඩට වී සිනා පොකුරක් ව පිබිදිලා
මඟ බලා උන්නෙමී
ආදරෙන් ආදරෙන්

පැය ගණන් දහවලේ දවස හා පොර බදා
සැනසුමක් ලබන්නට හිරු නිවා සතපවා
හිමි මගේ නිවහනට අදත් වඩිනා තුරා
ඉඳිමි මම මඟ බලා
ආදරෙන් ආදරෙන්

වසර ගණනක් ගෙවා ජීවිතේ කෙළවරේ
නිවී යන දුබල නෙතු වෙව්ලමින් මව් පෙමින්
තුරුණු විය පත් අපේ පුතණු ගෙට එනතුරා
මතුත් මඟ බලා ඉමි
ආදරෙන් ආදරෙන්

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

(මෙම ගීයෙහි තනුව සෝමපාල රත්නායකයන්ගේ බවට තැනෙක සඳහන්ව ඇත. එය සාවද්‍යය. )


නුඹේ ඇසට ඇස තියලා

නුඹේ ඇසට ඇස තියලා බැලූයෙමී
කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී
නුඹේ කණට කණ තියලා ඇසූයෙමී
කිසියම් හඬක් පිළිරැව් දී තුනී වුණී

ඒ කවුරුන්ද මා විපරම් කෙරූයෙමී
ඒ හැම වරෙක නුඹ නොදොඩා සිනාසුණී

මා අත් ඇඟිලි නුඹ අතැඟිලි වෙලා වුණී
මා ගත සුවඳ නුඹෙ සියොළඟ වසා වුණී
දුක් ගිනි සා පවස දැණුනෙද එකා මෙනී
නුඹ මම යයි මම නුඹ යයි කියා වුණී

මගේ ඇසට ඇස තියලා බැලූ සඳේ
කිසියම් රුවක් ඇස් අතරේ මුවා වුණී
මගේ කණට කණ තියලා ඇසූ සඳේ
කිසියම් හඬක් පිළිරැව්‍ දී තුනී වුණී

ඒ කවුරුන්ද යළි විපරම් නොකළ මැනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ
ඒ ඔබ මිසක වෙන කවුරුද සුවාමිනේ

ගායනය - නිරංජලා සරෝජිනී සමඟ ආචාර්ය වික්ටර් රත්නායක
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

සුවඳින් පිබිදී වතුසුදු කැකුළිය

සුවඳින් පිබිදී වතුසුදු කැකුළිය
පිනි සළු දවටනු මට පෙනුණා
සිහින් සරින් කාටත් හොර රහසේ
මා හා හිනැහෙණු මට ඇසුණා
ඇයි මල් කැකුළේ සිනාසුණේ ඔබ
ඇයි ඔබ සිනාසුණේ

ඔබෙ හිත හඳුනා සිනාසුණා මම
සතුටක් රැඳුන නිසා
ලොවට හිතන්නට ඒ සතුටේ වග
අද මා සිනාසුණා
ඔබ හා සිනාසුණා

සැන්දෑ යාමේ ඒ මල් කැකුළී
දෙරණත සැතපෙණු මට පෙනුණා
නොපෙණෙන ලෙස කාටත් හොර රහසේ
ඉකිබිඳ වැලපෙණු මට පෙනුණා
ඇයි මල් ළඳුනේ වැළපෙන්නේ ඔබ
ඇයි දැන් වැළපෙන්නේ

උදෑසනින් මා ඔබේ හිතේ දුටු
සොම්නස දැන් නැත්තේ
සතුටක කාලය කෙටි බව දැනිලයි
මා දැන් ඉකිබින්ඳේ
ඔබ හා ඉකිබින්ඳේ

සුවඳින් පිබිදී වතුසුදු කැකුළිය
පිනි සළු දවටනු මට පෙනුණා
සිහින් සරින් කාටත් හොර රහසේ
මා හා හිනැහෙණු මට ඇසුණා

ඇයි මල් කැකුළේ සිනාසුණේ ඔබ
ඇයි ඔබ සිනාසුණේ ...///

ගායනය - නිරංජලා සරෝජිනී සහ ආචාර්ය වික්ටර් රත්නායක
ගී සංකල්පනාව - දයා ද අල්විස්
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

Tuesday, March 17, 2015

බුදුන් මෙ තුන් ලොව උත්තම

බුදුන් මෙ තුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
උඩින් වඩින ඉර හඳ වන්
එ රන් පහන අම්මා
නොහිම් රකනිටා බඹ ලෝ
විසල් නොනිමි අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

මහ බෝසත් සයුරු ගෙවා කරින් වැඩමු අම්මා
වංකගිරියෙ ඵල නෙළමින් දරුවන් රැකි අම්මා
සත් වස සීවලී මහිමි කුසේ වැඩූ අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

සතර කුලේ සතර මහා නිධන් වටින අම්මා
සතර මහා ගංගාවට සිහිල දෙවන අම්මා
සතර අපා වල නොවැටී නිවන් දකින අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

බුදුන් මෙ තුන් ලොව උත්තම
බුදුන් සදිසි අම්මා
උඩින් වඩින ඉර හඳ වන්
එ රන් පහන අම්මා
නොහිම් රකනිටා බඹ ලෝ
විසල් නොනිමි අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා
බුදුන් වඳින අත් බැඳ බැඳ
වඳිනෙමි මගෙ අම්මා

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව - ආචාර්ය වික්ටර් රත්නායක

යුග යුග ගානේ

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ
යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා

ආදර තරඟ නැඟේ
මේ පෙම් විලෙහි ජලේ
මා සිත ඔකඳ වුනේ ආදරයටයි ඔබේ

ඔබ හැම භවයේ සෙවනැල්ලක් සේ
මා සමගම ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැදිලා
ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා

මා ලද ළබැඳි සෙනේ මා සිත පුබුදු කලේ
මා ඔබ නිරන්තරේ ආදර ලොවක රැඳේ
රුදු මරු කතරේ දිය බිඳුවක් වී
මා ඔබ වෙත ආවා

යුග යුග ගානේ එක මඟ ආවේ
ආදරයෙන් බැඳිලා

ඔබ හිරු වාගේ දිවියට මාගේ
ආලෝකය දුන්නා
මා පැතුවා සේ ආදර දෑසේ
පෑහෙන ආදරයේ

ගායනය - නිරංජලා සරෝජිනී සහ අබේවර්ධන බාලසූරිය
පද රචනය - හේමසිරි හල්පිට
තනුව සහ සංගීතය - සරත් ද අල්විස්

නාගල ගං වීදියේ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී ...//

කැලණි ගඟාණෝ උතුරා ගං වතුරත් ගැලුවා
වතුර බැස්ස සුමානෙ අග අපි උඹවත් හෙව්වා

වැලි ගල් රොන් මඩ ගඳ නම් උහුලන්නට බෑ
කටසැර අම්මණ්ඩි කොහේද කවුරුත් දන්නෑ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී

ඔහේ පාළුවට ගිය ඒ ලෑලි පැලත් වනසා
බුල්ඩෝසර් ගියා දොහොක මහ ගජ සෙන් විලසා
අනේ අනිච්චං කියලා කියූ කෙනෙක් නෑ
කටසැර අම්මණ්ඩි කොහෙද දන්න කෙනෙක් නෑ

නාගල ගං වීදියේ
වතුර ගැලූ වංගියේ
තෙමිච්ච කිකිළි වගේ
ලෑලි පැලේ උඹ උන්නා
කට සැර අම්මණ්ඩී

ගායනය - නිරංජලා සරෝජිනී සමග ගුණදාස කපුගේ
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව  - එච්. එම්. ජයවර්ධන

ඔබත් මාත් අතරේ



ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්ත‍යක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා ...//

සිනහ වුණොත් ආදර හිත් සුවඳ වෙවී
හෙට දවසේ ලෝකය තව ලස්සන වේවී ...//
ඒ ලස්සන ලෝකය මත අප හිනැහේවී

ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්ත‍යක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා

පෙම් බස් මුමුණන විට අප හඳ හෙවනේ
තව ලොවකට යන මාවත අපට පෙනේවී ...//
ඒ මාවත තරු එළියේ එළිය කරාවී

ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත
ඈත ඈත අනන්ත‍යක මල් අහුලනවා
ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා
ඔබත් මාත් අතරේ

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - රඹුකන සිද්ධාර්ථ හිමි
තනුව  - ආචාර්ය වික්ටර් රත්නායක

ඔබෙත් මවයි ඇය

ඔබෙත් මවයි ඇය
මගෙත් මවයි ඇය
ප්‍රාණය හද තුළ ගැසෙන තුරු
සියවස් දහසක් රැකගත් නිදහස්
උරුමය අයිතිය රැකිය යුතු

අධිරද බල මුලු දෙපයට යටවී
ඇය පෙර විඳි දුක් සිතිය යුතු
අවියද නැතහොත් සවියද දිය යුතු
ඇය හට දරුවෙනි නැවත මතු

ඇයගේ කෙත් ළැම කිරි වැදි උයනින්
ලැබ ගත් ශක්තිය සිරුර සතු
ඇය වට සමුදුර වෙනුවට අත් බැඳ
වළලු හැදී අප සිටිය යුතු

කොතැනත් උතුරයි
කොතැනත් දකුණයි
කොතැනත් එක ඉර හඳ ඇති නම්
කොතැනත් දරුවොයි
ඇයගේ දරුවොයි
කුල ගොත් දෑ කුමටද මායිම්

ඔබෙත් මවයි ඇය
මගෙත් මවයි ඇය
ප්‍රාණය හද තුළ ගැසෙන තුරු
සියවස් දහසක් රැකගත් නිදහස්
උරුමය අයිතිය රැකිය යුතු

ගායනය - නිරංජලා සරෝජිනී
පද රචනය - ප්‍රේමකීර්ති ද අල්විස්
තනුව සහ සංගීතය - සෝමපාල රත්නායක

ගෙල වට බැන්දා වූ මුතු පොටේ

ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ

සෙංකඩගලපුර පෝදා හඳ මෙනි
මේ මුතුමැණිකේ ලා
දළදා සමිඳුන් වැඩ හිඳිනා බිම
නෑ සුබ නෑ ඕවා ....//

ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට  මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

කාගේ කවුරුද ඉන්නේ කොතැනද
නෑ අපි අඳුනන්නේ
ආගන්තුක අපි ආවම කඳුරට
නැතුවද පිළිගන්නේ ...//

කෝකිල සංදේශ කවි පොතේ
ඔය වැනි උපමා ද තව ඇතේ
රුවැති ළඳකට තනිව මඟ තොට
යන්න නිදහස දැන් නෑ වගේ

ගෙල වට බැන්දා වූ මුතු පොටේ
දිස්නෙට  මූණේහි ඔප වැටේ
ඔසරි නෙරියට නළල් තිලකෙට
බැන්ද සිතු පෙම් ආනන්ද වේ

ගායනය - නිරංජලා සරෝජිනී සහ ප්‍රියා සූරියසේන
පද රචනය - ආචාර්ය අජන්තා රණසිංහ
තනුව සහ සංගීතය - ප්‍රියා සූරියසේන


යශෝධා විමලධර්ම මහත්මියගේ ඡායාරූපය "Kandian Sarees" විලාසිතා දැක්මෙනි.